BREAKING
බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●ඉරාන තෙල් නැව් රැසක් ලංකා මුහුද අසල සිරවෙයි●කොළඹ පොත් ප්‍රදර්ශනයට යන ඔබගේ සෞඛ්‍යාරක්ෂාවට මඟපෙන්වීමක්●SDIG රන්මල් ඇතුළු පිරිසගේ මාරුවීම් පොලිස් කොමිසමෙන් ප්‍රතික්ෂේපයි●
Top Ad
පුවත්

රාජපක්ෂවරුන් රැසකට එරෙහි මූල්‍ය විමර්ශන වේගවත් වෙයි | ශිරන්ති ගෙන් ප්‍රකාශයක් ගන්නැයි FCIDයට උපදෙස්

T

The Leader Desk

September 14, 2026 • 4:51 PM

රාජපක්ෂවරුන් රැසකට එරෙහි මූල්‍ය විමර්ශන වේගවත් වෙයි  | ශිරන්ති ගෙන් ප්‍රකාශයක් ගන්නැයි FCIDයට උපදෙස්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිරිලිය, එයාර්බස් සහ ඉඩම් ගනුදෙනු ගැන පරීක්ෂණ එකවර කරළියට
  •   රාජ්‍ය බැංකුවක සුදුවැල්ල ශාඛාවේ තිදෙනෙකුගේ හවුල් ගිණුමක් ලෙස පවත්වාගෙන ගිය මෙම ගිණුම සඳහා ශිරන්ති රාජපක්ෂ ගේ 222222222V දරණ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කර තිබීම මීට පෙරද දැඩි කතාබහට ලක්වූ කරුණකි.
  • රිජ්වේ ආර්යා ළමා රෝහලට පරිත්‍යාගයක් ලෙස ලැබුණු වෛද්‍ය උපකරණ සහ රාජ්‍ය අරමුදල් අවභාවිතය පිළිබඳ මීට පෙර ආරම්භ කෙරුණු විමර්ශන මාලාවේ ඉදිරි පියවරක් ලෙස, ඉදිරි දිනකදී ඇයගෙන් අදාළ ප්‍රකාශ ලබාගැනීමට FCIDය සූදානම් වන බව සඳහන් වේ.
  • නීතිපති උපදෙස් මත නාමල් රාජපක්ෂ ද මෙම මුදල් විශුද්ධිකරණ නඩුවට ඇතුළත් කර ඇති අතර, ඔහු ලබන 16 වනදා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.
අකුරු ප්‍රමාණය (Font Size):


"නීතිය කාටත් එකයි; පරීක්ෂණ කාලය අවසන්" - ජනපතිගෙන් අනතුරු ඇඟවීමක්  

 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ පවුලේ සාමාජිකයින් කිහිපදෙනෙකු සම්බන්ධයෙන් මෙතෙක් විමර්ශන මට්ටමේ පැවති මූල්‍ය අක්‍රමිකතා සහ දූෂණ චෝදනා කිහිපයකට අදාළ නීතිමය පියවර ගැනීම් එකවර තීව්‍ර වී ඇති බව වාර්තා වේ.  

විශේෂයෙන්ම හිටපු ජනාධිපති ආර්යාව, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මෙන්ම යෝෂිත සහ රෝහිත යන පුතුන් ඉලක්ක කරගනිමින් මෙම විමර්ශන හා අධිකරණමය ක්‍රියාමාර්ග අලුත් වටයකින් ක්‍රියාත්මක වීමට පටන්ගෙන තිබේ.  


'සිරිලිය සවිය' ගිණුමේ අක්‍රමිකතා සහ නීතිපති උපදෙස්  

මහින්ද රාජපක්ෂ පාලන සමයේ ආරම්භ කරන ලද 'සිරිලිය සවිය' ගිණුම හරහා සිදු වූ බව කියන සැකකටයුතු ගනුදෙනු සහ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ ගෙන් ප්‍රකාශයක් සටහන් කරගන්නා ලෙස නීතිපති දෙපාර්තමේන්තුව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට (FCID) උපදෙස් ලබා දී තිබේ.  

රාජ්‍ය බැංකුවක සුදුවැල්ල ශාඛාවේ තිදෙනෙකුගේ හවුල් ගිණුමක් ලෙස පවත්වාගෙන ගිය මෙම ගිණුම සඳහා ශිරන්ති රාජපක්ෂ ගේ 222222222V දරණ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කර තිබීම මීට පෙරද දැඩි කතාබහට ලක්වූ කරුණකි. රිජ්වේ ආර්යා ළමා රෝහලට පරිත්‍යාගයක් ලෙස ලැබුණු වෛද්‍ය උපකරණ සහ රාජ්‍ය අරමුදල් අවභාවිතය පිළිබඳ මීට පෙර ආරම්භ කෙරුණු විමර්ශන මාලාවේ ඉදිරි පියවරක් ලෙස, ඉදිරි දිනකදී ඇයගෙන් අදාළ ප්‍රකාශ ලබාගැනීමට FCIDය සූදානම් වන බව සඳහන් වේ.  


එයාර්බස් ගනුදෙනුව සහ නාමල් රාජපක්ෂ නම් කිරීම  

මේ අතර, ශ්‍රී ලංකන් ගුවන් සේවය වෙනුවෙන් එයාර්බස් (Airbus) ගුවන් යානා මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී සිදුවූ බව කියන දැවැන්ත මූල්‍ය අක්‍රමිකතා සහ මුදල් විශුද්ධිකරණ සිදුවීමට අදාළ නඩුවේ සැකකරුවෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ නම් කර තිබේ.  

එක්සත් රාජධානියේ බරපතළ වංචා විමර්ශන කාර්යාලය (SFO) මගින් සිදුකළ හෙළිදරව්වලට සමගාමීව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන මෙම නඩුවේදී, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන ඇතුළු පාර්ශ්ව රැසක් මීට පෙර සැකකරුවන් බවට පත්විය. නීතිපති උපදෙස් මත නාමල් රාජපක්ෂ ද මෙම මුදල් විශුද්ධිකරණ නඩුවට ඇතුළත් කර ඇති අතර, ඔහු ලබන 16 වනදා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.  


අක්කර 135 ක තේ වත්ත සහ වත්කම් විමර්ශනය  

රාජපක්ෂ පවුලේ සෙසු පුතුන් වන යෝෂිත රාජපක්ෂ සහ රෝහිත රාජපක්ෂ දෙදෙනා ද ඉලක්ක කරගනිමින් තවත් පරීක්ෂණයක් අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාසය (PCID) මගින් අරඹා තිබේ.  

ඒ, අතරමැදි පුද්ගලයින් තිදෙනෙකු යොදවා අක්කර 135ක තේ වත්තක් අයිතිකර ගැනීම සම්බන්ධයෙන් 'අල්ලස, දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය' සංවිධානය සිදුකළ ලිඛිත පැමිණිල්ලකට අනුවය. එම සංවිධානයේ සභාපති කාමන්ත තුෂාර සැප්තැම්බර් 14 වනදා අදාළ කොට්ඨාසය හමුවේ පෙනී සිටිමින් ඊට අදාළ ලේඛනගත සාක්ෂි භාරදී ප්‍රකාශයක් ලබාදී තිබේ.  


"නීතිය ඉදිරියේ කවුරුත් එකයි" - ජනපතිගෙන් ප්‍රකාශයක්  

මෙම නීතිමය පියවරයන් කරළියට එන පසුබිමක, පොළොන්නරුවේ පැවති ජනහමුවක් අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේ, මහජන ධනය සොරකම් කිරීමට එරෙහිව කිසිදු පෞද්ගලික වෛරයකින් තොරව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවයි.  

පවුලේ ඥාති සබඳතා, මව, සහෝදරයා හෝ දරුවන් යන භේදයකින් තොරව සැමට එක හා සමානව නීතිය ක්‍රියාත්මක වන බව අවධාරණය කළ ජනාධිපතිවරයා, පසුගිය කාලය පුරා විමර්ශන ක්‍රියාවලිය සඳහා ප්‍රමුඛත්වය ලබාදුන් බවත්, දැන් එළඹ ඇත්තේ එම විමර්ශනවලට අනුව වගකිවයුත්තන්ට එරෙහිව සෘජුව නීතිය ක්‍රියාත්මක කිරීමේ අදියර බවත් වැඩිදුරටත් සඳහන් කළේය.


මුලාශ්‍රය :

දිවයින පුවත් වාර්තාව | ආච්චිට ද අම්මාට ද පුතාට ද සහෝදරයාට ද බාප්පට ද හැමෝටම නීතිය ක්‍රියාත්මක කරනවා


 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...