නොරොවෝලේ ලක්විජය බලාගාරය සඳහා හදිසි මිලදී ගැනීම් ප්‍රසම්පාදන යටතේ ගල් අඟුරු ටොන් ලක්ෂ තුනක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිවුයේ ඉන්දියාවේ M/s. Taranjot Resources (Pvt) Ltd සමාගමටය. එම සමාගමේ දේශීය නියෝජිතයා වන්නේ ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරාට වැඩි කොටස් ප්‍රමාණයක් හිමි හේලීස් සමාගමයි.
ගල් අඟුරුවල ප්‍රමිතිය සම්බන්ධයෙන් පරීක්ෂණ දෙකක්
මේ අතර බලශක්ති අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුයේ මෙම ගල් අඟුරුවල ප්‍රමිතිය සම්බන්ධයෙන් පරීක්ෂණ දෙකක් සිදුකර ඇතිබවයි.
ඒ අනුව, මෙරට ගෙන ආ ගල් අඟුරු සාම්පල සම්බන්ධයෙන් දකුණු අප්‍රිකානු පැටවුම් වරායේ දී SGS රසායනාගාරය විසින් සිදුකල ගල් අඟුරු පරීක්ෂණ වාර්තා අනුව, ගල් අඟුරු සාම්පල වල දළ තාපජනන අගය 6089 kcal/kg ක් ලෙසත් අළු ප්‍රතිශතය සියයට 14.9ක් ලෙසත්, සල්ෆ ප්‍රතිශතය සියයට 0.54 ක් ලෙසත් සඳහන් වන බව එම නිලධාරියා කියා සිටියේය.
තවද, මෙම ගල් අඟුරු තොගය පැටවීමෙන් පසු පැටවුම් වරායේදී ලබා ගන්නා ලද ගල් අඟුරු සාම්පල ලංකා ගල් අඟුරු සමාගම මගින් පත්කරන ලද 'බියුරෝ වෙරිටාස් (Bureau Veritas) පර්යේෂනාගාරයෙදී පැටවුම් වරායේදී ලබාගත් දෙවන සාම්පලය තත්ත්ව පරික්ෂාවකට ලක්කර ඇත. එම පරීක්ෂා වාර්තාවලට අනුව ගල් අඟුරු සාම්පල වල දළ තාපජනන අගය 6052 kcal/kg ක් ලෙසත්, අළු ප්‍රතිශතය සියයට 15.1 ක් ලෙසත්, සල්ෆ ප්‍රතිශතය සියයට 0.63% ක් ලෙසත් සඳහන් වන බව එම නිලධාරියා වැඩි දුරටත් කියා සිටියේය.
ගොඩබාන වරායේ ජැටියේද, එනම් බලාගාරයේ ජැටියේද පරීක්ෂාවක් සිදුවෙයි. එය ගැනුම්කරු පත්කළ පිළිගත් ස්වාධීන පරීක්ෂකවරයකු අතින් සිදුවෙයි. මෙහිදීද විකුණුම්කරුට, ගැනුම්කරුද පිළිගන්නා තවත් ස්වාධීන පරීක්ෂකවරයකු පත්කළ හැකිය. ඔහුට බලාගාර ජැටියේදී නියැදිය අධීක්ෂණය කළ හැකිය. විකුණුම්කරුගේ නියෝජිතයන් දෙදෙනකුට බලාගාරයේ ජැටියේදී නියැදිය විශ්ලේෂණ ක්‍රියාවලිය අධීක්ෂණය කළ හැකිය. පහසුකම් සැපයිය යුත්තේ ගැනුම්කරුයි. ගොඩබැම් කටයුත්ත තාමත් සිදුවන බැවින් එම සාම්පල ගැනීමේ කටයුතු සිදුවෙමින් පවතී.
• ලක්විජය බලාගාරය සඳහා භාවිත කිරීමට නියමිත ගල් අඟුරු වල සම්මත (Gross Caraific Valuve) දළ තාපජනන අගය 5900 kcal/kgක - 6,150 kcal/kgක් අගයක විය යුතුය.
• එසේම, අළු ප්‍රතිශතය සියයට 11- 16% අතර විය යුතුය.
• එසේම, සල්ෆ අගය සියයට 0.5 - සියයට 1%ත් අතර වීම අත්‍යවශ්‍යය .
මේ අතර මෙම ගල් අඟුරු ලක්විජය බලාගාරයෙදී සෘජුව සැපයීමෙන් පසු ශක්ති ප්‍රතිදානය විදුලිබල ශක්ති (Energy output) අගය පරික්ෂාකර ඇති අතර එහිදී මෙම ගල් අඟුරු සාම්පල ප්‍රමිතියට අනුකුල බවට තහවුරු කරගෙන ඇතැයි ද බල ශක්ති අමාත්‍යංශයේ නිලධාරියා අවධාරණය කර සිටියේය.




