අද (04) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෝසමක් මගින් මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී, අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා අදාළ JMO වාර්තාව සෘජුවම ප්‍රතික්ෂේප කරමින්, අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ "පටි රෝල් කරන" ආකාරයේ ආන්දෝලනාත්මක තර්ක කිහිපයක් අධිකරණය හමුවේ තැබීය.
අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ සලේ වෙනුවෙන් ලබාදී ඇති වෛද්‍ය වාර්තාව සාධාරණ නොවන බැවින්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් පත් කරනු ලබන විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් වෙත සැකකරුව ඉදිරිපත් කර ස්වාධීන වාර්තාවක් කැඳවන ලෙසයි.
මීට විත්තියේ ජනාධිපති නීතිඥවරුන් ඇතුළු නීතිඥ මණ්ඩලය දැඩි විරෝධයක් පළ කළේය. ඔවුන් තර්ක කළේ වෛද්‍ය මණ්ඩල නම් කළ හැක්කේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියාට පමණක් බවත්, මෙම කටයුත්තට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඈඳා ගැනීමට විරුද්ධ වන බවත්ය. නීතිපතිවරයාගේ මෙම පියවර අනාගතයේදී වෛද්‍ය වාර්තා අභියෝගයට ලක් කිරීමට නරක පූර්වාදර්ශයක් සපයන බවද ඔවුහු පැවසූහ.
මෙම වෛද්‍ය මණ්ඩල ඉල්ලීම සම්බන්ධයෙන් වන අවසන් අධිකරණ නියෝගය ලබන 10 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කළේය.
සබැඳි පුවත් :
සලේගේ සියදිවි නසාගැනීමේ අවදානම සහ නීතිපතිගේ ‘ප්‍රතිපත්තිය’ උරගා බලන දිනය අදයි !
සලේ සියදිවි නසා ගැනීමේ අවදානමක? JMO වාර්තාවෙන් කරුණු තහවුරුවන බව ජනාධිපති නීතිඥයා කියයි




