BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
පුවත්

උතුරේ ආර්ථිකය නංවන්න KKS, පරන්තන් සහ මාන්කුලම්හි ආයෝජන කලාප

T

The Leader Desk

August 31, 2026 • 4:01 PM

උතුරේ ආර්ථිකය නංවන්න KKS, පරන්තන් සහ මාන්කුලම්හි ආයෝජන කලාප

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කංකසන්තුරේ, පරන්තන් සහ මාන්කුලම් කලාපවලින් ඇඟලුම්, තොරතුරු තාක්ෂණ හා කෘෂි අපනයන ඉහළට;
  • දළ දේශීය නිෂ්පාදිතයේ උතුරු පළාත් දායකත්වය 4.6% සිට 10% දක්වා ඉහළ දැමීමේ දැවැන්ත ආයෝජන සැලැස්මක් සූදානම් - ආණ්ඩුකාර නාගලිංගම් වේදනායහම්.
  • ''ජාතික ආර්ථිකයේ දියුණුවට උතුරු පළාතෙන් දැනට ලැබෙන දළ දේශීය නිෂ්පාදිතයේ (GDP)  4.6% ක දායකත්වය 10% දක්වා ඉහළ නැංවීමේ හැකියාව පවතිනවා.'' යයි උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායහම් කියයි.
  • මෙලෙස වේගවත් ආර්ථික දියුණුවක් ඇති කිරීමටනම් කංකසන්තුරේ, පරන්තන් සහ මාන්කුලම්හි ආයෝජන කලාප 3 ආරම්භ කිරීම සහ පළාතේ දියුණුවට අවශ්‍ යටිතල පහසුකම් සංවර්ධනය කිරිම කළ යුතු බවද ආණ්ඩුකාරවරයා පෙන්වා දුන්නේය.
අකුරු ප්‍රමාණය (Font Size):

යටිතල පහසුකම් සඳහා ADB සහාය.

දළ දේශීය නිෂ්පාදිතයේ උතුරු පළාත් දායකත්වය 4.6% සිට 10% දක්වා ඉහළ දැමීමේ දැවැන්ත ආයෝජන සැලැස්මක් සූදානම් - ආණ්ඩුකාර නාගලිංගම් වේදනායහම්.

''ජාතික ආර්ථිකයේ දියුණුවට උතුරු පළාතෙන් දැනට ලැබෙන දළ දේශීය නිෂ්පාදිතයේ (GDP)  4.6% ක දායකත්වය 10% දක්වා ඉහළ නැංවීමේ හැකියාව පවතිනවා.'' යයි උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායහම් කියයි.

ආණ්ඩුකාරවරයා මේ බව සඳහන් කළේ  ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකාවේ නේවාසික අධ්‍යක්ෂිකා ෂැනන් කොව්ලින් (Shannon Cowlin) ඇතුලු එම බැංකුවේ උසස් නිලධාරීහූ සහ උතුරු පළාත් කාර්යාලයේ නිලධාරීන් සමග ඉකුත්දා යාපනයේ ආණ්ඩුකාර කාර්යාලයේ පැවැති විශේෂ හමුවකට එක්වෙමිනි.

මෙලෙස වේගවත් ආර්ථික දියුණුවක් ඇති කිරීමටනම් කංකසන්තුරේ, පරන්තන් සහ මාන්කුලම්හි ආයෝජන කලාප 3 ආරම්භ කිරීම සහ පළාතේ දියුණුවට අවශ්‍ යටිතල පහසුකම් සංවර්ධනය කිරිම කළ යුතු බවද ආණ්ඩුකාරවරයා පෙන්වා දුන්නේය.

ප්‍රාදේශීය ආර්ථික වර්ධනය වේගවත් කිරීම සහ අපනයන අභිමුඛ නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම සඳහා රජය විසින් උතුරු පළාතේ නව ආයෝජන කලාප 3 ක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බවත්, ඒ සඳහා වන ඉඩම් පරිවර්තන ක්‍රියාවලිය (Land transformation process) මේ වන විට ආරම්භ කර ඇති බවත් ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය.

ස්ථාපිත කිරීමට නියමිත නව ආයෝජන කලාප 3 කංකසන්තුරේ (KKS) පූර්ව කංකසන්තුරේ සිමෙන්ති සංස්ථාවට අයත්ව තිබූ අක්කර 250 ක භූමි භාගයක මෙම කලාපය පිහිටුවනු ලැබේ. මෙය ප්‍රධාන වශයෙන් ඇඟලුම් නිෂ්පාදනය සහ තොරතුරු තාක්ෂණ (IT) ව්‍යාපෘති සඳහා වෙන් කර ඇත.

නව ආයෝජන කලාප 3ක් සහ BOI පහසුකම්

පරන්තන් කෙමිකල්ස් සමාගම් පරිශ්‍රයේ පිහිටුවීමට නියමිත අක්කර 230 ක ආයෝජන කලාපය, රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය සහ කාර්මික නිෂ්පාදන සඳහා විශේෂිත වේ.

කෘෂිකර්මාන්තය සහ ධීවර කර්මාන්තය පදනම් කරගත් අපනයන කර්මාන්ත වෙනුවෙන් අක්කර 500 ක දැවැන්ත ආයෝජන මධ්‍යස්ථානයක් මාන්කුලම්හි සැලසුම් කර ඇත.

ඉඩම් පරිවර්තන කටයුතු නිම වූ පසු ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) මගින් ජලය, මාර්ග සබඳතා, විදුලිය ඇතුළු මූලික යටිතල පහසුකම් සපයා ආයෝජකයින් වෙත විවෘත කිරීමට නියමිතය.

නව රජය බලයට පත්වීමත් සමඟ ආයෝජන සඳහා ඉතා සාධනීය සහ හිතකර පරිසරයක් නිර්මාණය වී ඇති බවත්, ආයෝජකයින් උතුරේ ආයෝජනය කිරීමට මහත් උනන්දුවක් දක්වන බවත් ආණ්ඩුකාරවරයා මෙහිදී අවධාරණය කළේය.

ගොවි-ධීවර ගැටලුවලට විසඳුම් හා යටිතල පහසුකම් සංවර්ධනය

උතුරේ දිස්ත්‍රික්ක හතරක මෙවර යල සහ මහ කන්නවලදී ලැබුණු වර්ෂාපතනයත් සමඟ කෘෂිකාර්මික අංශයේ ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට හැකි වූ බව පැවසූ ආණ්ඩුකාරවරයා, ගොවීන් සහ ධීවරයින් මුහුණදෙන ප්‍රධාන ගැටලුවක් වන්නේ නිසි ගබඩා සහ සැකසුම් පහසුකම් (Processing & storage facilities) නොමැතිකම බව පෙන්වා දුන්නේය.

රජය සහතික මිලට වී මිලදී ගැනීමෙන් පසුව, මධ්‍යස්ථ වෙළඳුන් (මැදිහත්කරුවන්) ඉතා අඩු මිලට ගොවීන්ගෙන් වී මිලදී ගැනීම නිසා ගොවියා සහ පාරිභෝගිකයා යන දෙදෙනාම අසහනයට පත්වන බව ඒ මහතා පැවසීය. එමෙන්ම ක්ෂේත්‍ර බෝග සහ එළවළු සඳහාද නිසි සැකසුම් මධ්‍යස්ථාන නොමැති වීම නිසා ගොවීන්ට අඩු මිලකට අස්වැන්න අලෙවි කිරීමට සිදුව තිබේ. ධීවර ක්ෂේත්‍රයටද මෙම ගැටලුව එකසේ බලපාන බැවින් ඒ සඳහා යටිතල පහසුකම් නැංවීමට ADB සහාය ආණ්ඩුකාරවරයා විසින් ඉල්ලා සිටින ලදී.

ලුණු නිෂ්පාදනය, ඉඩම් නිදහස් කිරීම සහ ජල ව්‍යාපෘති

අලිමංකඩ ලුණු ලේවායේ නිෂ්පාදන කටයුතු ආරම්භ කර ඇති අතර කුරින්චාතිවු (කුංජාතිවු) ලුණු ලේවායේ කටයුතු ආරම්භ කිරීමටද අනුමැතිය හිමිව තිබේ. ඉදිරියේදී ශ්‍රී ලංකාවට ලුණු ආනයනය කිරීම නතර කර ලුණු අපනයනය කිරීමට පවා හැකිවන පරිදි උසස් තත්ත්වයේ ලුණු නිෂ්පාදනය කෙරෙන බව ඔහු සඳහන් කළේය.

එමෙන්ම 2012 වසරේදී දිස්ත්‍රික් ලේකම්වරයාගේ හෝ ප්‍රදේශවාසීන්ගේ දැනුවත්භාවයකින් තොරව වනජීවී සහ වනසංරක්ෂණ දෙපාර්තමේන්තු යටතට පවරා ගන්නා ලද ඉඩම් නිදහස් කර ගැනීම සඳහාද මේ වන විට කටයුතු යොදමින් සිටින බව නාගලිංගම් වේදනායහම්  වැඩිදුරටත් පැවසීය.

ආසියානු සංවර්ධන බැංකුවේ මුල්‍ය අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වූ මුහුදු ජලය කරදිය කරණ (Desalination) ව්‍යාපෘතිය මගින් යාපනය අර්ධද්වීපයට පානීය ජලය ලබාදීමට හැකිවීම පිළිබඳව ආණ්ඩුකාරවරයා ADB ආයතනයට තම කෘතඥතාව පළ කළ අතර, යාපනයේ පවතින නිසි අපජල පද්ධතියක් (Sewerage system) නොමැති වීමේ ගැටලුව විසඳීමටද සහාය වන ලෙස ඉල්ලා සිටියේය.

(සටහන | ජේ.මුණසිංහ)

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...