BREAKING
සුරේෂ් සලේගේ වෛද්‍ය මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි●ක්‍රිෂ් ගනුදෙනුව: ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි●වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙක් වරද පිළිගැනීමට සැරසෙයි●ශ්‍රී ලංකා ටෙලිකොම් AI සතිය: ආයතනික විවාදයක්●තුන් අවුරුද්දක් පරණ ප්‍රශ්නයක් විසඳන්න ආණ්ඩුව තවත් මාස තුනක් ඉල්ලයි●රියදුරු බලපත්‍ර අර්බුදය: විසඳුම් සහ දින 45ක පරීක්ෂණයක්●ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ පෘතුගාල කඳවුර හැර යයි: පුහුණුකරු සමග මතභේදයක්●ඉන්දීය හොකී නිලධාරී ගුරින්දර් සිං ලිංගික චෝදනා මැද පලායයි●විදේශ ආයෝජන සහ ප්‍රතිපත්ති ස්ථාවරත්වය: නවතම ඇමෙරිකානු වාර්තාව●ලයනල් බෝපගේ ලියයි: සාමූහිකව හිමි ලෝකයක්●
Top Ad
පුවත්

රූපයෙන් ඔබ්බට ගිය හරිත මෙහෙයුම: Miss Earth Sri Lanka 2026 තානාපති පත්වීම් නෙළුම් කුලුනේදී

T

The Leader Desk

August 31, 2026 • 4:09 PM

රූපයෙන් ඔබ්බට ගිය හරිත මෙහෙයුම: Miss Earth Sri Lanka 2026 තානාපති පත්වීම් නෙළුම් කුලුනේදී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "Beauties for a Cause" තේමාව පෙරදැරි කරගනිමින් ළමා පිළිකා, තරුණ සංවර්ධන සහ පරිසර සුරැකීම උදෙසා නව තානාපතිවරුන් පත්කෙරේ.Oprin Lanka සහ කඩවත එක්සලන්ස් ලයන්ස් සමාජය එක්ව සමාජ වගකීම් වෙනුවෙන් රූ රැජිණියන් බලගන්වයි. ශ්‍රී ලංකාවේ අලංකාරයේ සංකේතය බඳු වූ නෙළුම් කුලුන රඟහලේදී “Miss Earth Sri Lanka 2026” තරගයේ තානාපති පත්වීම් ප්‍රකාශයට පත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුව පසුගියදා (30 වනදා) උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.හුදෙක් බාහිර රූප සෝභාව පමණක් නොව, බුද්ධිය, නායකත්වය සහ පරිසරය පිළිබඳ සංවේදීතාව එක්තැන් කරන මෙම සුවිශේෂී ජාත්‍යන්තර තරගාවලිය මෙහෙයවනු ලබන්නේ "Beauties for a Cause" හෙවත් "අරමුණක් සඳහා වූ රූ රැජිණියන්" යන උදාර දර්ශනය පෙරදැරි කරගෙනය. ශ්‍රී ලංකාව තුළ මෙහි නිල වගකීම සහ සංවිධාන කටයුතු Oprin Lanka (Pvt) Ltd ආයතනය විසින් දරනු ලබයි.මෙවර “Miss Earth Sri Lanka” සංවිධානය විසින් කඩවත එක්සලන්ස් ලයන්ස් සමාජය (Kadawatha Excellence Lions Club - District 306 D4) සමඟ අත්වැල් බැඳගනිමින් සමාජයීය සහ පරිසර හිතකාමී සුවිශේෂී වැඩසටහන් 4ක් සඳහා නව තානාපතිවරුන් පත් කිරීමට කටයුතු කර ඇත. සමාජ සත්කාර වෙනුවෙන් තානාපති පත්වීම් හතරක් එම පත්වීම් මෙසේය, ළමා පිළිකා දැනුවත් කිරීමේ තානාපති (Miss Earth Sri Lanka 2026) ළමා පිළිකාවෙන් පීඩාවට පත් දරුවන් සහ ඔවුන්ගේ පවුල් වෙනුවෙන් හඬක් නැගීම, කල් ඇතිව රෝගය හඳුනාගැනීම සහ ජනතාව දැනුවත් කිරීම මෙහි ප්‍රධාන අරමුණයි .තරුණ සංවර්ධන දැනුවත් කිරීමේ තානාපති (Miss Earth - Air Sri Lanka 2026): තරුණ තරුණියන්ගේ නායකත්වය, ස්වේච්ඡා සේවය සහ සමාජ සේවය ජාතික අරමුණු සඳහා යොමු කරමින් වඩාත් බලගැන්වුණු නව පරපුරක් බිහිකිරීමට කටයුතු කිරීම.පරිසර දැනුවත් කිරීමේ තානාපති (Miss Earth - Water Sri Lanka 2026) පරිසර වගකීම් ප්‍රවර්ධනය කරමින් අප ජීවත් වන ප්‍රජාවන් තුළ "ග්‍රහලෝකයේ තානාපතිවරුන්" බිහිකිරීම.විශේෂ අවශ්‍යතා සහිත තරුණයින් සඳහා වන තානාපති (Miss Earth - Fire Sri Lanka 2026): විශේෂ අවශ්‍යතා සහිත තරුණ තරුණියන් පිළිබඳ සමාජය දැනුවත් කිරීම, ඔවුන් පිළිගැනීම සහ සමාන අවස්ථා ප්‍රවර්ධනය කිරීම. කසළින් ධනයට පෙරළන හරිත නායකත්වය දැනට Miss Earth Sri Lanka කිරුළ හිමි කරගෙන සිටින ආදිත්‍යා දෙව්මිණි (Adithya Dewmini) මෙනෙවියගේ "කසළින් ධනයට සහ කොළ පාට යමු" (Waste to Wealth and Let's Go Green) ව්‍යාපෘතිය හරහා මේ වන විටත් කසළ කළමනාකරණය සහ ප්‍රතිචක්‍රීකරණය සම්බන්ධයෙන් මහඟු සේවාවක් ඉටු වෙමින් පවතී.ශ්‍රී ලාංකේය කාන්තාවන් බලගැන්වීම, පරිසර නායකත්වය ප්‍රවර්ධනය කිරීම සහ තිරසාර අනාගතයක් උදෙසා හඬක් නැගීම Miss Earth Sri Lanka ආයතනයේ ප්‍රධාන දැක්මයි."Beauty with Purpose. A Crown with Responsibility. A Voice for the Earth." හෙවත් "අරමුණක් සහිත රූපය. වගකීමක් සහිත කිරුළ. පොළොව වෙනුවෙන් හඬක්" යන්න මෙවර තරගාවලියේ ප්‍රමුඛතම පණිවිඩය බවට පත්ව ඇත. තරගකාරිණියන් එළිදැක්වීම සහ ඉදිරි දැක්ම මේ අවස්ථාවේදී Oprin Lanka (Pvt) Ltd ආයතනයේ සභාපති සහ "Miss Earth Sri Lanka 2026 " ජාතික අධ්‍යක්ෂ තුසිත පෙරේරා, Miss Earth Sri Lanka 2026 ජාතික සංවිධායක සමන් රත්නායක, සම සභාපති විනුකි පෙරේරා, අනුෂි ගුණරත්න, කවීෂා විජේරත්න, ආධිත්‍යා දෙව්මිණි, හසිනි කාව්‍යා, සසස්මි දිසානායක, රොෂාන් රාජපක්ෂ, තරිඳු වෙල්හේනගේ, වෛද්‍ය අසංක වීරසිංහ යන අයද අදහස් දැක්වූහ.තරගයට ඉදිරිපත් වන තරගකාරිණියන්ගේ එළි දැක්වීමේ අවස්ථාවක්ද මෙහිදී සිදු විය. එහි අවස්ථා කිහිපයක් ඡායාරූපයන්හී දැක්වේ.(සටහන | ජේ.මුණසිංහ)
  • "Beauties for a Cause" තේමාව පෙරදැරි කරගනිමින් ළමා පිළිකා, තරුණ සංවර්ධන සහ පරිසර සුරැකීම උදෙසා නව තානාපතිවරුන් පත්කෙරේ.
  • Oprin Lanka සහ කඩවත එක්සලන්ස් ලයන්ස් සමාජය එක්ව සමාජ වගකීම් වෙනුවෙන් රූ රැජිණියන් බලගන්වයි.
අකුරු ප්‍රමාණය (Font Size):

"Beauties for a Cause" තේමාව පෙරදැරි කරගනිමින් ළමා පිළිකා, තරුණ සංවර්ධන සහ පරිසර සුරැකීම උදෙසා නව තානාපතිවරුන් පත්කෙරේ.

Oprin Lanka සහ කඩවත එක්සලන්ස් ලයන්ස් සමාජය එක්ව සමාජ වගකීම් වෙනුවෙන් රූ රැජිණියන් බලගන්වයි.

ශ්‍රී ලංකාවේ අලංකාරයේ සංකේතය බඳු වූ නෙළුම් කුලුන රඟහලේදී “Miss Earth Sri Lanka 2026” තරගයේ තානාපති පත්වීම් ප්‍රකාශයට පත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුව පසුගියදා (30 වනදා) උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

හුදෙක් බාහිර රූප සෝභාව පමණක් නොව, බුද්ධිය, නායකත්වය සහ පරිසරය පිළිබඳ සංවේදීතාව එක්තැන් කරන මෙම සුවිශේෂී ජාත්‍යන්තර තරගාවලිය මෙහෙයවනු ලබන්නේ "Beauties for a Cause" හෙවත් "අරමුණක් සඳහා වූ රූ රැජිණියන්" යන උදාර දර්ශනය පෙරදැරි කරගෙනය. ශ්‍රී ලංකාව තුළ මෙහි නිල වගකීම සහ සංවිධාන කටයුතු Oprin Lanka (Pvt) Ltd ආයතනය විසින් දරනු ලබයි.

මෙවර “Miss Earth Sri Lanka” සංවිධානය විසින් කඩවත එක්සලන්ස් ලයන්ස් සමාජය (Kadawatha Excellence Lions Club - District 306 D4) සමඟ අත්වැල් බැඳගනිමින් සමාජයීය සහ පරිසර හිතකාමී සුවිශේෂී වැඩසටහන් 4ක් සඳහා නව තානාපතිවරුන් පත් කිරීමට කටයුතු කර ඇත.

සමාජ සත්කාර වෙනුවෙන් තානාපති පත්වීම් හතරක්

එම පත්වීම් මෙසේය, ළමා පිළිකා දැනුවත් කිරීමේ තානාපති (Miss Earth Sri Lanka 2026) ළමා පිළිකාවෙන් පීඩාවට පත් දරුවන් සහ ඔවුන්ගේ පවුල් වෙනුවෙන් හඬක් නැගීම, කල් ඇතිව රෝගය හඳුනාගැනීම සහ ජනතාව දැනුවත් කිරීම මෙහි ප්‍රධාන අරමුණයි .

තරුණ සංවර්ධන දැනුවත් කිරීමේ තානාපති (Miss Earth - Air Sri Lanka 2026): තරුණ තරුණියන්ගේ නායකත්වය, ස්වේච්ඡා සේවය සහ සමාජ සේවය ජාතික අරමුණු සඳහා යොමු කරමින් වඩාත් බලගැන්වුණු නව පරපුරක් බිහිකිරීමට කටයුතු කිරීම.

පරිසර දැනුවත් කිරීමේ තානාපති (Miss Earth - Water Sri Lanka 2026) පරිසර වගකීම් ප්‍රවර්ධනය කරමින් අප ජීවත් වන ප්‍රජාවන් තුළ "ග්‍රහලෝකයේ තානාපතිවරුන්" බිහිකිරීම.

විශේෂ අවශ්‍යතා සහිත තරුණයින් සඳහා වන තානාපති (Miss Earth - Fire Sri Lanka 2026): විශේෂ අවශ්‍යතා සහිත තරුණ තරුණියන් පිළිබඳ සමාජය දැනුවත් කිරීම, ඔවුන් පිළිගැනීම සහ සමාන අවස්ථා ප්‍රවර්ධනය කිරීම.

කසළින් ධනයට පෙරළන හරිත නායකත්වය

දැනට Miss Earth Sri Lanka කිරුළ හිමි කරගෙන සිටින ආදිත්‍යා දෙව්මිණි (Adithya Dewmini) මෙනෙවියගේ "කසළින් ධනයට සහ කොළ පාට යමු" (Waste to Wealth and Let's Go Green) ව්‍යාපෘතිය හරහා මේ වන විටත් කසළ කළමනාකරණය සහ ප්‍රතිචක්‍රීකරණය සම්බන්ධයෙන් මහඟු සේවාවක් ඉටු වෙමින් පවතී.

ශ්‍රී ලාංකේය කාන්තාවන් බලගැන්වීම, පරිසර නායකත්වය ප්‍රවර්ධනය කිරීම සහ තිරසාර අනාගතයක් උදෙසා හඬක් නැගීම Miss Earth Sri Lanka ආයතනයේ ප්‍රධාන දැක්මයි.

"Beauty with Purpose. A Crown with Responsibility. A Voice for the Earth." හෙවත් "අරමුණක් සහිත රූපය. වගකීමක් සහිත කිරුළ. පොළොව වෙනුවෙන් හඬක්" යන්න මෙවර තරගාවලියේ ප්‍රමුඛතම පණිවිඩය බවට පත්ව ඇත.

තරගකාරිණියන් එළිදැක්වීම සහ ඉදිරි දැක්ම

මේ අවස්ථාවේදී Oprin Lanka (Pvt) Ltd ආයතනයේ සභාපති සහ  "Miss Earth Sri Lanka 2026 " ජාතික අධ්‍යක්ෂ තුසිත පෙරේරා, Miss Earth Sri Lanka 2026 ජාතික සංවිධායක සමන් රත්නායක, සම සභාපති විනුකි පෙරේරා, අනුෂි ගුණරත්න, කවීෂා විජේරත්න, ආධිත්‍යා දෙව්මිණි, හසිනි කාව්‍යා, සසස්මි දිසානායක, රොෂාන් රාජපක්ෂ, තරිඳු වෙල්හේනගේ, වෛද්‍ය අසංක වීරසිංහ යන අයද අදහස් දැක්වූහ.

තරගයට ඉදිරිපත් වන තරගකාරිණියන්ගේ එළි දැක්වීමේ අවස්ථාවක්ද මෙහිදී සිදු විය. එහි අවස්ථා කිහිපයක් ඡායාරූපයන්හී දැක්වේ.

(සටහන | ජේ.මුණසිංහ)

 

 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...