The Leader News
BREAKING
ක්‍රිකට් අර්බුදයේ ICC තීරණය ගැන එරාන්ගෙන් ප්‍රශ්න කිරීමක්●කච්චතිව් ගිවිසුම වෙනස් කරන්නේ නෑ: ඉන්දියාව කියයි●ඥානසාර හිමියන්ගේ සිවුර ගැන ජනපතිගෙන් හදිසි මැදිහත්වීමක්●ඥානසාර හිමියන්ට ගිහි ඇඳුම් ඇන්දවීම ගැන මහ නාහිමිවරුන්ගේ විරෝධය●රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●
Top Ad
පුවත්

NDB බැංකුවේ අභ්‍යන්තර වංචාව ගැන විදේශ විශේෂඥයින්ගෙන් සමන්විත වෝහාරික විගණනයක්

T

The Leader Desk

April 19, 2026 • 3:44 PM

NDB බැංකුවේ අභ්‍යන්තර වංචාව ගැන විදේශ විශේෂඥයින්ගෙන් සමන්විත වෝහාරික විගණනයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සමීප අධීක්ෂණයක් සිදුකරන බවත්, ඒ පිළිබඳව විදේශීය විශේෂඥයින්ගේ සහභාගීත්වයෙන් යුත් ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර ආයතනයක් මගින් පුළුල් වෝහාරික විගණනයක් පැවැත්වීමට පියවර ගෙන ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.
  • මෙම විශේෂ වෝහාරික විගණනය මගින් අදාළ වංචාව සිදුවීමට සෘජුවම බලපෑ කරුණු මෙන්ම, එම කාලසීමාව තුළ බැංකුවේ අභ්‍යන්තර පාලනය, අධීක්ෂණය සහ යහපාලන නියාමන අවශ්‍යතාවලින් බැහැර වීමක් සිදුවී ඇත්දැයි යන්න පිළිබඳව සම්පූර්ණ ඇගයීමක් සිදු කිරීමට නියමිතය.
  • මෙම විගණනයේ ප්‍රගතිය, අන්තර්කාලීන සොයාගැනීම් සහ අවසාන වාර්තාව සෘජුවම ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, විගණන ක්‍රියාවලිය පුරා මහ බැංකුව විගණකවරුන් සමඟ සෘජුවම සම්බන්ධීකරණය පවත්වා ගනු ඇත.
  • මීට අමතරව, බැංකුවේ අභ්‍යන්තර පාලන සහ යහපාලන ක්‍රියාවලීන්හි පවතින අඩුපාඩු නිවැරදි කර එය ශක්තිමත් කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස මහ බැංකුව උපදෙස් දී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

සමීප අධීක්ෂණයක් සිදුකරන බවත්, ඒ පිළිබඳව විදේශීය විශේෂඥයින්ගේ සහභාගීත්වයෙන් යුත් ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර ආයතනයක් මගින් පුළුල් වෝහාරික විගණනයක් පැවැත්වීමට පියවර ගෙන ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.

මෙම විශේෂ වෝහාරික විගණනය මගින් අදාළ වංචාව සිදුවීමට සෘජුවම බලපෑ කරුණු මෙන්ම, එම කාලසීමාව තුළ බැංකුවේ අභ්‍යන්තර පාලනය, අධීක්ෂණය සහ යහපාලන නියාමන අවශ්‍යතාවලින් බැහැර වීමක් සිදුවී ඇත්දැයි යන්න පිළිබඳව සම්පූර්ණ ඇගයීමක් සිදු කිරීමට නියමිතය.

මෙම විගණනයේ ප්‍රගතිය, අන්තර්කාලීන සොයාගැනීම් සහ අවසාන වාර්තාව සෘජුවම ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, විගණන ක්‍රියාවලිය පුරා මහ බැංකුව විගණකවරුන් සමඟ සෘජුවම සම්බන්ධීකරණය පවත්වා ගනු ඇත.


මීට අමතරව, බැංකුවේ අභ්‍යන්තර පාලන සහ යහපාලන ක්‍රියාවලීන්හි පවතින අඩුපාඩු නිවැරදි කර එය ශක්තිමත් කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස මහ බැංකුව උපදෙස් දී ඇත. බැංකුවේ ප්‍රතිපත්ති, පද්ධති සහ අභ්‍යන්තර පාලනයන්හි ඵලදායීතාවය තක්සේරු කිරීම සඳහා ස්වාධීන තෙවන පාර්ශවීය ඇගයීමක් සිදු කළ යුතු බව ද දැනුම් දී තිබේ.


නැෂනල් ඩිවෙලොප්මන්ට් බෑන්ක් පීඑල්සී ප්‍රාග්ධනය සහ ද්‍රවශීලතාවයට අදාළ සියලුම නියාමන අවශ්‍යතා අඛණ්ඩව සපුරාලන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය තහවුරු කිරීමට සහ තැන්පත්කරුවන්ගේ හිමිකම් සුරක්ෂිත කිරීමට අවශ්‍ය පියවර මහ බැංකුව විසින් මේ වන විට පියවර ගෙන ඇත.

මෙම සිදුවීම හේතුවෙන් නියාමනයට යටත් වෙනත් කිසිදු මූල්‍ය ආයතනයකට බලපෑමක් වී ඇති බවට සාක්ෂි නොමැති බැවින්, විවිධ පාර්ශ්වයන් පතුරුවන නොමඟ යවන සුළු ප්‍රකාශවලට හසු නොවන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

(සටහන | ජේ. මුණසිංහ)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...