The Leader News
BREAKING
Top Ad
පුවත්

චීන ජාතිකයන්ගේ විදේශ ගමන් බලපත්‍ර අල්ලස: වැලිකඩ හිටපු OICට එරෙහිව දූෂණ විරෝධී පනතින් චෝදනා!

T

The Leader Desk

July 21, 2026 • 3:39 PM

චීන ජාතිකයන්ගේ විදේශ ගමන් බලපත්‍ර අල්ලස: වැලිකඩ හිටපු OICට එරෙහිව දූෂණ විරෝධී පනතින් චෝදනා!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රුපියල් ලක්ෂ 3ක අල්ලස් ඉල්ලීමේ සිද්ධියට අදාළ උදෘත අල්ලස් කොමිසමට යැවීමට විමර්ශන නිලධාරීන්ගේ තීරණය
  •   සිද්ධියට අදාළ නඩුව අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී විමර්ශන නිලධාරීන් වැඩිදුරටත් කරුණු දක්වමින් කියා සිටියේ, අදාළ සිදුවීමට සම්බන්ධ බවට පෙර නඩු දිනයේදී අනාවරණය වූ කාන්තාවගෙන් ප්‍රකාශ සටහන් කරගත් බවයි.
  • එම ප්‍රකාශයට අනුව, ඇයගේ පියා මාර්ගයෙන් හිටපු ස්ථානාධිපතිවරයා හඳුනාගෙන ඇති අතර, සැකකාර ස්ථානාධිපතිවරයා ඇයව රවටා ගනිමින් අදාළ චීන ජාතිකයන් පිළිබඳ තොරතුරු ලබාගෙන ඇති බව ද අනාවරණය වී තිබේ.
  • මේ අතර, සිද්ධියට සම්බන්ධ බව කියන කාන්තාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඇයට පනවා ඇති විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙස ඉල්ලා සිටියේය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

අදාළ කාන්තාව සැකකාරියක් නොවන බව අධිකරණය කියයි; විදේශ ගමන් තහනම ඉවත් කිරීම ගැන මීළඟ නඩු දිනයේ තීන්දුවක්  

අන්තර්ජාල ජාවාරමකට අදාළව අත්අඩංගුවට ගත් චීන ජාතිකයන් 19 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නිසි පරිදි අධිකරණයට ඉදිරිපත් නොකර මුදාහැරීම වෙනුවෙන් එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ 3 බැගින් අල්ලස් ඉල්ලූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයාට එරෙහිව දූෂණ විරෝධී පනත යටතේ චෝදනා ගොනුකිරීමට අදහස් කරන බව කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය අද (21) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ දැනුම් දුන්නේය.  

සිද්ධියට අදාළ නඩුව අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී විමර්ශන නිලධාරීන් වැඩිදුරටත් කරුණු දක්වමින් කියා සිටියේ, අදාළ සිදුවීමට සම්බන්ධ බවට පෙර නඩු දිනයේදී අනාවරණය වූ කාන්තාවගෙන් ප්‍රකාශ සටහන් කරගත් බවයි. එම ප්‍රකාශයට අනුව, ඇයගේ පියා මාර්ගයෙන් හිටපු ස්ථානාධිපතිවරයා හඳුනාගෙන ඇති අතර, සැකකාර ස්ථානාධිපතිවරයා ඇයව රවටා ගනිමින් අදාළ චීන ජාතිකයන් පිළිබඳ තොරතුරු ලබාගෙන ඇති බව ද අනාවරණය වී තිබේ.

විමර්ශන ප්‍රගතිය සහ චීන ජාතිකයන්ගේ තොරතුරු

අදාළ විදේශ ගමන් බලපත්‍ර හිමි චීන ජාතිකයන් 19 දෙනා අතුරින් 16 දෙනෙකුගෙන්ම මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන අවසන් බව අධිකරණයට දැනුම් දුන් විමර්ශන නිලධාරීහු, ඉන් එක් අයෙකු වැලිසර රැඳවුම් මධ්‍යස්ථානයේ පසුවන බවත්, සෙසු දෙදෙනා සොයා ගැනීමට නොහැකි වී ඇති බවත් සඳහන් කළහ.

මේ අතර, සිද්ධියට සම්බන්ධ බව කියන කාන්තාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඇයට පනවා ඇති විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙස ඉල්ලා සිටියේය. ඊට ප්‍රතිචාර දක්වමින් මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේ, විමර්ශන පාර්ශ්වයෙන් හෝ අධිකරණයෙන් ඇයව මේ දක්වා සැකකාරියක් ලෙස නම් කර නොමැති බවයි. කෙසේ වෙතත්, විදේශ ගමන් තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් ඇගෙන් ප්‍රකාශ සටහන් කරගත් විමර්ශන නිලධාරියා මීළඟ නඩු දිනයේදී අධිකරණයේ පෙනී සිට කරුණු දැක්විය යුතු බවට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

අල්ලස් කොමිසමට උදෘත යැවීම  

මෙම සිද්ධියට අදාළ විමර්ශන උදෘත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත යොමු කිරීමට කටයුතු කරන්නේදැයි මහේස්ත්‍රාත්වරයා විමසූ අවස්ථාවේදී, ඉදිරියේදී එලෙස කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව විමර්ශන නිලධාරීහු පැවසූහ.

සිද්ධියට අදාළ නඩුව එළඹෙන ජූලි 24 වනදා යළි කැඳවීමට නියමිතය.

මෙම චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි වැලිකඩ පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපති සමන් නිලන්ත කුමාර මේ වන විට ඇප මත මුදාහැර තිබේ.

  

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...