The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

පාස්කු ප්‍රහාරය ගැන තොරතුරු දැන සිටියේ මෛත්‍රීපාල සහ නිලන්ත බව හේමසිරි අධිකරණයට කියයි.

T

The Leader Desk

April 30, 2026 • 3:57 AM

පාස්කු ප්‍රහාරය ගැන තොරතුරු දැන සිටියේ මෛත්‍රීපාල සහ නිලන්ත බව හේමසිරි අධිකරණයට කියයි.

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නිලන්ත එම තොරතුරු සැගවූවා.
  • වගකිව යුත්තන් තවම නිදැල්ලේ සිටිනවා." යනුවෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.
  • බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් ගොනු කළ නඩුවට අදාළව විත්තිවාචකය ඉදිරිපත් කරමින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මේ බව සඳහන් කළේය.
  • අධිකරණය මීට පෙර කළ නියෝගයකට අනුව අදාළ විත්තිවාචකය ඉදිරිපත් කිරිම සඳහා හේමසිරි ප්‍රනාන්දු අධිකරණ හමුවේ පෙනී සිටිමින් සදහන් කළේ මෙම ප්‍රකාශය කිරීමට අවස්ථාව දීම සම්බන්ධයෙන් ස්තූතිය පළ කරන බව ය.
අකුරු ප්‍රමාණය (Font Size):

නිලන්ත එම තොරතුරු සැගවූවා. ආරක්ෂක ඇමැතිවරයා මෙන්ම සන්නද්ධ අංශ ප්‍රධානියා වූ ජනාධිපති රට පැන්නා. ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වූ පවට මම මෙම නඩුවට පැටලුනා.   වගකිව යුත්තන් තවම නිදැල්ලේ සිටිනවා." යනුවෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් ගොනු කළ නඩුවට අදාළව විත්තිවාචකය ඉදිරිපත් කරමින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මේ බව සඳහන් කළේය.

මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති), විරාජ් වීරසූරිය, තිලකරත්න බණ්ඩාර ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව කැඳවනු ලැබීය.

අධිකරණය මීට පෙර කළ නියෝගයකට අනුව අදාළ විත්තිවාචකය ඉදිරිපත් කිරිම සඳහා හේමසිරි ප්‍රනාන්දු අධිකරණ හමුවේ පෙනී සිටිමින් සදහන් කළේ මෙම ප්‍රකාශය කිරීමට අවස්ථාව දීම සම්බන්ධයෙන් ස්තූතිය පළ කරන බව ය.

2019 අප්‍රේල් මස 21දින සිදු වූ සිද්ධීන් සම්බන්ධයෙන් සංවේගය පළ කරන බව ද තමන්ට එරෙහිව ඇති චෝදනා ප්‍රතික්ෂේප කරන බව ද ඔහු සඳහන් කළේය.

1972දී මූලික උපාධිය ලබා ගත් තමන් 1994දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ලේකම් වරයා ලෙස කටයුතු කළ අතර 2018 වසරේ ඔක්තෝබර් 30 වැනිදා ආරක්ෂක ලේකම් ලෙස පත් වූ බව ද ඔහු සඳහන් කළේය.

අගමැතිව සිටි රනිල් වික්‍රමසිංහ  ඉවත් කර මහින්ද රාජපක්ෂ එම ධුරයට පත් කිරීමට එවකට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කිරීම සමග ව්‍යාකූල තත්වයක් රටේ ඇති වූ බව ඔහු සඳහන් කළේය. ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් මත රනිල් වික්‍රමසිංහ නැවත එම තනතුරට පත් වුවද ව්‍යාකූල තත්වය සහ අර්බුදය එලෙසම පැවති බව ඔහු කියා සිටියේය.

රටේ ප්‍රධාන ආරක්ෂක රැස්වීම් දෙකක් පවතින අතර ජාතික ආරක්ෂක කවුන්සිලය සහ බුද්ධි සමාලෝචන රැස්වීම ඒ අතර ප්‍රධාන වන බව ඔහු ඔහු සඳහන් කළේය.

ජාතික ආරක්ෂක කවුන්සිලයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වන අතර ඇති වූ අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් එම රැස්වීම් වලට සහභාගි වීම අගමැතිවරයාට, නියෝජ්‍ය ආරක්ෂක ඇමතිවරයාට සහ පොලිස්පතිවරයාට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් තහනම් කර තිබූ බව හේමසිරි ප්‍රනාන්දු සඳහන් කළේය.

"මා මේ ගැන මෛත්‍රිපාල සිරිසේන මහතා සමග කතා කළා. ඔහු කිව්වා "ඕකුන් එකෙක්වත් මට එක්ක මට වැඩ කරන්න බෑ. ඕකුන් එකෙක්වත් ගන්න එපා"කියලා යනුවෙන් ඔහු සඳහන් කළේය

"ජාතික ආරක්ෂක කවන්සිලයේත් බුද්ධි සමාලෝචන රැස්වීමේත් ප්‍රධාන ස්ථානයක් රාජ්‍ය බුද්ධ ප්‍රධානීයා නිලන්ත ජයවර්ධනට හිමිවුණා. ඔහු රාජ්‍යය ඔත්තු සේවයේදී ප්‍රධානියා ලෙස කටයුතු කළා. එසේම ඔහු ට ජනාධිපති සිරිසේන සමග වසර හතරක් පමණ ක් ඉතාම සමීපතව කටයුතු කළා. නිලන්ත ජයවර්ධන සෘජුවම තොරතුරු ලබා දුන්නේ ජනාධිපති සිරිසේනට. ජනාධිපතිවරයාගේ පුද්ගලික රහස්‍ය දුරකථන අංක පවා ඔහුට ලබා දී තිබුණා. ආරක්ෂක අමාත්‍යංශ ලේකම්ටවත් එම අංක ලබා දී තිබුණේ නෑ. ඔවුන් දෙදෙනා අතර තිබුණු සම්බන්ධය "පිය පුතු සම්බන්ධයක්" ලෙසටයි නිලධාරීන් හැඳින්වූයේ. බුද්ධි සමාලෝචන රැස්වීමේ පළමු වන ඉදිරිපත් කිරීම රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා වන නිලන්ත ජයවර්ධන විසින් සිදු කිරීම තමයි සාමාන්‍යයෙන් සිදුවන්නේ" යනුවෙන් හේමසිරි ප්‍රනාන්දු  සඳහන් කර සිටියේය.

ජනාධිපතිවරයා සමග වැඩ කිරීමේ කටයුතු කිරීමේදී ඇති වූ අර්බුදකාරී තත්ත්වයන් හේතුවෙන් ආරක්ෂක ලේකම් ධූරයෙන් අප්‍රේල් මස අග වන විට ඉල්ලා අස්වීමට තමන් තීරණය කර සිටි බවද, ඒ බව රනිල් වික්‍රමසිංහට දන්වා සිටි අවස්ථාවේදී ඔහු එලෙස නොකරන ලෙසට ප්‍රකාශ කළ බවද හේමසිරි ප්‍රනාන්දු වැඩිදුරටත් කියා සිටියේය.

 "රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා සතියකට වරක් බුද්ධි වාර්තාවක් ලබා දෙනවා බුද්ධි වාර්තාවක් වීමට නම් සාමාන්‍ය තොරතුරු විශ්ලේෂණය කළ යුතුයි. එසේ නොකළ නිසා ඔහු විසින් ඉදිරිපත් කළ වාර්තාවන් බුද්ධි වාර්තාවන් ලෙස මා සැලකුවේ නෑ . අප්‍රේල් මස 4 වැනිදා නිලන්තට විදේශයකින් තොරතුරු ලැබී තිබුණා සිදුවිය හැකි සහ නොහැකි ප්‍රහාරයක් පිළිබඳව. අප්‍රේල් 8 වෙනිදා නිලන්ත ජයවර්ධන විසින් එවන ලද බුද්ධි වාර්තාවේ ඒ බවක් සඳහන් කර තිබුණේ නෑ . ඒ පිළිබඳව මම අධ්‍යයනය කරන විට මට තේරුණා නිලන්ත ජයවර්ධන එම තොරතුරු යටපත් කිරීමට උත්සාහ කළ බව" යැයි හිටපු ආරක්ෂක ලේකම්වරයා සිය විත්තිවාචකය ඉදිරිපත් කරමින් කියා සිටියේය.

එම කාලය තුළදී ඉන්දියානු ආරක්ෂක ලේකම්වරයා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සමග ලංකාවට පැමිණි අතර ඉහළ මට්ටමේ ආරක්ෂක නිලධාරීන් සමග තමන් ඔවුන් සමඟ සාකච්ඡාවක් පැවැත්වූ බව හේමසිරි ප්‍රධාන සඳහන් කළේය .

"සිදු විය හැකි සහ නොහැකි ප්‍රකා ප්‍රහාරයක් පිළිබඳව තොරතුරක් නිලන්ත ජයවර්ධනට ලැබී ඇති බව ජාතික බුද්ධි ප්‍රධානය සිසිර මෙන්ඩිස් මහතා තමන් සමඟ පැවසූ බවද සඳහන් කළ හේමසිරි ප්‍රනාන්දු, ජනාධිපතිවරයා මෙරට සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය කරන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සමග රැස්වීමක් පැවැත්වූ අතර එම රැස්වීමේදීවත්  අදාළ තොරතුරු සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමට නිලන්ත ජයවර්ධන මහතා කටයුතු නොකළ බවද කියා සිටියේය.

ඒ පිළිබඳව තමන් කළ කරුණු විමසීමකදී "තහවුරු නොකළ තොරතුරක් ගැන  ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමට තමන්ට නොහැකි බව" නිලන්ත ජයවර්ධන මහතා ප්‍රකාශ කළ බව හිටපු ආරක්ෂක ලේකම් වරයා සඳහන් කළේය.

අදාළ සිදුවීම් සම්බන්ධයෙන් තමන්ට වැඩිදුර වාර්තා ලබාදෙන බව නිලන්ත ජයවර්ධන ප්‍රකාශ කළ නමුත් එවැනි කිසිදු වාර්තා වාර්තාවක් කිසිදු අවස්ථාවක තමන්ට නොලැබුණු බව ඔහු කියා සිටියේය.

නිලන්ත ජයවර්ධන, සිසිර මෙන්ඩිස්ට කළ දැනුම් දීමේ විදේශීය  බුද්ධි අංශයකින් තොරතුරක් ලබා දී තිබුණද සිදුකළ විමර්ශන අනුව එවැනි දෙයක් අනාවරණය වී නැති බව සඳහන් වූ අතර එලෙස සදහන්කිරීම මගින් අදාළ බුද්ධි තොරතුර අවතක්සේරුවට ලක් කිරීමක් සිදුකර තිබූ බවද ඔහු සඳහන් කළේය.

අලුත් අවුරුදු නිවාඩුවට තමන් කොළඹින් බැහැරව සිටි බවත් එවකට සිටි ජනාධිපතිවරයාගේ දියණිය තමන්ට කතාකොට පෙර වසර වලදී මෙන් අවුරුදු ගනදෙනු කිරීම සඳහා ජනාධිපති නිවස වෙත පැමිණෙන ලෙසත් ආරාධනා කළ අතර ඒ අනුව තමන් එහි ගොස් විනාඩි පහළොවක පමණ කාලයක් රැඳී සිටි බවද සඳහන් කල හේමසිරි ප්‍රනාන්දු  ඒ සම්බන්ධයෙන්ද  මෛත්‍රීපාල සිරිසේන ඊට පසුව තමන්ට පුරුදු පරිදි අසත්‍ය ප්‍රකාශයක් සිදුකළ බව කියා සිටියේය.

තවදුරටත් සිය ප්‍රකාශය කළ හේමසිරි ප්‍රනාන්දු මෙසේ සඳහන් කළේය

"කාත්තං කුඩී හී දී බයික් පිපිරීමක් සිදු වුණා  ජනාධිපති පවුලේ අයත් සමඟ විදේශ සංචාරයකට ගියා. අප්‍රේල් 14 හෝ 18 වෙනිදා නිරන්ත ජයවර්ධන කාත්තංකුඩි ප්‍රහාරයක් ගැන රහස්‍ය වාර්තාවක් පොලිස්පතිට ලබා දී තිබුණා. නමුත් එහි පිටපතක් වත් ආරක්ෂක ලේකම්වරයාට ලබා දුන්නේ නෑ.. අප්‍රේල් 20 වැනිදා  හවස නිලන්ත  කතා කරලා" වට්ස්අප් මැසේජ් එකක් එව්වා කියෙව්වද" කියලා ඇහුවා. ඒ වන විට අසනීපෙන් හිටියේ. එම වට්ස්අප් පණිවිඩය කියෙව්වා එහි තිබුණා මරාගෙන මැරෙන ප්‍රහාරයක් ප්‍රහාරයන් අටක් ගැන තොරතුරු ලැබී තිබෙන බව. ඉන්දියානුවන් වැඩිපුර ගැවසෙන හෝටලයක් සහ දේවස්ථාන කිහිපයක් ඊට ඇතුළත් බවද සඳහන් කර තිබුණා. " 

"මේ පිළිබඳව විශ්වාසනීයත්වය පිළිබඳව මං ඔහුගෙන් ඇහුවා. ඔහු කිව්වා මූලාශ්‍රය විශ්වාසනීය බව . පොලිස්පතිවරයාට අවශ්‍ය පියවර ගන්නා බව දැනුම් දුන්නා. ගත් පියවර පිළිබඳව මා විමසූ අවස්ථාවේදී නිලන්ත කිව්වා තොරතුරු ලැබුණු පසුව මට කතා කරන්නම් කියලා. නමුත් විසි එක් වැන්දා උදේ වන තෙක්ම මට කතා කළේ නෑ. එදින අටට පමණ කතා කරලා "මෙතෝදිස්ත පල්ලිය කොහෙද?" කියලා ඇහුවා. පිපිරවීම් නියමිත  ස්ථාන අටට මෙතෝ දිස්ත්‍ර පල්ලියත් එකතු කර ඇති බව කිව්වා . එසේ විමසා විනාඩි පහක් දහයක් යනවිට අදාළ බෝම්බ පිපිරීම සිදුවී ඇති බව දැන ගන්නට ලැබුණා. "

ඒ වන විටත් ජනාධිපතිවරයා සිංගප්පූරුවට ගොස් සිටියේ. ඔහු මට කතා කරලා කිව්වා "අගමැතිවරයා රැස්වීමක් කැඳවලා තියෙනවා යනවා එහෙම නෙමෙයි කියලා" 


මම කිව්වා" ඒක එහෙම කරන්න බෑ ත්‍රිවිධ හමුදාපතිවරුන්ටත් දැනුම් දීලා ඉක්මනින් පියවරක් ගන්න කියලා" ලැබුණු පිළිතුර දුරකථන ඇමතුම විසන්ධි කිරීම පමණයි"


"විදේශගතව සිටි මෛත්‍රී පාල සිරිසේන ලංකාවට සිංගප්පූරුවේ සිට එන ගුවන් ගමනක් ගමන් හතරක් මග ඇරලා තමයි එදින රාත්‍රියේ ලංකාවට ආවේ. පසු දින ජාතික ආරක්ෂක මණ්ඩලය කැඳවීමට පියවර ගන්නා ලෙස උපදෙස් ලැබුණා. එම රැස්වීමට පැමිණි ජනාධිපති ඇතුල්වන විටම පොලිස්පතිවරයාට සහ මට දෝෂාරෝපණය කළා. එදින රාත්‍රියේ  තමයි හදිසි නීතිය වහාම පැනවීමට නියම කළේ. "

එදින රාත්‍රී ජාතිය අමතා ජනාධිපතිවරයා සාහසික ප්‍රකාශයක් කළා. මේකට වගකියන්න ඕනේ පොලිස්පති සහ ආරක්ෂක ලේකම්. උපරිම දඬුවම් දිය යුතු බව ඔහු කිව්වා. ඒ තමයි කුමන්ත්‍රණයේ ප්‍රතිඵල."
 
"විසි එක්වෙනිදා මා බීබීසී වාර්තාකරුවෙකු සමග ප්‍රකාශයක් විකෘති කරලා මාධ්‍ය මගින් ප්‍රචාරය කළා. "මා මේ පිළිබඳව දැන සිටියා" යනුවෙන් අදහස් කළේ නිලන්ත ජයවර්ධන දුන්නු තොරතුරු ගැන. ඒ හැර වෙනත් තොරතුරක් දැනගෙන සිටියේ නෑ. කෙසේ වුවත් සංචාරකයින් ගැවසෙන  හෝටල්වලට නිල ඇඳුමෙන් යුතුව ආයුධ රැගත් ආරක්ෂක නිලධාරීන් යෙදවීම සිදු කරන්නේ නෑ. ඒ පිළිබඳව සංචාරක මණ්ඩල සභාපතිවරයාත් අධිකරණය හමුවේ සාක්ෂි ලබා දුන්නා යනුවෙන් හේමසිරි  සඳහන් කර සිටියේය.

තවදුරටත් සිය විත්තිවාචකය ඉදිරිපත් කළ හේමසිරි ප්‍රනාන්දු,

"මෙරට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ හතර( අ) යටතේ මේ රටේ ආරක්ෂාවේ  වගකීම ඇත්තේ රාජ්‍ය නායකයාටයි . 30(1) වගන්ති අනුව සේනාධි නායකයා ජනාධිපතිවරයා වෙනවා. හමුදාව කැඳවීම, හදිසි නීති පැනවීම, විශේෂ හමුදා මෙහෙයුම් වලට අණදීමට පුළුවන් ජනාධිපතිවරයාට සහ ආරක්ෂක ඇමතිවරයාට පමණයි."

"ජනාධිපතිවරයා විදේශගත වන විට වැඩ බැලීමට කෙනෙක් පත්කළේ නෑ. බලය අරගෙන ජනාධිපති රට පැන්නා වැඩ බැලීමට ආරක්ෂක ඇමතිවරයකු පත්කර නොමැති අවස්ථාවක ආරක්ෂක ලේකම් අක්‍රිය වෙනවා ඔහුට කිසිවක් කරගන්නට බෑ. මෙම ප්‍රහාරය පිළිබඳව මා තොරතුරු දැනගෙන හිටියේ නෑ. තොරතුරු දැනගෙන හිටියේ ජනාධිපතිවරයා සහ නිලන්ත ජයවර්ධනයි.

පැවති ආරක්ෂක කවුන්සිලයේ රැස්වීම් වලදී ආරක්ෂක ලේකම්වරයාට කිසිම වාර්තාවක් ඒවා තිබුණේ නෑ. ආරක්ෂක ලේකම්වරයා අඳුරේ හිටියේ. අගමැතිවරයාටත් බලය පවරා තිබුණේ නෑ. මේ  පිළිබඳව සැලකිල්ල යොමු කලා නම් නීතිපතිවරයා ආරක්ෂක ලේකම්වරයාට විරුද්ධව නඩු පවරන්නේ නෑ. ලංකාවේ මීට පෙර ඕන තරම් බෝම්බ පිපිරීම් සිදුවෙලා තියෙනවා. ආරක්ෂක ලේකම්වරයකුට පළමු වත්තේ තමයි මෙලෙස නඩු පැවරීමක් සිදු කළේ. රටේ ආරක්ෂක ඇමතිවරයා නැතිවිට ලේකම්වරයාට කළ හැකි කිසිවක් නෑ"

"මෙම ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කළ ජනාධිපති කොමිසමට නිලන්ත ජයවර්ධන තමන්ගේ ජංගම දුරකථන සහ ලැප්ටොප්  එක ලබා දුන්නේ එහි තිබූ සියලු දත්ත මකලා. ඒ ගැන කිසිවෙක් කිසිම දෙයක් කළේ නෑ. චූදිතයින් විය යුතු අය අදත් නිදහසේ ඉන්නවා. ජේෂ්ඨතම නිලධාරියෙක් වූ පවට මා අදත් මේ නඩුවට පැටලී ඉන්නවා. මේ නඩුවෙන්  මා නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා සිටිනවා. ''යනුවෙන් පවසමින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සිය විත්ති වාචකය අවසන් කළේය.

අනතුරුව ඔහු වෙනුවෙන් සාක්ෂි ලබාදීම සඳහා පළමු වන සාක්ෂි කරු ලෙස නම්කර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර ට  ඊළඟ නඩු දිනයේදී අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කරන ලදී.

ජනාධිපති නීතිඥ චමින්ද අතුකෝරළ  සමග රජීන්ද්‍ර ජයරත්න, ක්‍රිෂාන් ද අල්විස්, සෙනුරි විධාන පතිරණ, බෙත්මි බාලසූරිය යන  නීතිඥ මඩුල්ල විත්තිකාර හේමසිරි ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටියහ.
පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම මගින් රාජකාරිය පැහැර හැර සාපරාධී මිනී මැරුම් සිදු කිරීම සහ ආධාර අනුබල දීම සම්බන්ධයෙන් එවකට පොලිස්පති ව සිටි පූජිත ජයසුන්දර සහ ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ට එරෙහිව අධිචෝදනා 855 ක් යටතේ නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවේ වෙන් වෙන් ව නඩු පවරා තිබුණි.
එම නඩු නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ සහ මොහොමඩ් ඉර්සදීන් යන මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගැණුනු අතර පැමිණිලි දෙකේම සාක්ෂි අවසන් කිරීමෙන් අනතුරුව විත්තියේ සාක්ෂි කැඳවීමෙන් තොරවම විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන ලදි.

2021 පෙබරවාරි මස 18 වැනිදා ප්‍රකාශ ට පත් කළ එම මහාධිකරණ ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලේ නඩු තීන්දුවට එරෙහිව නීතිපති වරයා විසින් මෙම අභියාචන පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළේ ඉන් අනතුරුව ය.

ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ, කුමුදුනී වික්‍රමසිංහ, මහින්ද සමයවර්ධන, අර්ජුන ඔබේසේකර යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගත් මෙම අභියාචන පෙත්සම් වල තීන්දුව එම විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන 2024/11/05 දින අදාළ මහාධිකරණ තීන්දුව අභියෝගයට ලක් කරමින් නීතිපති වරයා ගොනුකළ අභියාචන පෙත්සම් දෙකක් පිළිගැනීමට පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඒකමතිකව තීන්දු කළ බව සදහන් කළේ ය.
ඉතා සංකීර්ණ සිදුවීම් මාලාවක් සම්බන්ධයෙන් ගොනු කළ නඩුවක විත්තිවාචක නොකැඳවා විත්තිකරුවන් නිදහස් නොකළ යුතු බව අධිකරණයේ මතය බවද , මහාධිකරණය විසින් විත්ති වාචක කැඳවිය යුතු ව තිබූ බව ද තීන්දුවෙහි සඳහන් විය. එබැවින් විත්තිවාචක කැඳවීමෙන් තොරව 2022 පෙබරවාරි මාස 18 වැනිදා කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් දෙන ලද නඩු තීන්දුව නිෂ්ප්‍රභ කිරීමට නියම කළ අතර එම මහාධිකරණ නඩුවට අදාළව විත්ති වාචක කැඳවීම ට කටයුතු කරන ලෙස මහාධිකරණ විනිසුරු මඩුල්ල ට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කරන ලදී.
ඒ අනුව විත්තිකරුවන් අධිකරණයට කැඳවීමෙන් අනතුරුව 2024/11/05 වැනි දින දෙන ලද ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව සභාපති විනිසුරුවරයා විසින් කියවා දෙන ලදි.

අනතුරුව තමන් විත්තිවාචකයක් ඉදිරිපත් කරන බව හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දු සඳහන් කළහ.

ඒ අනුව හිටපු පොලිස්පති සිය ප්‍රකාශය ට පෙර මහාධිකරණය හමුවේ ඉදිරිපත් කළේය.


| නෙල්කා මැදගෙදර
Nelka Medagedara
'ද ලීඩර්' අධිකරණ වාර්තාකාරිනී

nelindum41@gmail.com

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...