BREAKING
Top Ad
පුවත්

'මම විශ්වාසය දිනාගන්නේ සැබෑ අනන්‍යතාවයෙන්' : දේශපාලන උණුසුම මධ්‍යයේ ජනපතිගෙන් සටහනක්

T

The Leader

September 24, 2026 • 11:24 AM

'මම විශ්වාසය දිනාගන්නේ සැබෑ අනන්‍යතාවයෙන්' : දේශපාලන උණුසුම මධ්‍යයේ ජනපතිගෙන් සටහනක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • * 22 වැනි සංශෝධන විවාදය සහ විපක්ෂයේ විරෝධතා මධ්‍යයේ ආණ්ඩුවේ ස්ථාවරය පැහැදිලි කෙරේ
  • මා ව්‍යාජයක් මවාගෙන සිටියහොත් සැබෑ මම පෙනෙන්නට පටන් ගත් දා සිට ඒ විශ්වාසය බිඳ වැටෙනවා.
  •   අදාළ සංශෝධන කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අනුව එය පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත කරගත හැකි බව දැනුම් දී ඇති අතර, ඒ පිළිබඳ අවසන් ඡන්ද විමසීම හෙට (25) පැවැත්වීමට නියමිතව තිබේ.
  • ආණ්ඩු පාර්ශ්වය සහ විපක්ෂය අතර සංශෝධනයේ විධිවිධාන පිළිබඳව දේශපාලන සංවාද උණුසුම් වෙමින් පවතින මොහොතක ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය නිකුත් වීම විශේෂත්වයකි.
අකුරු ප්‍රමාණය (Font Size):

* දේශපාලන ප්‍රතිරූප මවාපෑම්වලින් බැහැරව ජනතා විශ්වාසය රැකගන්නා බවට අවධාරණයක්

 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ දෙදින පාර්ලිමේන්තු විවාදය අද (24) ආරම්භ වී ඇති පසුබිමක, ජනාධිපති අනුර කුමාර දිසානායක සිය නිල සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබේ. පාලන බලය පවත්වාගෙන යාමේදී මහජන විශ්වාසය රඳා පවතින්නේ ප්‍රතිරූප මවාපෑම් මත නොව අවංකභාවය මත බව එහිදී ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

 

"ව්‍යාජයක් මවාගත්තොත් විශ්වාසය බිඳවැටෙනවා"

 

තමන් ජනතා විශ්වාසය දිනා ගැනීමට උත්සාහ කරන්නේ සැබෑ තමන් ලෙස පෙනී සිටිමින් බව පෙන්වා දෙන ජනාධිපතිවරයා සිය සටහන මඟින් මෙසේ සඳහන් කරයි:

 

"අපේ පාලන කාලය තුළ අපිට බලයට යනකොට ඡන්දය දුන් ජනතාවට වඩා වැඩි පිරිසක් අපිව විශ්වාස කරන්න පෙළඹෙන බව මා මුල් කාලයේදීම ප්‍රකාශ කළා. ඒ විශ්වාසය දිනාගත හැක්කේ සැබෑ අවංකභාවය තුළින් පමණයි. මා ව්‍යාජයක් මවාගෙන සිටියහොත් සැබෑ මම පෙනෙන්නට පටන් ගත් දා සිට ඒ විශ්වාසය බිඳ වැටෙනවා. ඒ නිසා මා විශ්වාසය දිනාගැනීමට උත්සාහ කරන්නේ සැබෑ මා ලෙස පෙනී සිටීමෙන්."

 

anura2 20260924

 

පාර්ලිමේන්තු විවාදය සහ විපක්ෂයේ විරෝධතා

 

මේ අතර, යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් වන විවාදය පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනෙන අතර, ඊට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගය විසින් බත්තරමුල්ල පොල්දූව මංසන්ධිය ආශ්‍රිතව අද පෙරවරුවේ විරෝධතාවක්ද සංවිධානය කර තිබිණි.

 

අදාළ සංශෝධන කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අනුව එය පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත කරගත හැකි බව දැනුම් දී ඇති අතර, ඒ පිළිබඳ අවසන් ඡන්ද විමසීම හෙට (25) පැවැත්වීමට නියමිතව තිබේ. ආණ්ඩු පාර්ශ්වය සහ විපක්ෂය අතර සංශෝධනයේ විධිවිධාන පිළිබඳව දේශපාලන සංවාද උණුසුම් වෙමින් පවතින මොහොතක ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය නිකුත් වීම විශේෂත්වයකි.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...