The Leader News
BREAKING
නිදහස් කිරීමට ආණ්ඩුව පොරොන්දු වූ උතුරේ විහාර භූමියක ‘අනවසර ඉදිකිරීම්’●අපේක්ෂිත ඇප ඉල්ලූ ශිරන්ති රාජපක්ෂ යළි දිවයිනට●නාමල්ගේ සිරගතවීම ගැන සාගරගෙන් ප්‍රබල හෙළිදරව්වක්●ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් රජයට දැඩි අවධාරණයක්●ඉන්ධන මිල සහ IMF කොන්දේසි: විපක්ෂ නායකගෙන් යෝජනාවක්●අනවසර තැන්පතුවලට හසුවූවන්ට මහ බැංකුවෙන් උපරිම සාධාරණයක්●'වරායේ කන්ටේනර් සිරවීමක් නෑ; ආහාර හිඟයක් එන්නේ නෑ' - ඇමැති වසන්ත●පිරවුම්හල් කිහිපයක තදබදයක්: හේතුව බෙදුම්කරුවන් හෙළිකරයි●කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අර්බුදය: කෘෂිකර්මයේ මුවාවෙන් කළ මූල්‍ය මෙහෙයුම?●කුමාර ජයකොඩිට එරෙහි නඩුව නොවැම්බර් 03ට●
Top Ad
පුවත්

ගීතයක් නිසා දෙමළ කලාකරුවකුට PTA ගැසූ පොලිසියට උසාවියේදී ප්‍රශ්න

T

The Leader Desk

June 4, 2026 • 4:42 PM

ගීතයක් නිසා දෙමළ කලාකරුවකුට PTA ගැසූ පොලිසියට උසාවියේදී ප්‍රශ්න

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පරිස්සමින් පරිහරණය කරන බවට ආණ්ඩුව විසින් සහතික කරන ලද ත්‍රස්තවාදය වැළක්වීමේ පනත (PTA) යොදාගනිමින් චාවකච්චේරි පොලීසිය විසින් මෙම තරුණයා අත්අඩංගුවට ගෙන ඇත්තේ එම විප්ලවීය ගීතයේ දෙමළ ඊළම යන වචනය තිබූ බවට චෝදනා කරමිනි.
  • දැනුත් තමිල් මක්කල් විඩුදලෛප් පුළිකල් - TMVP (දෙමළ ජනතා විමුක්ති කොටි සන්ධානය) කියන නමින් පක්ෂයක් තිබෙනවා.
  • "දෙමළ ඊළම් විමුක්ති සන්ධානය (TELO) යන නමින් මැතිවරණ කොමිසමේ ලියාපදිංචි කළ දේශපාලන පක්ෂයක් තිබුණා.
අකුරු ප්‍රමාණය (Font Size):

නාවට්කුලි ප්‍රදේශයේ හින්දු කෝවිලක පැවති තේරු උත්සවයක සංවිධාන කර තිබූ සංගීත ප්‍රසංගයක ගායනා කළ ගීතයක්  වීඩියෝගත කර ඊට විප්ලවීය වදන් එකතු කර එය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමෙන් දෙමළ ඊළම් විමුක්ති කොටි සංවිධානය නැවත පණගැන්වීමට උත්සහ කරන බවට චෝදනා නගා කිලිනොච්චි පොලීසිය විසින් අත්අඩංගුවට ගත් 24 හැවිරිදි ගනේෂ් කුමාර් සංගීතන් ජුනි 17 වැනිදා දක්වා සිරගත කිරීමට චාවකච්චේරි මහේස්ත්‍රාත් එම්.අයි.එෆ් රිස්මිනා ජුනි 3 වැනිදා නියෝග කළාය.

පරිස්සමින් පරිහරණය කරන බවට ආණ්ඩුව විසින් සහතික කරන ලද ත්‍රස්තවාදය වැළක්වීමේ පනත (PTA) යොදාගනිමින් චාවකච්චේරි පොලීසිය විසින් මෙම තරුණයා අත්අඩංගුවට ගෙන ඇත්තේ එම විප්ලවීය ගීතයේ දෙමළ ඊළම යන වචනය තිබූ බවට චෝදනා කරමිනි.

 කිලිනොච්චි බටහිර උදයනගර්හි පදිංචි ගනේෂ් කුමාර් සංගීතන් දෙමළ තරුණ  සංගීතඥයා වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥ කේසවන් සයන්දන් ප්‍රශ්න කරන්නේ ගනේෂ් කුමාර් සංගීතන් ගායනා කළ ගීතයේ විමුක්ති කොටි සංවිධානයේ නාමය හෝ සදහන්ව නොමැති විටකදී ඔහුට විමුක්ති කොටි සංවිධානය නැවත පණගැන්වීමේ චෝදනා එල්ල කරන්නේ කුමන පදනමකින්ද යන්නයි.


"දෙමළ ඊළම් විමුක්ති සන්ධානය (TELO) යන නමින් මැතිවරණ කොමිසමේ ලියාපදිංචි කළ දේශපාලන පක්ෂයක් තිබුණා. දැනුත් තමිල් මක්කල් විඩුදලෛප් පුළිකල් - TMVP (දෙමළ ජනතා විමුක්ති කොටි සන්ධානය) කියන නමින් පක්ෂයක් තිබෙනවා. ඒත් මේ තරුණයා ගායනා කළ ගීතයේ විමුක්ති කොටි සංවිධානයේ නමවත් තිබුණේ නැහැ. ඉතිං කොහොමද විමුක්ති කොටි සංවිධානය නැවත පණගැන්වීමක් වෙන්නේ කියලා මම ප්‍රශ්න කළා. කෙසේ වුණත්, ලබන 17 වෙනිදා දක්වා අදාළ තරුණයා රක්ෂිත බන්ධනාගාර ගත කළා."

නීතිඥ කේසවන් සයන්දන් තව දුරටත් සදහන් කරන්නේ ගනේෂ් කුමාර් සංකීතන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ ගීතයේ විමුක්ති කොටි සංවිධානයට ප්‍රශස්ති ගැයීමක් හෝ විමුක්ති කොටි සංවිධානය යන වචනයක්වත් නොමැති කොටි සංවිධානයට අයත් ලාංඡන භාවිත කිරීමක් හෝ කොටි සංවිධානයේ නායකයා වූ ප්‍රභාකරන්ගේ නාමය, තහනම් කළ සංවිධානවල නාමයන් සඳහන් නොකළ විප්ලවීය කවියක් වූ බවටත් තමන් අධිකරනයට කරුණු ඉදිරිපත් කළ බවයි.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...