පසුගිය සඳුදා (ජූනි 1) ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව සනාථ කළේය.
ආණ්ඩුවේ නිල දත්තවලට අනුව, මෙරට ඉන්ධන ආනයනය සඳහා ජනවාරි මාසයේදී ඩොලර් මිලියන 186 ක් සහ පෙබරවාරියේදී මිලියන 97 ක් වියදම් වී තිබුණද, මැදපෙරදිග යුද අර්බුදය උත්සන්න වීමත් සමඟ මැයි මාසය වන විට එම වියදම ඩොලර් මිලියන 524 ක් දක්වා සිව්ගුණයකටත් වඩා වැඩි වී තිබේ.
මෙම දැවැන්ත විදේශ විනිමය කාන්දුව තවදුරටත් දරාගත නොහැකි බැවින්, ඩිජිටල් අමාත්‍යාංශය හා එක්ව QR පද්ධතිය හරහා පරිභෝජනය සීමා කිරීම හැර වෙනත් විකල්පයක් නැති බව ආණ්ඩුවේ ස්ථාවරය වී ඇත.
නීති කඩන ෂෙඩ්වලට ‘දඬුවම්’
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී. ජේ. රාජකරුණා මෙහිදී අවධාරණය කළේ, ඇතැම් ඉන්ධන පිරවුම්හල් QR කේතය නිසි පරිදි පරික්ෂා නොකර ඉන්ධන නිකුත් කරන බවට තොරතුරු ලැබී ඇති බවයි.
මේ සතියේ සිට තෙල් සංස්ථාව සතු සියලුම ෂෙඩ් පූර්ණ වශයෙන් නිරීක්ෂණය (Monitor) කරන බවත්, QR ක්‍රමයට පිටින් තෙල් ගහන පිරවුම්හල්වලට ලබාදෙන විශේෂ දිරි දීමනාව (Commission) වහාම කපා හරින බවත් සභාපතිවරයා අනතුරු ඇඟවීය.
බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් ප්‍රකාශ කළේ, පිරවුම්හල් සඳහා නීති දැඩි කළද පාරිභෝගිකයන් වෙත දැනට ලබා දී ඇති සතිපතා ඉන්ධන කෝටාවන් (Fuel Quota) අඩු කිරීමට මෙතෙක් තීරණය කර නොමැති බවයි.
ඔබේ වාහනයේ කෝටාව සහ ඔත්තේ-ඉරට්ටේ ක්‍රමය
මේ වන විට ක්‍රියාත්මක වන රෙගුලාසිවලට අනුව, සෑම සෙනසුරාදා දිනකම මධ්‍යම රාත්‍රියේදී වාහන සඳහා වන ඉන්ධන කෝටාව ස්වයංක්‍රීයව අලුත් වේ. ප්‍රධාන වාහන කාණ්ඩ සඳහා සතියකට හිමිවන කෝටාවන් මෙසේය.
කාර් : ලීටර් 25
යතුරුපැදි : ලීටර් 8
ත්‍රිරෝද රථ : ලීටර් 20
වෑන් : ලීටර් 50
ලොරි : ලීටර් 200
බස් රථ : ලීටර් 100
මීට අමතරව, ෂෙඩ් අසල පෝලිම් පාලනය කිරීම සඳහා වාහන අංක තහඩුවේ අවසාන ඉලක්කම මත පදනම් වූ ‘ඔත්තේ-ඉරට්ටේ ක්‍රමය’ (Odd-Even System) ද අනිවාර්ය වේ.
ඒ අනුව අවසාන අංකය 0, 2, 4, 6, 8 නම් ඉරට්ටේ දිනවලදී ද, 1, 3, 5, 7, 9 නම් ඔත්තේ දිනවලදී ද පාරිභෝගිකයන්ට ඉන්ධන ලබා ගැනීමට සිදුවේ.
සහන කපා, සීමා දැමීමේ යථාර්ථය
ජූනි මාසයෙන් පසු රුපියල් බිලියන 57ක තෙල් සහනාධාරය සම්පූර්ණයෙන්ම අවසන් වන බවට මහ බැංකුව සහ තෙල් සංස්ථාව කළ ප්‍රකාශයෙන් පසු, ආණ්ඩුව ගත් මීළඟ පියවර මෙයයි.
මිල සූත්‍රය හරහා මිල ඉහළ දැමුවද ඉන්ධන පරිභෝජනය අඩු නොවීම නිසා, දැන් ආණ්ඩුව තාක්ෂණික මෙවලම් හරහා ජනතාවගේ පරිභෝජනය බලහත්කාරයෙන් සීමා කිරීමට (Demand Management) සැරසේ.
ඩොලර් සංචිතය බේරාගැනීම ආර්ථික වශයෙන් අත්‍යවශ්‍ය වුවද, QR නීති තද කිරීම හරහා ප්‍රවාහන හා වෙළඳ ක්ෂේත්‍රයට එල්ල වන පීඩනය හේතුවෙන් ඉදිරියේදී භාණ්ඩ හා සේවා මිල ගණන් කෙරෙහි වක්‍ර බලපෑමක් එල්ල වීම වැළැක්විය නොහැකි බව ආර්ථික විශ්ලේෂකයන්ගේ මතයයි.
ඩොලර් හිඟය නිසා ‘QR සූත්තරය’ යළිත් තද වෙයි: නීති කඩන ෂෙඩ්වලට රතු එළි; කෝටාව වෙනස් වෙන්නේ නෑ!
T
The Leader Desk
June 3, 2026 • 3:52 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- පසුගිය සඳුදා (ජූනි 1) ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව සනාථ කළේය.
- ආණ්ඩුවේ නිල දත්තවලට අනුව, මෙරට ඉන්ධන ආනයනය සඳහා ජනවාරි මාසයේදී ඩොලර් මිලියන 186 ක් සහ පෙබරවාරියේදී මිලියන 97 ක් වියදම් වී තිබුණද, මැදපෙරදිග යුද අර්බුදය උත්සන්න වීමත් සමඟ මැයි මාසය වන විට එම වියදම ඩොලර් මිලියන 524 ක් දක්වා සිව්ගුණයකටත් වඩා වැඩි වී තිබේ.
- මෙම දැවැන්ත විදේශ විනිමය කාන්දුව තවදුරටත් දරාගත නොහැකි බැවින්, ඩිජිටල් අමාත්‍යාංශය හා එක්ව QR පද්ධතිය හරහා පරිභෝජනය සීමා කිරීම හැර වෙනත් විකල්පයක් නැති බව ආණ්ඩුවේ ස්ථාවරය වී ඇත.
- රාජකරුණා මෙහිදී අවධාරණය කළේ, ඇතැම් ඉන්ධන පිරවුම්හල් QR කේතය නිසි පරිදි පරික්ෂා නොකර ඉන්ධන නිකුත් කරන බවට තොරතුරු ලැබී ඇති බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



