මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා පවසා සිටියේ, එම අධිකාරියේ ප්‍රධාන ගිණුමෙන් රුපියල් මිලියන 380ක් පමණ 2023 වසරේදී ගෙවීම් සිදුකළ කොන්ත්‍රාත්කරුවන්ට, වැරදීමකින් යළි ගෙවා ඇති බවය.
කෙසේවුවද සිය නිවේදනයෙන් මාර්ග සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් පෙන්වා දී සිටින්නේ, නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා විසින් සමාජ මාධ්‍ය හරහා අසත්‍ය සහ නොමඟ යවන ප්‍රකාශයක් සිදුකර ඇති බවයි.
එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවත්, එම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම පදනම් විරහිත හා සත්‍ය කරුණු වසන් කරමින් ඉදිරිපත් කර ඇති බවත් අදාළ නිවේදනයේ දැක්වේ.
මාර්ග සංර්වධන අධිකාරිය (RDA) නිකුත්කර ඇති නිල නිවේදනයේ මෙසේ සඳහන් වේ.
කොන්ත්‍රාත්කරුවන්ට රුපියල් මිලියන 380කට අධික මුදලක් ද්විත්ව ගෙවීමක් කල බවට සමාජ මාධ්‍ය වේදිකාවල දැනට සංසරණය වෙමින් පවතින, ගරු නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා විසින් සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධියේ කරන ලද අසත්‍ය සහ නොමඟ යවන චෝදනා මාර්ග සංර්වධන අධිකාරිය (RDA) තරයේ ප්‍රතික්ෂේප කරනු ලැබේ. මෙම ප්‍රකාශ සම්පූර්ණයෙන්ම පදනම් විරහිත වන අතර සත්‍ය කරුණු වසන් කරමින් ඉදිරිපත් කර ඇත.
කිසිදු ද්විත්ව ගෙවීමක් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් සිදු කර ඇති බවට වන චෝදනාව මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රතික්ෂේප කරනු ලැබේ. මාර්ග සංවර්ධන අධිකාරිට අයත් ගිණුම් වලින් එවැනි ද්විත්ව ගෙවීමක් සිදු කර නොමැති බවත්, මාර්ග සංවර්ධන අධිකාරියට කිසිදු මූල්‍ය අලාභයක් සිදුවී නොමැති බවත් මාර්ග සංවර්ධන අධිකාරිය තහවුරු කරයි.
මෙම කාරණයේදී මූල්‍ය අක්‍රමිකතාවයක් සිදු වී ඇති බවට වන කාරනය සමග මාර්ග සංවර්ධන අධිකාරිය සම්බන්ධ කිරීමට ගන්නා ඕනෑම උත්සාහයක් නොමඟ යවන, වගකීම් විරහිත සහ පදනම් විරහිත ය. ගරු නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා විසින් කරන ලද ප්‍රකාශ ද්වේශ සහගත සහ සත්‍ය පදනමකින් තොරව කරන ලද බවට මාර්ග සංවර්ධන අධිකාරිය සලකයි. මාර්ග සංවර්ධන අධිකාරිය මේ වන විට මෙම කරුණ සමාලෝචනය කරමින් සිටින අතර මෙම ප්‍රකාශ සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරමින් සිටිති.
සත්‍යාපනය නොකළ තොරතුරු පැතිරීම රාජ්‍ය ආයතනවල කීර්ති නාමයට හානි කරන අතර මහජනතාව නොමඟ යවන බැවින්, එවැනි අන්තර්ගතයන් බෙදා ගැනීමට පෙර වගකීමෙන් කරුණු සත්‍යාපනය කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය මහජනතාවගෙන් සහ මාධ්‍ය ආයතන වලින් කාරුනිකව ඉල්ලා සිටී.
මාර්ග සංවර්ධන අධිකාරිය හි සියලුම මෙහෙයුම් වලදී විනිවිදභාවය, වගවීම සහ අඛණ්ඩතාව පිළිබඳ ඉහළම ප්‍රමිතීන් පවත්වා ගැනීමට මාර්ග සංවර්ධන අධිකාරිය කැපවී සිටී.
- මාර්ග සංර්වධන අධිකාරියේ කළමනාකාරීත්වය
සජබ මන්ත්‍රී නලින් බණ්ඩාරගේ ප්‍රකාශය අසත්‍ය බව 'RDA' කියයි
T
The Leader Desk
April 27, 2026 • 3:42 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා පවසා සිටියේ, එම අධිකාරියේ ප්‍රධාන ගිණුමෙන් රුපියල් මිලියන 380ක් පමණ 2023 වසරේදී ගෙවීම් සිදුකළ කොන්ත්‍රාත්කරුවන්ට, වැරදීමකින් යළි ගෙවා ඇති බවය.
- කෙසේවුවද සිය නිවේදනයෙන් මාර්ග සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් පෙන්වා දී සිටින්නේ, නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා විසින් සමාජ මාධ්‍ය හරහා අසත්‍ය සහ නොමඟ යවන ප්‍රකාශයක් සිදුකර ඇති බවයි.
- එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවත්, එම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම පදනම් විරහිත හා සත්‍ය කරුණු වසන් කරමින් ඉදිරිපත් කර ඇති බවත් අදාළ නිවේදනයේ දැක්වේ.
- මාර්ග සංර්වධන අධිකාරිය (RDA) නිකුත්කර ඇති නිල නිවේදනයේ මෙසේ සඳහන් වේ.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



