The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

අයථා ගෙවීම සිදුවුණේ RDA එකෙන්ද ? බැංකුවෙන්ද ?

T

The Leader Desk

April 28, 2026 • 2:18 AM

අයථා ගෙවීම සිදුවුණේ RDA එකෙන්ද ? බැංකුවෙන්ද ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොන්ත්‍රාත්කරුවෙකුට, එකම ගෙවීම දෙවතාවක් සිදුකර නොමැති බව ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි.
  • මාර්ග සංවර්ධන අධිකාරිය විසින් අයථා ගෙවීමක් සිදුකර ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර විසින් පසුගිය දා සිදුකළ කළ ප්‍රකාශයට ප්‍රතිචාර දැක්වීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්මෙන් අමාත්‍යවරය මේ බව පැහැදිලි කළේය.
  • එමෙන්ම ගෙවීම් සිදුකිරීමේ ක්‍රමවේදයේද කිසිදු වෙනස් කිරීමක් සිදු කර නොමැති බවද නියෝජ්‍ය ඇමතිවරයා පවසයි.
  • ලංකා බැංකුව විසින් මේවා ආපසු අයකර ගැනීම සඳහා කොන්ත්‍රාත්කරුවන්ට ලියුම් පවා යවා ඇතැයි ද මන්ත්‍රීවරයා සඳහන් කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):

කොන්ත්‍රාත්කරුවෙකුට, එකම ගෙවීම දෙවතාවක් සිදුකර නොමැති බව ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි.

මාර්ග සංවර්ධන අධිකාරිය විසින් අයථා ගෙවීමක් සිදුකර ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර විසින් පසුගිය දා සිදුකළ කළ ප්‍රකාශයට ප්‍රතිචාර දැක්වීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්මෙන් අමාත්‍යවරය මේ බව පැහැදිලි කළේය.

එමෙන්ම ගෙවීම් සිදුකිරීමේ ක්‍රමවේදයේද කිසිදු වෙනස් කිරීමක් සිදු කර නොමැති බවද නියෝජ්‍ය ඇමතිවරයා පවසයි.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර විසින් සිදුකළ එම ප්‍රකාශය තරයේ හෙළාදකින බවත් එම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම සාව්‍ය ප්‍රකාශයක් බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

"ඒ ගිහිල්ලා තියෙනවා කියන්නේ ලංකා බැංකුවෙන්නේ මාර්ග සංවර්ධන ගිණුමෙන් වත් වෙනත් ගිණුමකින්වත් සතයක්වත් double Payment එකක් වෙලා නෑ. ඒක අපි ස්තීර වශයෙන් කියනවා. නිලීන් බණ්ඩාර මන්ත්‍රිතුමා කියනවා නම්, ඒ කියන කාරණා ටික සම්පූර්ණයෙන් වැරදී. "

ප්‍රශ්නය-
එතකොට BOC එක හරහා සිදුවෙලා තියෙනවා කියන්නේ?


"ඒක අහන්න ඕනේ  BOC එකෙන්. අපේ ප්‍රධාන ගිණුමෙන් යම්කිසි මුදලක් යවන්න තියෙනවා නම්, අපි ඒ මුදල දානවා තවත් ගිණුමකට. ඒ  අනුව අපි නිර්දේශ කරනවා මේ අයට ගෙවන්න කියලා. එතකොට ඒ අය ඒක ගෙවනවා. ඊට අමතරව තවත් පාරක් සල්ලි දැම්මොත් තමයි ඒ අය ගෙවන්නේ. අපි සල්ලි දාන්නේ නැතුව   BOC එකෙන් සල්ලි ගෙවන්නේ නෑනේ. අපේ ඒවාට අපේ එකවුන්ට් වලින්."

"Overpayment එකක් වෙලා තියෙනවා නම් බැංකුවකින් වැරදීමකින්, ඒක මාර්ග සංවර්ධන අධිකාරියේ වගකීමක් නෙමෙයි. මාර්ග සංවර්ධන අධිකාරියේ සතයක්වත් නෙමෙයි. ඒක බැංකුවක් සහ කොන්ත්‍රාත්කරුවෙක් අතර සිදුවෙච්ච දෙයක් වෙන්න පුළුවන්. ඒක මාර්ග සංවර්ධන අධිකාරිය සහ බැංකුව එක්කවත්, මාර්ග සංවර්ධන අධිකාරි සහ කොන්ත්‍රාත්කරු අතර සිදුවෙච්ච එකක්වත් නෙමෙයි."

 
''වැරදි ගනුදෙනුවක් නම් RDA කොන්ත්‍රාත්කරුවන්ගේ ගිණුම්වලට පමණක් මුදල් ගියේ කො‍හොමද? - නලින් බණ්ඩාර ආණ්ඩුවෙන් අසයි

මාර්ග සංවර්ධන අධිකාරියේ කොන්ත්‍රාත්කරුවන්ට දෙවතාවක් ගෙවීම් සිදුකර ඇති බව පැවසෙන සිද්ධියේදී, වැරදි ගනුදෙනුවක් සිදුවී ඇත්නම් මාර්ග සංවර්ධන අධිකාරියේ කොන්ත්‍රාත්කරුවන්ගේ ගිණුම්වලට පමණක් මුදල් ගියේ කෙසේදැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර අද (27) ප්‍රශ්න කර සිටියි.

ලංකා බැංකුව විසින් මේවා ආපසු අයකර ගැනීම සඳහා කොන්ත්‍රාත්කරුවන්ට ලියුම් පවා යවා ඇතැයි ද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

මාර්ගගත ක්‍රමයට රුපියල් මිලියන 380 කට ආසන්න මුදලක් 2024 වසරේදී ගෙවීම් කරනු ලැබූ කොන්ත්‍රාත්කරුවන් පිරිසකටම යළි ගෙවීම් සිදුකර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පසුගිය දා අනාවරණය කළේය.

xdgsdfgdf

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර අද (27) මාධ්‍ය වෙත පළ කළේ මෙවන් අදහසකි.

“මම ඊයේ දිනයේදී හෙළිදරව්වක් කළා මාර්ග සංවර්ධන අධිකාරියේ කෙන්ත්‍රාත්කරුවන් වෙත වැරදි ගෙවීමක් සිදුවී ඇති බව. අද නියෝජ්‍ය ඇමැතිවරයා කියනවා ඔවුන්ගේ ගිණුම්වලින් අඩුවෙලා නැහැලු. මෙතන වෙලා තියෙන්නේ පණිවිඩකරුවාට වෙඩි තියනවා වගේ පණිවිඩකරුවා ඝාතනය කරනවා වගේ මට ඇඟිල්ල දික්කරනවා.

මුදල් ගිහිල්ලා තියෙනවා. දැන් ඒක ලංකා බැංකුවේ සල්ලි ද එහෙම නැත්නම් ආර්ඩීඒ එකේ සල්ලිද කියලා අපි දන්න කාරණයක් නෙමෙයි. අපි නොදන්න කාරණයක්. එහෙම නම් ඒගොල්ලෝ සිඅයිඩී එකට පැමිණිලි කරන්න ඕන මේ සම්බන්ධයෙන්.

ලංකා බැංකුව කොන්ත්‍රාත්කරුවන්ට ලියුම් යවලා තියෙනවා නේ මේවා අය කරගන්න. ඒ කොන්ත්‍රාත්කරුවන්ගේ ලංකා බැංකු නොවන බැංකු හරහා මුදල් ගිය ඒවාට ලියුම් ලියලා තියෙනවා නේ මේවා වැරදීමක් නිසා ගියා කියලා ඒවා අයකරගන්න. එතකොට මේක වැරදි ගනුදෙනුවක් නම් ඇයි ඒ කොන්ත්‍රාත්කරුවන්ට විතරක් ඒක වුණේ. එහෙනම් රටේ අනිත් මිනිස්සුන්ට, අපේ ගිණුම්වලටත් සල්ලි එන්න එපැයි ඔය කියන දවසේ. තාක්ෂණික දෝෂයක් නම්.

මේක වෙලා තියෙන්නේ මඩකලපුව දිත්‍රික්කයේ නිශ්චිත කොන්ත්‍රාත්කරුවන් පිරිසකට 2024 යම් දිනෙක ගෙවීමක් කරපු ගෙවීම නැවත ගෙවීමක් විදිහට ගිහිල්ලා තියෙනවා. ඒකේ වැරදිකරුවා ලංකා බැංකුව ද ආර්ඩීඒ එකද කියන එක නලින් බණ්ඩාරට නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ.

මේ දෙකේම ති‍යෙන්නේ රාජ්‍ය මුදල්. ‍මේ දෙකම රාජ්‍ය ආයතන. මේ දෙකම කීර්තිමත් ආයතන. සාමූහිකව කටයුතු කරන රජයක් විදිහට සාමූහිකව වගකීම් දරන ඒගොල්ලෝ දැනගන්න ඕන මේක නිවැරදි කර ගන්න.”

 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...