මෙන්ම මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමැති ආචාර්ය අනිල් ජයන්ත අවධාරණය කරයි.
මෙම අරමුදල සම්බන්ධයෙන් සමාජයේ විවිධ පාර්ශවයන් මතු කර ඇති ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව විශේෂ පැහැදිලි කිරීමක් කරමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා ඉදිරිපත් කළ නවතම වාර්තාවලට අනුව, අප්‍රේල් මස 24 වෙනිදා වන විට Rebuilding Sri Lanka අරමුදලට ලැබී ඇති සමස්ත මුදල රුපියල් මිලියන 9,583කි. මෙම මානුෂීය කර්තව්‍යය සඳහා ලෝකයේ රටවල් 49ක වෙසෙන විදේශගත ශ්‍රී ලාංකිකයන් මෙන්ම විදේශීය ජාතිකයන් ද සිය මූල්‍ය පරිත්‍යාගයන් ලබා දී ඇති බව ඔහු අනාවරණය කළේය.
බිලියන 10ක් සුළිකුණාටු සහන සඳහා යොදවයි
පසුගිය දෙසැම්බර් මාසයේදී මෙරටට බලපෑ දිට්වා සුළිකුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා රජය රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුවක් සම්මත කර ගනු ලැබීය. ඒ අනුව, Rebuilding Sri Lanka අරමුදල සතු රුපියල් බිලියන 10ක මුදල මෙම ආපදා සහන කටයුතු වෙනුවෙන් සෘජුවම යොදා ගැනීමට රජය තීරණය කර ඇත. මේ හරහා රජයට අතිරේකව සපයා ගැනීමට සිදු වන්නේ රුපියල් බිලියන 490ක මුදලක් පමණක් බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මෙම අරමුදල අනිසි ලෙස භාවිත කරන බවට ඇතැම් පාර්ශවයන් සිදු කරන ප්‍රකාශ කිසිදු පදනමක් නොමැති අසත්‍ය ප්‍රකාශ බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
අරමුදලේ සියලු මුදල් භාවිත කරනු ලබන්නේ වර්තමානයේ පවතින නීතිමය අණපනත්වලට අනුකූලව බවත්, එහි විනිවිදභාවය තහවුරු කර ඇති බවත් ආචාර්ය අනිල් ජයන්ත වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
(සටහන | ජේ.මුණසිංහ)




