The Leader News
BREAKING
කලාපීය වෙළඳ තරගය හමුවේ ශ්‍රී ලංකාව තනිවීමේ අවදානමක්●නාමල්ගේ සිරකුටියට ආ අලුත්ම සාමාජිකයා●ඉන්දීය සාගරයේ ශිෂ්ටාචාර උරුමය ෂැංහයි සමුළුවේදී ශ්‍රී ලංකාව අවධාරණය කරයි●යුද සමයේ සහන සේවක ප්‍රහාර : රජයේ සමාව UN ඉල්ලයි●නවදිල්ලියේදී විජිත - ජයශංකර් හමුවෙති: ඉන්දීය සාගරයේ ආර්ථික බලය කාටද?●ජාත්‍යන්තර මුහුදේදී මත්ද්‍රව්‍ය යාත්‍රාවක් සමඟ සත්දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට●ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ශ්‍රී ලංකාවට ඓතිහාසික ද්විත්ව ජයග්‍රහණයක්●'අපි මූල්‍ය විනය රකින ආණ්ඩුවක්: උද්ඝෝෂණ-වර්ජන අවශ්‍ය නෑ' - ජනාධිපති●SupremeSAT ගනුදෙනුව: රෝහිතගෙන් FCID යට පැය හතරක ප්‍රකාශයක්●සැබෑවද AI ද? 76%ක් අන්තර්ජාලයේදී රැවටෙන බව හෙළිවේ●
Top Ad
පුවත්

අනෝජන්ගේ ජීවිතය රැකගන්න සවුදියේ විශේෂ සාකච්ඡා!

Awara

Awara

October 7, 2026 • 4:05 PM

අනෝජන්ගේ ජීවිතය රැකගන්න සවුදියේ විශේෂ සාකච්ඡා!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අනෝජන් සිවරාසාට ලබාදී ඇති මරණ දඬුවම සම්බන්ධයෙන් නීතිමය හා රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම් සිදුකරමින් ඔහුගේ ජීවිතය බේරාගැනීම සඳහා හැකි සියලු මාර්ග පිළිබඳව මෙහිදී අවධානය යොමු වී ඇති බව වාර්තා වේ.
  • විශේෂයෙන්ම සවුදි අරාබියේ අදාළ බලධාරීන් සහ නීතිමය පාර්ශ්ව සමඟ සාකච්ඡා කරමින් මරණ දඬුවම වෙනුවට වෙනත් නීතිමය සහනයක් ලබාගැනීමේ හැකියාව පිළිබඳවද මෙහිදී අවධානය යොමු කර ඇති බව සඳහන් වේ.
  • අනෝජන් සිවරාසාගේ සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ තොරතුරු සහ ජනතා අවධානය ද මේ සඳහා පුළුල් අවධානයක් යොමුවීමට හේතු වී ඇති අතර, ඔහුගේ ජීවිතය බේරාගැනීම සඳහා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා පැවැත්වෙමින් පවතින බව වාර්තා වේ.
  • මෙම විශේෂ සාකච්ඡා සඳහා සහභාගි වන ශ්‍රී ලාංකේය නීති විශේෂඥ කණ්ඩායම මෙසේය, 1.
අකුරු ප්‍රමාණය (Font Size):

සමාජ මාධ්‍ය සටහනක් මුල් කරගනිමින් සවුදි අරාබියේදී මරණ දඬුවමට නියම වී සිටින ශ්‍රී ලාංකිකයෙකු වන අනෝජන් සිවරාසාගේ ජීවිතය බේරාගැනීම සඳහා ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා, ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම සහ අතිරේක සොලිසිටර් ජනරාල් සාද් නාවාදි ඇතුළු කණ්ඩායම මේ වන විට සවුදි අරාබියේදී විශේෂ සාකච්ඡාවල නිරත වෙමින් සිටිති.

අනෝජන් සිවරාසාට ලබාදී ඇති මරණ දඬුවම සම්බන්ධයෙන් නීතිමය හා රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම් සිදුකරමින් ඔහුගේ ජීවිතය බේරාගැනීම සඳහා හැකි සියලු මාර්ග පිළිබඳව මෙහිදී අවධානය යොමු වී ඇති බව වාර්තා වේ.

විශේෂයෙන්ම සවුදි අරාබියේ අදාළ බලධාරීන් සහ නීතිමය පාර්ශ්ව සමඟ සාකච්ඡා කරමින් මරණ දඬුවම වෙනුවට වෙනත් නීතිමය සහනයක් ලබාගැනීමේ හැකියාව පිළිබඳවද මෙහිදී අවධානය යොමු කර ඇති බව සඳහන් වේ.

අනෝජන් සිවරාසාගේ සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ තොරතුරු සහ ජනතා අවධානය ද මේ සඳහා පුළුල් අවධානයක් යොමුවීමට හේතු වී ඇති අතර, ඔහුගේ ජීවිතය බේරාගැනීම සඳහා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා පැවැත්වෙමින් පවතින බව වාර්තා වේ.

මෙම විශේෂ සාකච්ඡා සඳහා සහභාගි වන ශ්‍රී ලාංකේය නීති විශේෂඥ කණ්ඩායම මෙසේය,

1. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනාධිපති නීතිඥ මොහොමඩ් ෆයිසර් මුස්තාපා

2. ජෙඩා හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්, විනිසුරු එම්.ටී. මොහොමඩ් ලෆාර්

3. නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්‍ හෆීස් අසාර්ඩ් නවාවි

4. ජනාධිපති නීතිඥ කේ.ඒ. උපුල් ඉන්දික කුමාරප්පෙරුම

5. නීතිඥ ෆාරිස් ෆසාල් අබ්දුල් හෆීල් මොහොමඩ්

6. ෆයිසර් මුස්තාපා ගරු  පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාගේ සම්බන්ධීකරණ ලේකම් මොහොමඩ් රියාස්දීන් සිල්මි
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...