BREAKING
Top Ad
පුවත්

පාස්කු ප්‍රහාර නඩුව: නවුෆර් මවුලවි ඇතුළු 15ක් වරදකරුවන්

T

The Leader

September 22, 2026 • 9:14 AM

පාස්කු ප්‍රහාර නඩුව: නවුෆර් මවුලවි ඇතුළු 15ක් වරදකරුවන්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • * විත්තිකරුවන් 9 දෙනෙකු නිදොස් කොට නිදහස්; දඬුවම් නියම කිරීම රාත්‍රී 9.00ට
අකුරු ප්‍රමාණය (Font Size):

* අධිචෝදනා 23,270ක් යටතේ විභාග වූ ඓතිහාසික නඩු තීන්දුව විශේෂ මහාධිකරණයෙන්  


පාස්කු ප්‍රහාර නඩුව: නවුෆර් මවුලවි ඇතුළු 15ක් වරදකරුවන් – 9ක් නිදහස්  

 

2019 වසරේ පාස්කු ඉරුදින එල්ල වූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් වන ප්‍රධාන නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින්, මොහොමඩ් නවුෆර් හෙවත් ‘නවුෆර් මවුලවි’ ඇතුළු විත්තිකරුවන් 15 දෙනෙකු සියලු චෝදනාවලට වරදකරුවන් බව කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද (22) තීන්දු කළේය.  

 

නඩුවේ නම් කර සිටි සෙසු විත්තිකරුවන් 9 දෙනා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය නියෝග කළ අතර, වරදකරුවන් වූ විත්තිකරුවන්ට අදාළ දඬුවම් නියම කිරීම පසුවට කල් තැබිණි.  


ඒකමතික තීන්දුවක්  

 

කොළඹ ස්ථිර විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ සභාපති විනිසුරු නවරත්න මාරසිංහ, විනිසුරු සුජීව නිශ්ශංක සහ විනිසුරු රාමනාදන් කන්නන් යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.  

 

විත්තිකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ විත්තිවාචික සහ සාක්ෂි දීර්ඝ ලෙස සලකා බැලීමෙන් අනතුරුව, විනිසුරුවරුන් තිදෙනාගේම ඒකමතික තීරණය අනුව මෙම තීන්දුවට එළැඹි බව සභාපති විනිසුරුවරයා විවෘත අධිකරණයේදී සඳහන් කළේය. පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ අධිචෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට සමත්ව ඇති බව විනිසුරු මඬුල්ල තීන්දු කළේය.  

 

වරදකරුවන් වූ විත්තිකරුවන්  

ඒ අනුව නඩුවේ 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 15, 16, 17 සහ 18 යන විත්තිකරුවන් 15 දෙනා මෙලෙස වරදකරුවන් බවට තීන්දු විය. ඉන් 10 වන විත්තිකරු 16 වන චෝදනාවෙන් පමණක් නිදොස් වූ අතර අනෙක් සියලු චෝදනාවලට වරදකරු කරනු ලැබිණි.  

 

වරදකරුවන් වූ විත්තිකරුවන් වන්නේ:  

1- මුහම්මදු ඊබ්‍රාහිම් මොහොම්මදු නවුෆර් (නවුෆර් මවුලවි)  

2- මොහොමඩ් සරිබු ආදම් ලෙබ්බේ (ගෆූර් මාමා)  

3- හයාතු මොහොම්මදු අහමදු මිල්හාන් (අබු සිලා)  

4- මොහොමඩ් ඊබ්‍රාහිම් සාදික් අබ්දුල්ලා  

5- මොහොමඩ් ඊබ්‍රාහිම් සාහීඩ් අබ්දුල් හක්  

6- මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්කාන්  

7- මොහොමඩ් මන්සූර් මොහොමඩ් සනස්දීන්  

8- අබ්දුල් මනාෆ් මොහොමඩ් ෆිර්දවුස්  

9- මොහොමඩ් රමීෂ් මොහොමඩ් සාජිත් (සාජිත් මවුලවි)  

10- අබ්දුල් ලතීෆ් මොහොමඩ් ෂාෆි (සාෆි මවුලවි)  

11- හුසෙනුල් රිස්වි කාලිද් සමීර්  

12- මොහොමදු හනීෆා සෙයිනුල් ආබ්දීන්  

13- මොහොමඩ් මුස්තාෆා මොහොමඩ් හාරිස්  

14- රාසික් රාසා හුසේයින්  

15- කච්චි මොහොම්මදු මොහොම්මදු ජෙම්සිත්  

 

නඩුවේ 12, 13, 14 මෙන්ම 19 සිට 25 දක්වා වූ සෙසු විත්තිකරුවන් 9 දෙනා අධිකරණය විසින් නිදොස් කොට නිදහස් කරන ලදී.

 

වසර පහකට ආසන්න නඩු විභාගය  

 

2019 අප්‍රේල් 21 වන දින කොළඹ, මීගමුව සහ මඩකලපුව ප්‍රදේශවල පිහිටි කිතුනු දේවස්ථාන තුනක් සහ ප්‍රධාන පෙළේ සංචාරක හෝටල් තුනක් ඇතුළු ස්ථාන ඉලක්ක කරගෙන එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවෙන් විදේශිකයන් 45 දෙනෙකු ඇතුළු 270කට අධික පිරිසක් මියගොස් 500කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.  

 

ත්‍රස්ත ප්‍රහාර සැලසුම් කිරීම, ඒ සඳහා කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල දීම, අවි ආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය එක්රැස් කිරීම ඇතුළු චෝදනා 23,270ක් යටතේ නීතිපතිවරයා විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මෙම නඩුව ගොනුකර තිබිණි.  

 

2021 වසරේදී විත්තිකරුවන් 25 දෙනෙකුට එරෙහිව අධිචෝදනා භාරදුන් අතර, ඉන් එක් විත්තිකරුවකු නඩු විභාගය අතරතුර මියයාම හේතුවෙන් විත්තිකරුවන් 24 දෙනෙකුට අදාළව නඩුව විභාග විය. වසර පහකට ආසන්න කාලයක් පැවති මෙම දීර්ඝ නඩු විභාගයේදී පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂිකරුවන් 2,309 දෙනෙකුගේ සාක්ෂි සටහන් කරගෙන තිබුණි.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...