BREAKING
Top Ad
පුවත්

සවුදියේ අනෝජන් බේරාගැනීමේ මෙහෙයුමට මාලදිවයිනේ හිටපු ජනපති නෂීඩ්ගේ පූර්ණ සහාය

T

The Leader

September 23, 2026 • 9:34 AM

සවුදියේ අනෝජන් බේරාගැනීමේ මෙහෙයුමට මාලදිවයිනේ හිටපු ජනපති නෂීඩ්ගේ පූර්ණ සහාය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • * ජනාධිපති නීතිඥවරුන් වන ෆයිසර් මුස්තාපා සහ උපුල් කුමරප්පෙරුම මාලදිවයිනේදී නෂීඩ් හමුවෙති; මානුෂීය සහන ඉල්ලා සවුදි බලා යාමට සූදානම්.
  •   ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා සහ ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම අද (23) මාලදිවයිනේදී හිටපු ජනාධිපතිවරයා හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර, එහිදී ඔහු මේ පිළිබඳව මානුෂීය පදනමින් මැදිහත් වීමට එකඟතාව පළ කර ඇත.
  •   එම හමුවේදී අදහස් දක්වමින් මොහොමඩ් නෂීඩ් ප්‍රකාශ කර ඇත්තේ, අදාළ ප්‍රකාශය ඉස්ලාමීය සමාජය තුළ බරපතල සංවේදීතාවක් මතු කළ හැකි කරුණක් වුවද, අසරණ තරුණයෙකුගේ ජීවිතය රැකගැනීම වෙනුවෙන් තමන් මානුෂීය දෘෂ්ටිකෝණයකින් පෙනී සිටින බවයි.
  • එමෙන්ම, මෙම ක්‍රියාවලියේදී තමන්ට ලබාදිය හැකි උපරිම සහාය නොපැකිළව ලබාදෙන බවටද හිටපු ජනාධිපතිවරයා මෙහිදී සහතික වී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

* නීතිමය අභියාචනා සහ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ ඉහළම මැදිහත්වීම් සමගාමීව ක්‍රියාත්මකයි.


සමාජ මාධ්‍ය සටහනක් හේතුවෙන් සවුදි අරාබියේදී මරණ දඬුවමට නියම වී සිටින අනෝජන් සිවරාසා නමැති ශ්‍රී ලාංකික තරුණයාගේ ජීවිතය බේරාගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක රාජ්‍ය තාන්ත්‍රික ප්‍රයත්නයට මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් ගේ පූර්ණ සහාය හිමිව තිබේ.

 

ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා සහ ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම අද (23) මාලදිවයිනේදී හිටපු ජනාධිපතිවරයා හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර, එහිදී ඔහු මේ පිළිබඳව මානුෂීය පදනමින් මැදිහත් වීමට එකඟතාව පළ කර ඇත.

 

nasheed1 20260923


මාලදිවයිනේදී ඇරඹි රාජ්‍ය තාන්ත්‍රික මූලික පියවර


ජනාධිපතිවරයාගේ සහ විදේශ අමාත්‍යවරයාගේ සෘජු මැදිහත්වීම මත විශේෂ නියෝජිතයන් ලෙස සවුදි අරාබිය බලා පිටත්ව යාමට නියමිත ජනාධිපති නීතිඥවරුන් දෙපළ, සිය සංචාරයේ මූලික අදියරක් වශයෙන් මාලදිවයින බලා පිටත්ව ගොස් හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් හමුවී තිබේ.

 

එම හමුවේදී අදහස් දක්වමින් මොහොමඩ් නෂීඩ් ප්‍රකාශ කර ඇත්තේ, අදාළ ප්‍රකාශය ඉස්ලාමීය සමාජය තුළ බරපතල සංවේදීතාවක් මතු කළ හැකි කරුණක් වුවද, අසරණ තරුණයෙකුගේ ජීවිතය රැකගැනීම වෙනුවෙන් තමන් මානුෂීය දෘෂ්ටිකෝණයකින් පෙනී සිටින බවයි. එමෙන්ම, මෙම ක්‍රියාවලියේදී තමන්ට ලබාදිය හැකි උපරිම සහාය නොපැකිළව ලබාදෙන බවටද හිටපු ජනාධිපතිවරයා මෙහිදී සහතික වී ඇත.

 

මෙම සාකච්ඡාව සාර්ථකව අවසන් වූ බවත්, ඉදිරි දින කිහිපය තුළ සවුදි අරාබිය බලා පිටත්ව යාමට සැලසුම් කර ඇති බවත් ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම තහවුරු කළේය. මෙම තීරණාත්මක ගමන සඳහා ඔවුන් දෙදෙනාම රජයේ මුදල් වෙනුවට සිය පෞද්ගලික ධනය වැය කරමින් ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව සිටීම කැපීපෙනෙන කාරණයකි..

 

පාර්ලිමේන්තුවේදී හෙළි වූ රජයේ ක්‍රියාමාර්ග

මෙම සිදුවීම සම්බන්ධයෙන් ඊයේ (22) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකළ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් සඳහන් කළේ, අදාළ තරුණයාගේ ජීවිතය බේරාගැනීම සඳහා රජය රාජ්‍ය තාන්ත්‍රික, නීතිමය සහ කොන්සියුලර් යන සෑම මාර්ගයක්ම එකවර භාවිත කරමින් සිටින බවයි.

 

අමාත්‍යවරයා සඳහන් කළ පරිදි, අදාළ නීතිමය කරුණු ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති නීතිඥවරුන් වන ෆයිසර් මුස්තාපා සහ උපුල් කුමරප්පෙරුම කඩිනමින් සවුදි අරාබිය බලා පිටත් කර හැරීමට තීරණය කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.  ඊට අමතරව, ඉදිරියේදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අතරතුරදී සවුදි අරාබියේ විදේශ අමාත්‍යවරයා පෞද්ගලිකව හමුවී මේ සම්බන්ධයෙන් මානුෂීය සහනයක් ලබාගැනීමට සාකච්ඡා කිරීමට නියමිත බවද අමාත්‍යවරයා කියා සිටියේය.

 

තවද, ශ්‍රී ලංකා ජනාධිපතිවරයා විසින් සවුදි අරාබියේ රජු වෙත රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සෘජු ලිඛිත ඉල්ලීමක් යොමු කිරීමට අවශ්‍ය කටයුතුද මේ වන විට සූදානම් කෙරෙමින් පවතී.

 

නඩුවේ නීතිමය පසුබිම සහ ඉදිරි අභියාචනය  

 

අම්පාර දිස්ත්‍රික්කයේ කල්මුණේ, නට්පත්තිමුනෙයි ප්‍රදේශයේ පදිංචි අනෝජන් සිවරාසා නැමැති මෙම තරුණයා පසුගිය 2025 වසරේ සැප්තැම්බර් මස සවුදි අරාබියට රැකියාව සඳහා ගොස් ඇති අතර, සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවූ අදහස් හුවමාරුවකදී පළවූ සටහනක් හේතුවෙන් පසුගිය ජූලි 02 වැනිදා අත්අඩංගුවට පත්විය.

 

අනතුරුව අල්-අහ්සා අපරාධ අධිකරණය මගින් එරට සයිබර් අපරාධ වැළැක්වීමේ නීතිය යටතේ ඔහුට වසර 5ක සිරදඬුවමක් සහ රියාල් මිලියන තුනක දඩයක් නියම කළේය. ඊට එරෙහිව විත්තිය විසින් ලිහිල් දඬුවමක් අපේක්ෂාවෙන් අභියාචනයක් ඉදිරිපත් කළ අතර, පැමිණිල්ල පාර්ශ්වයද ෂරියා නීතිය යටතේ දඬුවම ඉහළ නංවන ලෙස ඉල්ලා වෙනම අභියාචනයක් ඉදිරිපත් කර තිබුණි. එම අභියාචනා සලකා බැලූ නැගෙනහිර පළාත් අභියාචනාධිකරණය, මෙය ආගමික අපහාසයක් ලෙස අර්ථකථනය කරමින් මරණ දඬුවම නියම කිරීමට තීන්දු කර ඇත.

 

සවුදි අරාබියේ පවතින නීතිමය ක්‍රමවේදය අනුව, අදාළ තීන්දුවට එරෙහිව එරට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරි මාසයක කාලය තුළ අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවස්ථාව පවතින අතර, සවුදි නීතිඥ සමාගමක් හරහා ඊට අදාළ නීතිමය ලියකියවිලි සකස් කිරීම මේ වන විටත් ආරම්භ කර තිබේ.

 

මෙම සංවේදී අවස්ථාවේදී මෙරට ජාතීන් අතර සංහිඳියාව ආරක්ෂා කරගනිමින්, අනෝජන් සිවරාසාගේ ජීවිතය වෙනුවෙන් සිදුකෙරෙන මෙම රාජ්‍ය තාන්ත්‍රික හා නීතිමය මෙහෙයුමට උපරිම අවකාශය ලබාදෙන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියි.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...