The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

Sri Lankan Airlines හිටපු CEO කපිල චන්ද්‍රසේන ගේ මරණ පරීක්ෂණයට පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුවක්

T

The Leader Desk

May 9, 2026 • 3:53 AM

Sri Lankan Airlines හිටපු CEO කපිල චන්ද්‍රසේන ගේ මරණ පරීක්ෂණයට පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොල්ලුපිටිය පොලිසිය සිදු කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කළේය.
  • මෙම සැකකටයුතු මරණය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව ද පොලිසිය විසින් අධිකරණයට දන්වා සිටියේය.
  • ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන, කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද සිල්වාගේ නිවසේ මියගොස් සිටියදී ඊයේ (මැයි 08) හමුවිය.
  • 'සරෙන්ඩර් කරන්න හිටියේ' ශ්‍රී ලංකන් හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයෙකු මාධ්‍යවේදීන් කළ විමසීමකදී කියා සිටියේ, අධිකරණය ලබාදුන් නියෝගයට අනුව ඔහුව මැයි 08 වැනිදා මෝසමක් මාර්ගයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබු බවය.
අකුරු ප්‍රමාණය (Font Size):

කපිල චන්ද්‍රසේනගේ මෘත දේහය සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා විසින් පත් කරන විශේෂඥ වෛද්‍යවරුන් පස් දෙනෙකුගෙන් යුත් කමිටුවක් මගින් පශ්චාත් මරණ පරීක්‍ෂණයක් පවත්වා ලබන 12 වෙනිදා මරණයට හේතු අධිකරණයට වාර්තා කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට ඊයේ  (08) නියම කළේ ය.

කොල්ලුපිටිය පොලිසිය සිදු කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කළේය.  

මෙම සැකකටයුතු මරණය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව ද පොලිසිය විසින් අධිකරණයට දන්වා සිටියේය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන, කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද සිල්වාගේ නිවසේ මියගොස් සිටියදී ඊයේ (මැයි 08) හමුවිය. (කපිල චන්ද්‍රසේනගේ බිරිඳ ප්‍රියංකා විජයනායක,  අරවින්ද සිල්වාගේ බිරිඳ අනුෂ්කා විජනායකගේ සහෝදරියයි)

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී ඇමරිකානු ඩොලර් මිලියන 2 ක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එහි හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන ඉකුත් මැයි 06 වනදා ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කළ අතර පසුව නැවත ඔහුව අත්අඩංගුවට ගන්නැයි පෙරේදා (මැයි 07) නියෝග කර තිබිණි. ඒ අල්ලස් කොමිසම විසින් සිදුකළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමිනි.

'සරෙන්ඩර් කරන්න හිටියේ'

ශ්‍රී ලංකන් හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයෙකු මාධ්‍යවේදීන් කළ විමසීමකදී කියා සිටියේ,  අධිකරණය ලබාදුන් නියෝගයට අනුව ඔහුව මැයි 08 වැනිදා මෝසමක් මාර්ගයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබු බවය.

"අපි අද මෝෂන් එකක් දාන්න හිටියා එයාව සරෙන්ඩර් කරන්න. ඒ මෝෂන් එක දාලා එයා උසාවියට එන්න හිටියේ. ඒ ඉන්න අතරෙයි ඕක දැන ගත්තේ. අපිට ඩොකියුමන්ට්ලි ඔප්පු කරන්න බැහැ මෝෂන් එකක් දානවා කියන එක. මොකද අපි ඒක දාන්නේ උදේ 10.00ට ඉස්සර වෙලානේ. හැබැයි දාන්න හිටියේ කියලා අපි දන්නවා. සිද්ධිය වෙලා තියන තැන අපේ තව ලෝයර් කෙනෙක් ගිහින් ඉන්නවා. සමහර විට එයත් කටඋත්තර දෙයි. එයාව උසාවියට සරෙන්ඩර් කරන්න හිටියේ කියලා." එම නීතිඥවරයා වැඩි දුරටත් කියා සිටියේය.


සබැඳි ලිපි :

බලහත්කාරයෙන් ගත් කටඋත්තරයක්ද? කපිල චන්ද්‍රසේනගේ ආන්දෝලනාත්මක දිවුරුම් ප්‍රකාශය සහ අල්ලස් කොමිසමේ මාධ්‍ය මෙහෙයුම පිටුපස ඇති කතාව

'අල්ලස් වශයෙන් ලැබුන මුදලින් කොටසක් මහින්දට දුන්න කතාවේ ඇත්ත -නැත්ත ? - කපිලගෙන් දිව්රුම් ප්‍රකාශයක් !

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...