The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

Sri Lankan හිටපු CEO කපිලට ඇප තියන්න ආ දෙදෙනෙකු අත්අඩංගුවට

T

The Leader Desk

May 7, 2026 • 4:06 AM

Sri Lankan හිටපු CEO කපිලට ඇප තියන්න ආ දෙදෙනෙකු අත්අඩංගුවට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අදාළ සැකකරුවන් දෙදෙනා කෙසෙල්වත්ත පොලීසිය මගින් පෙරේදා (5) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.
  • එහිදී අදාළ සැකකරුවන් එළැඹෙන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත්වරයා අධිකරණය නියම කර තිබේ.
  • මෙහිදී කෙසෙල්වත්ත පොලීසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරුවන් දෙදෙනා රිමාන්ඩ් බාරයේ සිටි කපිල චන්ද්‍රසේන ව නාඳුනන බවත්, රුපියල් 15000 බැගින් මුදල් ලබාගෙන ඇපකරුවන් වශයෙන් ඉදිරිපත් වී ඇති බව සඳහන් කළේය.
  • ඇප තැබීම සඳහා පැමිණි මෙම සැකකරුවන් සම්බන්ධයෙන් සැකසහිත තත්ත්වයක් ඇතිවීම හේතුවෙන්, අධිකරණ කාර්ය මණ්ඩලය කළ පැමිණිල්ලකට අනුව මොවුන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):


අදාළ සැකකරුවන් දෙදෙනා කෙසෙල්වත්ත පොලීසිය මගින් පෙරේදා  (5) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.

එහිදී අදාළ සැකකරුවන් එළැඹෙන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත්වරයා අධිකරණය නියම කර තිබේ.

අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ආසන්නයේ පිහිටි සාංචි ආරච්චිවත්ත ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් රිස්වාන් සහ මොහොමඩ් ඉර්ෂාන් යන සැකකරුවන් දෙදෙනා මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

මෙහිදී කෙසෙල්වත්ත පොලීසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරුවන් දෙදෙනා රිමාන්ඩ් බාරයේ සිටි කපිල චන්ද්‍රසේන ව නාඳුනන බවත්, රුපියල් 15000 බැගින් මුදල් ලබාගෙන ඇපකරුවන් වශයෙන් ඉදිරිපත් වී ඇති බව සඳහන් කළේය.

ඇප තැබීම සඳහා පැමිණි මෙම සැකකරුවන් සම්බන්ධයෙන් සැකසහිත තත්ත්වයක් ඇතිවීම හේතුවෙන්, අධිකරණ කාර්ය මණ්ඩලය කළ පැමිණිල්ලකට අනුව මොවුන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

සැකකරුවන්ට නිශ්චිත රැකියාවක් හෝ ආදායම් මාර්ගයක් නැති බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

ඒ අනුව සැකකරුවන් ඉදිරි විමර්ශන සඳහා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලහිරු සිල්වා, ඇප තැබීම සඳහා මොවුන් ග්‍රාම නිලධාරි සහතික ලබා ගැනීම පිළිබඳ විමර්ශන සිදුකර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් නියම කළේය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 2 ක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එම සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පෙරේදා  (මැයි 5 වැනිදා) නියම කළේය.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග. එස්. බෝදරගම විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කරන ලදි.

ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ 05 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හැරීමට නියෝග කෙරුණි.

සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමට ද නියෝග කළ මහේස්ත්‍රාත්වරයා ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදිය යුතු බවටත් නියෝග කළේය.

මෙම නඩුකරය ඉකුත් 28 වැනිදා කැඳවූ අවස්ථාවේදී සැකකාර කපිල චන්ද්‍රසේන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්කුසලරත්න විසින් මෙම ඇප ඉල්ලීම ඉදිරිපත් කර තිබිණි.


(මුලාශ්‍රය - aruna)
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...