The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

SriLankan හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සියදිවි නසාගනී !

T

The Leader Desk

May 8, 2026 • 3:26 AM

 SriLankan හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සියදිවි නසාගනී !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට නිකුත් කළ ඇප අවලංගු කර, ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (07) නියෝගයක් නිකුත් කළේය.
  • 'ස්වාමීනී, සැකකාර කපිල චන්ද්‍රසේන 1997 අංක 30 දරණ ඇප 5 සහ දූෂණ විරෝධී පනතේ වැරදි සිදුකරමින් අධිකරණයේ විශ්වාසය කඩ කර තිබෙනවා.
  • අධිකරණය මගින් නියම කළ රුපියල් ලක්ෂ සියයක ශරීර ඇප දෙකක් සඳහා ඇප තැබීමට රුපියල් 15000 බැගින් ගෙවා පුද්ගලයින් දෙදෙනෙකු ඉදිරිපත් කිරීම තුළින් ඇප කොන්දේසි සහ අධිකරණයේ විශ්වාස කඩ කර තිබෙනවා'' යැයිද අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේය.
  • අදාළ සැකකරුවන් දෙදෙනා කෙසෙල් වත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවත්, මෙම කරුණු මාධ්‍යවල පළවී ඇති බවත් සඳහන් කළ අල්ලස් කොමිසම, සැකකරුගේ ඇප අවලංගු කළ රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
අකුරු ප්‍රමාණය (Font Size):


ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට නිකුත් කළ ඇප අවලංගු කර, ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ  (07) නියෝගයක් නිකුත් කළේය.

අල්ලස් කොමිසම සිදුකළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම විසින් මෙම නියෝගය නිකුත්කර කළේය.

අලුත්කඩේ අධිකරණය අසළ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකුට රුපියල් 15000 බැගින් ගෙවා ඔහුට පැනවූ ඇප තැන්පත් කිරීමට ඉදිරිපත් කරමින් ඇප කොන්දේසි සහ අධිකරණයේ විශ්වාසය කඩ කර ඇති  ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ ඇප අවලංගු කර නඩුව විභාග කර අවසාන වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අල්ලස් කොමිසම මෝසමක් ගොනු කරමින් ඉල්ලා සිටියේය.

'ස්වාමීනී, සැකකාර කපිල චන්ද්‍රසේන 1997 අංක 30 දරණ ඇප 5 සහ දූෂණ විරෝධී පනතේ වැරදි සිදුකරමින් අධිකරණයේ විශ්වාසය කඩ කර තිබෙනවා. අධිකරණය මගින් නියම කළ  රුපියල් ලක්ෂ  සියයක ශරීර ඇප දෙකක් සඳහා ඇප තැබීමට රුපියල් 15000 බැගින් ගෙවා පුද්ගලයින් දෙදෙනෙකු ඉදිරිපත් කිරීම තුළින් ඇප කොන්දේසි සහ අධිකරණයේ විශ්වාස කඩ කර තිබෙනවා'' යැයිද අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේය.

අදාළ සැකකරුවන් දෙදෙනා කෙසෙල් වත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවත්, මෙම කරුණු මාධ්‍යවල පළවී ඇති බවත් සඳහන් කළ අල්ලස් කොමිසම, සැකකරුගේ ඇප අවලංගු කළ රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 2 ක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එම සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පෙරේදා  (මැයි 5 වැනිදා) නියම කළේය.

 
සබැඳි පුවත :

Sri Lankan හිටපු CEO කපිලට ඇප තියන්න ආ දෙදෙනෙකු අත්අඩංගුවට


බලහත්කාරයෙන් ගත් කටඋත්තරයක්ද? කපිල චන්ද්‍රසේනගේ ආන්දෝලනාත්මක දිවුරුම් ප්‍රකාශය සහ අල්ලස් කොමිසමේ මාධ්‍ය මෙහෙයුම පිටුපස ඇති කතාව

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

SriLankan හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සියදිවි නසාගනී ! | The Leader