The Leader News
BREAKING
කලාපීය වෙළඳ තරගය හමුවේ ශ්‍රී ලංකාව තනිවීමේ අවදානමක්●නාමල්ගේ සිරකුටියට ආ අලුත්ම සාමාජිකයා●ඉන්දීය සාගරයේ ශිෂ්ටාචාර උරුමය ෂැංහයි සමුළුවේදී ශ්‍රී ලංකාව අවධාරණය කරයි●යුද සමයේ සහන සේවක ප්‍රහාර : රජයේ සමාව UN ඉල්ලයි●නවදිල්ලියේදී විජිත - ජයශංකර් හමුවෙති: ඉන්දීය සාගරයේ ආර්ථික බලය කාටද?●ජාත්‍යන්තර මුහුදේදී මත්ද්‍රව්‍ය යාත්‍රාවක් සමඟ සත්දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට●ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ශ්‍රී ලංකාවට ඓතිහාසික ද්විත්ව ජයග්‍රහණයක්●'අපි මූල්‍ය විනය රකින ආණ්ඩුවක්: උද්ඝෝෂණ-වර්ජන අවශ්‍ය නෑ' - ජනාධිපති●SupremeSAT ගනුදෙනුව: රෝහිතගෙන් FCID යට පැය හතරක ප්‍රකාශයක්●සැබෑවද AI ද? 76%ක් අන්තර්ජාලයේදී රැවටෙන බව හෙළිවේ●
Top Ad
පුවත්

සුගීෂ්වරගේ නඩුව වෙනත් අධිකරණයකට යැවීමට ඉල්ලීමක්!

Awara

Awara

October 7, 2026 • 5:32 PM

සුගීෂ්වරගේ නඩුව වෙනත් අධිකරණයකට යැවීමට ඉල්ලීමක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හිටපු ජනාධිපතිවරුන් දෙදෙනෙකුගේ පාලන කාලයන්හිදී එකවර තනතුරු දෙකක් දරමින් රජයේ වැටුප් ලබාගත් බවට චෝදනා ලැබ සිටින නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර ලබන 21 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (07) නියෝග කළේය.
  • මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCD) මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර සිටින සැකකරු මේ වන විට දින 100 ඉක්මවූ කාලයක් රක්ෂිත බන්ධනාගාරයේ පසුවේ.
  • තම සේවාදායකයා මෙන්ම නීතිඥවරයකු ලෙස පෙනී සිටින තමන් සම්බන්ධයෙන් ද කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් අභියාචනාධිකරණයට පැමිණිල්ලක් යොමු කර ඇති බැවින්, මෙම නඩුව විභාග කිරීමෙන් බැහැරව එය වෙනත් අධිකරණයකට යොමු කරන ලෙස ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටියේය.
  • තම සේවාදායකයාට සාධාරණ නඩු විභාගයක් සහතික කිරීම උදෙසා මෙම පියවර අත්‍යවශ්‍ය බව විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඩුල්ල අවධාරණය කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

හිටපු ජනාධිපතිවරුන් දෙදෙනෙකුගේ පාලන කාලයන්හිදී එකවර තනතුරු දෙකක් දරමින් රජයේ වැටුප් ලබාගත් බවට චෝදනා ලැබ සිටින නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර ලබන 21 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (07) නියෝග කළේය.

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCD) මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර සිටින සැකකරු මේ වන විට දින 100 ඉක්මවූ කාලයක් රක්ෂිත බන්ධනාගාරයේ පසුවේ.

අධිකරණය මාරු කිරීමේ විශේෂ ඉල්ලීම

නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර සුගීෂ්වර බණ්ඩාර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න අධිකරණය හමුවේ විශේෂ කරුණු දැක්වීමක් සිදු කළේය.

තම සේවාදායකයා මෙන්ම නීතිඥවරයකු ලෙස පෙනී සිටින තමන් සම්බන්ධයෙන් ද කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් අභියාචනාධිකරණයට පැමිණිල්ලක් යොමු කර ඇති බැවින්, මෙම නඩුව විභාග කිරීමෙන් බැහැරව එය වෙනත් අධිකරණයකට යොමු කරන ලෙස ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටියේය.

තම සේවාදායකයාට සාධාරණ නඩු විභාගයක් සහතික කිරීම උදෙසා මෙම පියවර අත්‍යවශ්‍ය බව විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඩුල්ල අවධාරණය කළේය.

මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන, නඩුව වෙනත් අධිකරණයකට යොමු කරන ලෙස විත්තියේ නීතිඥ මඩුල්ල කළ එම ඉල්ලීම අද දිනම අධිකරණ සේවා කොමිෂන් සභාව (JSC) වෙත දන්වා යවන ලෙස අධිකරණ රෙජිස්ට්‍රාර්වරියට නියෝග කළේය.

ශ්‍රී ලංකාවේ නීති පද්ධතියට අනුව මහේස්ත්‍රාත් අධිකරණයක විභාග වන නඩුවක් අධිකරණ බලසීමාවෙන් බැහැර වෙනත් අධිකරණයකට පැවරීමේ හෝ විනිසුරුවරයකු මාරු කිරීමේ පරිපාලනමය තීරණ ගැනීමේ පූර්ණ බලය හිමිවන්නේ අගවිනිසුරුවරයා ප්‍රමුඛ අධිකරණ සේවා කොමිෂන් සභාවටය.

චෝදනාවේ පසුබිම

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ පුද්ගලික ලේකම්වරයකු ලෙස සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරමින්, ජනාධිපති වැය ශීර්ෂය යටතේ එකවර තනතුරු දෙකක් සඳහා නීතිවිරෝධී ලෙස වැටුප් හා දීමනා ලබාගෙන රජයේ මුදල් සාපරාධී ලෙස අවභාවිත කළ බවට සුගීෂ්වර බණ්ඩාර ට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර්ශන පවත්වයි.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සුගීෂ්වරගේ නඩුව වෙනත් අධිකරණයකට යැවීමට ඉල්ලීමක්! | The Leader