The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
පුවත්

රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි

Pasan

Pasan

October 6, 2026 • 11:45 PM

රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාස්කු ප්‍රහාර විමර්ශන සම්බන්ධයෙන් රැඳවුම් භාරයේ පසුවන හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ කොළඹ ජාතික රෝහලේ දින 119ක ප්‍රතිකාරවලින් පසු අද (06) පස්වරුවේ යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයට පත් කෙරිණි.
  • පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාවට අදාළ විමර්ශනවල තෙවන සැකකරු ලෙස නම් කර සිටින රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ කොළඹ ජාතික රෝහලෙන් මුදාහැර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගැනීමට පියවර ගැනිණි.
  • මෙම පියවර ගනු ලැබුවේ අද (06) පස්වරුවේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවති කරුණු දැක්වීම්වලින් අනතුරුවය.
  • විශේෂඥ වෛද්‍යවරුන් 09 දෙනෙකු අධිකරණයට පසුගිය ඔක්තෝබර් 01 වනදා අධිකරණය නිකුත් කළ නොතීසියකට අනුව, ජාතික රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය එම්.කේ.
අකුරු ප්‍රමාණය (Font Size):

පාස්කු ප්‍රහාර විමර්ශන සම්බන්ධයෙන් රැඳවුම් භාරයේ පසුවන හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ  කොළඹ ජාතික රෝහලේ දින 119ක ප්‍රතිකාරවලින් පසු අද (06) පස්වරුවේ යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයට පත් කෙරිණි. ඒ, විශේෂඥ වෛද්‍ය මණ්ඩලයේ නිර්දේශ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාවට අදාළ විමර්ශනවල තෙවන සැකකරු ලෙස නම් කර සිටින රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ කොළඹ ජාතික රෝහලෙන් මුදාහැර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගැනීමට පියවර ගැනිණි.

මෙම පියවර ගනු ලැබුවේ අද (06) පස්වරුවේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවති කරුණු දැක්වීම්වලින් අනතුරුවය.


විශේෂඥ වෛද්‍යවරුන් 09 දෙනෙකු අධිකරණයට

පසුගිය ඔක්තෝබර් 01 වනදා අධිකරණය නිකුත් කළ නොතීසියකට අනුව, ජාතික රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය එම්.කේ. සම්පත් ඉන්දික කුමාර ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන් 09 දෙනෙකු අද විවෘත අධිකරණයේ පෙනී සිටියහ. දස පුද්ගල කමිටුවේ සාමාජිකයකු වන විශේෂඥ වෛද්‍ය ජනක අකරවිට විදේශගතව සිටින බව මෙහිදී දැනුම් දෙනු ලැබීය.

ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාගේ ඉල්ලීම පරිදි වෛද්‍ය මණ්ඩලය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සඳහන් කළේ, සැකකරුට නේවාසික ප්‍රතිකාර අවසන් කර රෝහලෙන් පිටව යා හැකි බවට ඔක්තෝබර් 03 වන දිනැතිව වෛද්‍ය මණ්ඩලය වාර්තාවක් ගොනු කර ඇති බවයි.


වෛද්‍ය වාර්තාවේ නිර්දේශ 6ක්

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන වෙත යොමු කරන ලද අදාළ වාර්තාවේ ප්‍රධාන නිර්දේශ කිහිපයක් අන්තර්ගත විය:

1- නිර්දේශිත සියලු ඖෂධ අඛණ්ඩව ලබා දීම
2- සුදුසු පරිසරයක වෛද්‍ය අධීක්ෂණය යටතේ රඳවා තැබීම
3- නිසි වේලාවට අදාළ වෛද්‍ය සායන වෙත යොමු කිරීම
4- හදිසි අසාත්මිකතාවක් මතු වුවහොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම
5- හෘද යන්ත්‍ර ක්‍රියාකාරිත්වය නිරීක්ෂණය සඳහා හෘද ඒකක වෙත යොමු කිරීම

පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පෙන්වා දුන්නේ, සැකකරුගේ රෝගී තත්ත්වය කිසිදු බාහිර හිංසනයක් නිසා ඇති වූවක් නොවන බවත්, රජයේ පිරිවැයෙන් රුපියල් ලක්ෂ 20ක් වැය කර හෘද යන්ත්‍රයක් සවි කිරීමට කටයුතු කර ඇති බවත්ය.


දුරකථන දත්ත සහ මුරපද ගැටලුව

සැකකරු අභියාචනාධිකරණය හමුවේ පිටු 9,700ක ලේඛන සහ පිටු 24ක දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කර තිබුණද, සිය දුරකථනයේ හෝ පරිගණකයේ මුරපදය (password) මතක නැති බව පවසමින් විමර්ශන කටයුතු ප්‍රමාද කරමින් සිටින බවට පැමිණිල්ල චෝදනා කළේය.

අදාළ මුරපද ලබා ගැනීම සඳහා Apple සමාගම, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව මෙන්ම මොරටුව සහ කොළඹ විශ්වවිද්‍යාලවල තාක්ෂණික සහාය ලබා ගැනීමට විකල්ප ක්‍රියාමාර්ග සොයා බලමින් සිටින බව ද නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැන්වීය.


විත්තියේ විරෝධය සහ අධිකරණ නියෝගය

සැකකාර සුරේෂ් සලේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු කරුණු දක්වමින්, නඩුව කැඳවීමට අදාළ මෝසම සම්බන්ධයෙන් විත්තියට කිසිදු පූර්ව දැනුම්දීමක් කර නොමැති බවත්, වෛද්‍ය වාර්තාවල පිටපත් විත්තියට ද ලබා දිය යුතු බවත් ප්‍රකාශ කළේය.

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අරස්කුලරත්න ද සැකකරු ඉදිරි විමර්ශන සඳහා CID භාරයට පත් කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටියේය.

දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත්වරයා, වෛද්‍ය වාර්තා සලකා බැලීමෙන් පසු අදාළ නඩුව නැවත ඔක්තෝබර් 21 වන දින කැඳවීමට නියෝග කළේය.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...