BREAKING
Top Ad
පුවත්

පාස්කු තීන්දුවෙන් පසු අධිකරණ ක්ෂේත්‍රයේ ඉහළ පුරප්පාඩු පිරවීමේ සුවිශේෂී පියවරක්

T

The Leader

September 23, 2026 • 10:57 AM

පාස්කු තීන්දුවෙන් පසු අධිකරණ ක්ෂේත්‍රයේ ඉහළ පුරප්පාඩු පිරවීමේ සුවිශේෂී පියවරක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • * නව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙක් දිවුරුම් දෙති; මාරසිංහ සහ තිලකරත්න විනිසුරුවරුන්ගේ නම් ව්‍යවස්ථා සභාවට
  • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව එම පත්වීම් ස්ථිර කිරීම සඳහා වන නිර්දේශ මේ වන විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත යොමු කර ඇත.
  •   නඩු විභාගයේ ස්වාධීනත්වය සුරැකීමේ එකඟතාව අභියාචනාධිකරණයේ පවතින විනිසුරු පුරප්පාඩු කඩිනමින් සම්පූර්ණ කිරීම සම්බන්ධයෙන් මෑතකදී ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) නියෝජිතයන් ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදී සාකච්ඡාවට ලක් විය.
  • එහිදී ජනාධිපතිවරයා පෙන්වා දී තිබුණේ, පාස්කු ප්‍රහාරය පිළිබඳ නඩුවේ විභාග කටයුතුවලට කිසිදු බාධාවක් හෝ ප්‍රමාදයක් සිදු නොවනු පිණිස, එහි තීන්දුව ලබා දෙන තෙක් සභාපති විනිසුරුවරයාගේ උසස්වීම් නිර්දේශය රඳවා තබා ගන්නා බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

* ඓතිහාසික නඩු තීන්දුවෙන් පසු අභියාචනාධිකරණයේ පුරප්පාඩු පිරවීමට ජනපතිගෙන් කඩිනම් නිර්දේශ

 

ශ්‍රී ලංකා අධිකරණ පද්ධතියේ ඉහළ අධිකරණවල පවතින පුරප්පාඩු සම්පූර්ණ කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කරමින්, නව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකු පත් කිරීමටත්, අභියාචනාධිකරණ විනිසුරු ධුර සඳහා ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන් දෙදෙනෙකුගේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත යොමු කිරීමටත් ජනාධිපති අනුර කුමාර දිසානායක පියවර ගෙන තිබේ.


නව මහාධිකරණ විනිසුරුවරුන් දිවුරුම් දෙයි


අධිකරණ සේවා කොමිෂන් සභාවේ නිර්දේශ පරිදි, අධිකරණ සේවයේ විශේෂ පන්තියේ නිලධාරීන් තිදෙනෙකු නව මහාධිකරණ විනිසුරුවරුන් ලෙස ජනාධිපතිවරයා විසින් පත් කර ඇත. ඒ අනුව යාපනය දිසා විනිසුරු පෙරුමාල් සිවකුමාර්, අධිකරණ සේවා කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ආනන්දි කනගරත්නම් සහ කොළඹ දිසා විනිසුරු ඤාණේස ලලිත් කන්නන්ගර යන මහත්ම මහත්මීන් කොළඹ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්හ.

 

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.


judges1 20260923පෙරුමාල් සිවකුමාර් මහතා

judges2 20260923ආනන්දි කනගරත්නම් මෙනෙවිය

 

judges3 20260923ඤාණේස ලලිත් කන්නන්ගර මහතා


අභියාචනාධිකරණ පුරප්පාඩු පිරවීමට ව්‍යවස්ථා සභාවට නම් කළ විනිසුරුවරු


මේ අතර, දීර්ඝ කාලයක් විභාග වූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කළ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු නවරත්න මාරසිංහ සහ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න අභියාචනාධිකරණයේ විනිසුරු ධුර සඳහා ජනාධිපතිවරයා විසින් නම් කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව එම පත්වීම් ස්ථිර කිරීම සඳහා වන නිර්දේශ මේ වන විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත යොමු කර ඇත.

 

මීට පෙර, නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජෙනරාල් ලක්මාලි කරුණානායක  ද අභියාචනාධිකරණ විනිසුරු ධුරයකට පත් කරනු ලැබුවාය.

 

නඩු විභාගයේ ස්වාධීනත්වය සුරැකීමේ එකඟතාව

අභියාචනාධිකරණයේ පවතින විනිසුරු පුරප්පාඩු කඩිනමින් සම්පූර්ණ කිරීම සම්බන්ධයෙන් මෑතකදී ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) නියෝජිතයන් ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදී සාකච්ඡාවට ලක් විය. එහිදී ජනාධිපතිවරයා පෙන්වා දී තිබුණේ, පාස්කු ප්‍රහාරය පිළිබඳ නඩුවේ විභාග කටයුතුවලට කිසිදු බාධාවක් හෝ ප්‍රමාදයක් සිදු නොවනු පිණිස, එහි තීන්දුව ලබා දෙන තෙක් සභාපති විනිසුරුවරයාගේ උසස්වීම් නිර්දේශය රඳවා තබා ගන්නා බවයි. ඒ අනුව, අදාළ ඓතිහාසික නඩු තීන්දුව ලබා දීමෙන් අනතුරුව මෙම පියවර ගෙන තිබේ.

 

පාස්කු නඩු තීන්දුවේ සංක්ෂිප්තය

2019 අප්‍රේල් 21 වන දින පුද්ගලයන් 279 දෙනෙකුට මරු කැඳවමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විත්තිකරුවන් 25 දෙනෙකුට එරෙහිව අධිචෝදනා 23,270ක් ගොනු කරමින් මෙම නඩුව 2021 නොවැම්බර් මස ආරම්භ විය. නඩු විභාගය අතරතුර එක් විත්තිකරුවෙකු මියගිය අතර, කැඳවන ලද සාක්ෂිකරුවන් ගණන 2,309කි.

 

සභාපති විනිසුරු නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල විසින් ප්‍රකාශයට පත් කරන ලද තීන්දුව අනුව, විත්තිකරුවන් 14 දෙනෙකු චෝදනා සියල්ලටම වරදකරුවන් කරමින් බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කෙරිණි. එක් විත්තිකරුවෙකු එක් චෝදනාවකට හැර සෙසු චෝදනාවලට වරදකරු වූ අතර, සාක්ෂි ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විත්තිකරුවන් 9 දෙනෙකු සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලදි.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...