The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

හිරු TV සහ හිරු FM ගෝලීය සම්මානයට පාත්‍ර වෙයි

T

The Leader Desk

April 28, 2026 • 12:28 PM

හිරු TV සහ හිරු FM ගෝලීය සම්මානයට පාත්‍ර වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ අනුව කලාපයේ වඩාත් බලපෑම් සහගත මාධ්‍ය ජාලය ලෙස හිරු මාධ්‍ය ජාලය ' Global Recognition Awards' හි 2026 වසර සඳහා වන "ගෝලීය ඇගයීම් සම්මානයෙන්" පිදුම් ලබා ඇත.
  • ආසියානු මාධ්‍ය ජාලයට හිමිවූ මෙම ජාත්‍යන්තර මට්ටමේ ඇගයීම පිළිබඳව ලොව ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික වෙබ් අඩවියක් වන ෆෝබ්ස් වෙබ් අඩවිය සහ ලොව ප්‍රමුඛ පෙළේ ප්‍රවෘත්ති ඒජන්සියක් වන රොයිටර්ස් පුවත් සේවය ද වාර්තා කර ඇත.
  • ව්‍යවසායකත්ව, නවෝත්පාදන සමාගම් ඇතුළු ප්‍රධාන කාණ්ඩ 04ක් යටතේ සම්මාන පිරිනමමින් වසර ගණනාවක් තිස්සේ ලොව විශිෂ්ඨතමයින් අගයන මෙම සම්මාන උළෙල 2026 වසර සඳහා පවත්වනු ලබන්නේ නව තාක්ෂණය, සේවා විශිෂ්ටත්වය සහ උපායමාර්‌ගික නායකත්වය යන අංශ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමිනි.
  • එමෙන්ම අභ්‍යාවකාශ තාක්ෂණයේ මෑතකාලීන දැවැන්ත පෙරළිකාරයෙකු බවට පත්වූ SPACEX සමාගමද Global Recognition Awards සම්මානයෙන් පිදුම් ලැබිය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ අනුව කලාපයේ වඩාත් බලපෑම් සහගත මාධ්‍ය ජාලය ලෙස හිරු මාධ්‍ය ජාලය 'Global Recognition Awards' හි 2026 වසර සඳහා වන "ගෝලීය ඇගයීම් සම්මානයෙන්" පිදුම් ලබා ඇත.

ආසියානු මාධ්‍ය ජාලයට හිමිවූ මෙම ජාත්‍යන්තර මට්ටමේ ඇගයීම පිළිබඳව ලොව ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික වෙබ් අඩවියක් වන ෆෝබ්ස් වෙබ් අඩවිය සහ ලොව ප්‍රමුඛ පෙළේ ප්‍රවෘත්ති ඒජන්සියක් වන රොයිටර්ස් පුවත් සේවය ද වාර්තා කර ඇත.

ලොව පුරා විවිධ ක්ෂේත්‍රවල වඩාත් නව්‍ය සහ කැපී පෙනෙන සමාගම් මෙන්ම නව දැක්මක් සහිත නායකයින් ඇගයීමට ලක් කරන Global Recognition Awards සම්මාන වැඩසටහන ජාත්‍යන්තරව පිළිගත් ලොව ප්‍රමුඛතම ව්‍යාපාරික සම්මාන වැඩසටහනකි.

ව්‍යවසායකත්ව, නවෝත්පාදන සමාගම් ඇතුළු ප්‍රධාන කාණ්ඩ 04ක් යටතේ සම්මාන පිරිනමමින් වසර ගණනාවක් තිස්සේ ලොව විශිෂ්ඨතමයින් අගයන මෙම සම්මාන උළෙල 2026 වසර සඳහා පවත්වනු ලබන්නේ නව තාක්ෂණය, සේවා විශිෂ්ටත්වය සහ උපායමාර්‌ගික නායකත්වය යන අංශ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමිනි.

Global Recognition Awards සම්මානයෙන් ලෝක ප්‍රකට සමාගම් කිහිපයක්ම පිදුම් ලැබූ අතර ඒ යටතේ කෘත්‍රිම බුද්ධිය සහ ග්‍රැෆික් තාක්ෂණයේ විශිෂ්ටත්වය වෙනුවෙන් Nvidia ආයතනයත්, මොළය සහ පරිගණක අතර සිදු කළ තාක්ෂණික පෙරළිය වෙනුවෙන් Neuralink නියුරාලින්ක් ආයතනයත් සම්මානයට පාත්‍ර විය.

එමෙන්ම අභ්‍යාවකාශ තාක්ෂණයේ මෑතකාලීන දැවැන්ත පෙරළිකාරයෙකු බවට පත්වූ SPACEX සමාගමද Global Recognition Awards සම්මානයෙන් පිදුම් ලැබිය.

 

මෙම සම්මාන වැඩසටහනේදී හිරු TV සහ හිරු FM ප්‍රමුඛ ආසියානු මාධ්‍ය ජාලය, ගෝලීය ඇගයීම් සම්මානයට පාත්‍ර වුණේ කලාපයේ වඩාත් විශ්වසනීය සහ බලපෑම් සහගත මාධ්‍ය ජාලය ලෙසයි.

 

ආසියානු මාධ්‍ය ජාලයට හිමි වූ මෙම ජාත්‍යන්තර මට්ටමේ පිළිගැනීම පිළිබඳව ලොව ප්‍රමුඛ පෙළේ ප්‍රවෘත්ති ඒජන්සියක් වන රොයිටර්ස් පුවත් සේවය මෙන්ම ලෝක ප්‍රකට ෆෝබ්ස් වෙබ් අඩවියත් වාර්තා කර ඇත.

දකුණු ආසියාව තුළ මාධ්‍ය ප්‍රමිතීන්, මාධ්‍ය නවෝත්පාදන සහ විශ්වසනීය ජනමාධ්‍යවේදයක් ප්‍රචලිත කිරීමට ආසියානු මාධ්‍ය ජාලය සිදුකර ඇති මෙහෙවරට ලැබුණු පිළිගැනීම රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබෙන අතර එම මාධ්‍ය ජාලයේ සභාපතිතුමන් ලෙස රේනෝ සිල්වා නායකත්වය හා කාර්යභාරය පිළිබඳවත් ඇගයීමට ලක් කර තිබේ.

ලෝක ප්‍රකට ෆෝබ්ස් වෙබ් අඩවිය පළ කළ වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ වඩාත් විශ්වසනීයම මාධ්‍ය ජාලය ලෙස හිරු TV සහ හිරු FM ප්‍රමුඛ ආසියානු මාධ්‍ය ජාලය ගොඩනැගීම සඳහා නායකත්වය දුන් එහි සභාපති රේනෝ සිල්වා ගේ කාර්යභාරය අගය කර ඇත.

මෙම සම්මානය පිරිනැමීම පිලිබඳව Global Recognition Awards ආයතනයේ ප්‍රකාශක ඇලෙක්ස් ස්ටලින් පවසන්නේ "2026 ගෝලීය ඇගයිම් සම්මානය හරහා ABC මාධ්‍ය ජාලය මෙලෙස ඇගයීමට ලක්වීම මාධ්‍ය ආයතනයක් විසින් සෑම අංශයකින්ම ගුණාත්මකභාවය, මහජන සේවය සහ විශිෂ්ටත්වය අඛණ්ඩව හඹා යාම වෙනුවෙන් සම්පූර්ණයෙන්ම කැපවූ විට ලබාගත හැකි සාර්ථකත්වයේ ප්‍රතිඵලයක් බවයි.

උපාය මාර්ගික පැහැදිලි බව සහ මහජනතාව කෙරෙහි වූ සැබෑ වගකීමක් මගින් මෙහෙයවන විට විකාශන ක්ෂේත්‍රයේ නායකත්වයට ළඟාවිය හැකි ජයග්‍රහණ මොනවාද යන්න පිළිබඳව හිරු TV සහ හිරු FM ප්‍රමුඛ ආසියානු මාධ්‍ය ජාලය පැහැදිලි උදාහරණයක් ලබාදෙන බවද ඔහු පවසයි.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...