සෙනක ද සිල්වා, ඇන්ජලා සෙනෙවිරත්න, කැරොලයින් ජූරි, රොසෙල් ප්ලන්කට් සහ සුරාජ් මාපා විනිශ්චය මණ්ඩලයට එක්වෙති
ශ්‍රී ලංකාවේ රූපලාවණ්‍ය සහ මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක් සලකුණු කරමින් 'Universal Woman Sri Lanka 2026' තරගාවලියේ පළමු අදියරේ තේරීම් පරීක්ෂණ (Auditions) කොළඹදී සාර්ථකව පවත්වා තිබේ.
මෙරට ජාතික අධ්‍යක්ෂිකා (National Director) චුල්පද්මේන්ද්‍ර කුමාරපතිරණ ගේ මෙහෙයවීමෙන් සංවිධානය වන මෙම වේදිකාව, කාන්තා සබලගැන්වීම මූලික කරගනිමින් සංවිධානය වන්නකි. මෙවර තරගාවලියේ ප්‍රධාන අරමුණ වන්නේ එළඹෙන සැප්තැම්බර් මාසයේදී කාම්බෝජයේදී පැවැත්වීමට නියමිත Universal Woman International 2026 ජාත්‍යන්තර අවසන් මහා තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට බුද්ධිමත්, විශ්වාසවන්ත සහ ආදර්ශමත් නියෝජිතවරියක තෝරාපත් කරගැනීමයි.
ජාත්‍යන්තර සහ දේශීය සහයෝගිතාව
ශ්‍රී ලංකාව කෙරෙහි තැබූ විශ්වාසය පිළිබඳව Universal Woman ජාත්‍යන්තර සංවිධානයේ මාර්තා කැරොලිනා (Martha Carolina) ඇතුළු ජාත්‍යන්තර කණ්ඩායම වෙත සිය කෘතඥතාව පළකරන ජාතික අධ්‍යක්ෂිකා චුල්පද්මේන්ද්‍ර කුමාරපතිරණ, වින්දික සුබසිංහ, කොළඹ නීතිඥ සංගමය (Colombo Law Society) සහ Nation Watch Events හි නිෂ්පාදන කණ්ඩායම දැක්වූ සහයෝගය ද අගය කළාය.
එමෙන්ම, මෙවර තරගාවලිය වෙනුවෙන් Radisson කොළඹ හෝටලය සහ මල් සැකසුම් සහකරු ලෙස රාජිත තෙන්නකෝන් ඇතුළු දේශීය අනුග්‍රාහක භවතුන් රැසක් එකතු වී සිටිති.
ප්‍රබල විනිශ්චය මණ්ඩලයක්
මෙවර Universal Woman Sri Lanka පළමු තේරීම් පරීක්ෂණ අදියරේ විනිශ්චය මණ්ඩලයේ ප්‍රධානත්වය ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන සෙනක ද සිල්වා විසින් හොබවන ලදී.
එමෙන්ම ඇන්ජලා සෙනෙවිරත්න, ලෝක රූ රැජිණ කිරුළ දිනූ කැරොලයින් ජූරි, රොසෙල් ප්ලන්කට් සහ ප්‍රකට රංගන ශිල්පී සුරාජ් මාපා විනිශ්චය මණ්ඩලයේ සෙසු සාමාජිකයන් ලෙස කටයුතු කළහ.
සංවිධායක මණ්ඩලයේ ඉදිරි ඉලක්කය
මෙරට කාන්තාවන්ගේ ආත්මවිශ්වාසය සහ පෞරුෂය සබලගන්වන සුවිශේෂී ප්‍රමිතියෙන් යුත් රූපලාවණ්‍ය තරගාවලියක් ලෙස Universal Woman Sri Lanka ස්ථාපිත කිරීමත්, ජාත්‍යන්තර තරග බිමේදී ශ්‍රී ලාංකේය ගෞරවය උසස් ලෙස නියෝජනය කළ හැකි ජයග්‍රාහිකාවක බිහිකිරීමත් තම මූලික අභිප්‍රාය බව සංවිධායක මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.




