BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
පුවත්

‘Youthquake’ කෘතිය එළිදැක්වෙයි | ආසියාව කළඹන ‘පස්වන බලවේගය’ ගැන ආචාර්ය රංග කලන්සූරියගෙන් නව විමසුමක්

T

The Leader Desk

September 8, 2026 • 4:33 PM

  ‘Youthquake’ කෘතිය එළිදැක්වෙයි | ආසියාව කළඹන ‘පස්වන බලවේගය’ ගැන ආචාර්ය රංග කලන්සූරියගෙන් නව විමසුමක්  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • * ඩිජිටල් පරපුරේ නැගිටීම සහ සාම්ප්‍රදායික බල අභියෝගය: ‘Youthquake’ කියවන ආසියානු පාඩම
  • මෙම රික්තය තුළ, ස්මාර්ට් ජංගම දුරකථනය සහ සමාජ මාධ්‍ය ජාල අතැති තාරුණ්‍යය තමන්ගේම ආඛ්‍යාන ගොඩනගමින් සංවිධානය වන ‘පස්වන බලවේගය’ (Fifth Estate) ලෙස ඉදිරියට පැමිණ තිබේ.
  • කොළඹින් ඩකා නුවරට පැතිරුණු රැල්ල   කතුවරයා මෙම සංසිද්ධිය විමසා බැලීම සඳහා ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, නේපාලය, මියන්මාරය සහ ඉන්දුනීසියාව යන රටවල මෑතකාලීන අත්දැකීම් පාදක කරගනී.
  • රටින් රටට විරෝධතාවලට ක්ෂණික හේතු වෙනස් වුවද, දූෂණය, පවුල්වාදය, පාරදෘශ්‍යභාවය නොමැතිකම සහ ආර්ථික කළමනාකරණයේ දුර්වලතා හමුවේ තාරුණ්‍යය වීදි බැසීමට මෙහෙයවූ මූලික පෙළඹවීම් සමාන ස්වභාවයක් ගන්නා බව කෘතියෙන් පෙන්වා දී තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

* මහජන මතය හැසිරවූ පැරණි මාධ්‍ය ක්‍රමය අභිබවා තරුණ ඩිජිටල් බලය පෙරට ආ හැටි සහ එහි නිරවුල් නොවූ සීමා  


ශ්‍රී ලංකාවේ 2022 ආර්ථික හා දේශපාලන අර්බුදය හමුවේ පැනනැඟුණු මහජන නැගිටීම මෙන්ම ආසියාතික කලාපය පුරා මෑතකාලීනව දැකගත හැකි වූ තරුණ විරෝධතාවල දේශපාලනික හා සන්නිවේදන මානයන් ගැඹුරින් සාකච්ඡාවට ලක්කෙරෙන නවතම පර්යේෂණාත්මක කෘතියක් කොළඹදී එළිදැක්විණි.

ජාත්‍යන්තර මාධ්‍ය සංවර්ධන ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු මෙන්ම හිටපු රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයකු වන ආචාර්ය රංග කලන්සූරිය විසින් රචිත ‘The Youthquake: Emergence of the Fifth Estate vs The Captured Fourth in Asia’ නම් මෙම කෘතිය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) ඊයේ (07) දිනයේ දොරට වැඩුනේ දෙස් විදෙස් විද්වතුන් සහ දේශපාලන නියෝජිතයන් රැසකගේ සහභාගීත්වයෙනි.


පාලනයෙන් ගිලිහුණු 'හතරවන බලය' සහ ඩිජිටල් 'පස්වන බලය'  


ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදාය තුළ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණයට පරිබාහිරව මහජන වගවීම උදෙසා ක්‍රියාත්මක වන ප්‍රධානතම ආයතනය හෙවත් ‘හතරවන බලවේගය’ (Fourth Estate) ලෙස සැලකෙන්නේ වෘත්තීය පුවත්පත් කලාව සහ ප්‍රධාන ධාරාවේ මාධ්‍යයි. එහෙත් ආසියාතික කලාපය පුරා ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විවිධ දේශපාලන හා වාණිජ න්‍යායපත්‍රවල ග්‍රහණයට (Media Capture) හසුවීමත් සමඟ, එම මාධ්‍ය කෙරෙහි ජනතා විශ්වාසය බිඳවැටීමේ ක්‍රියාවලියක් නිර්මාණය වී ඇති බව මෙම අධ්‍යයනය පෙන්වා දෙයි.

මෙම රික්තය තුළ, ස්මාර්ට් ජංගම දුරකථනය සහ සමාජ මාධ්‍ය ජාල අතැති තාරුණ්‍යය තමන්ගේම ආඛ්‍යාන ගොඩනගමින් සංවිධානය වන ‘පස්වන බලවේගය’ (Fifth Estate) ලෙස ඉදිරියට පැමිණ තිබේ. ඔක්ස්ෆර්ඩ් අන්තර්ජාල ආයතනයේ මහාචාර්ය විලියම් ඩටන් (William Dutton) විසින් හඳුන්වා දුන් මෙම සංකල්පය, ආසියානු සන්දර්භය තුළ සැබෑ දේශපාලන පරිවර්තනයන් සඳහා තල්ලුවක් ලබාදුන් ආකාරය කෘතිය පුරා සවිස්තරාත්මකව විග්‍රහ කෙරේ.


කොළඹින් ඩකා නුවරට පැතිරුණු රැල්ල  

කතුවරයා මෙම සංසිද්ධිය විමසා බැලීම සඳහා ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, නේපාලය, මියන්මාරය සහ ඉන්දුනීසියාව යන රටවල මෑතකාලීන අත්දැකීම් පාදක කරගනී.


2022 දී ශ්‍රී ලංකාවේ පැවති පාලන තන්ත්‍රයට එරෙහිව සමාජ මාධ්‍ය මූලික කරගනිමින් ගොඩනැඟුණු ‘අරගලය’ ව්‍යාපාරය මෙන්ම, 2024 වසරේදී බංග්ලාදේශයේ ෂෙයික් හසීනා පාලනය බිඳවැටීමට තුඩුදුන් ශිෂ්‍ය විරෝධතාවලදී ද දක්නට ලැබුණේ මෙකී ඩිජිටල් ජනතා බලවේගයේ අසමසම ක්‍රියාකාරීත්වයයි. රටින් රටට විරෝධතාවලට ක්ෂණික හේතු වෙනස් වුවද, දූෂණය, පවුල්වාදය, පාරදෘශ්‍යභාවය නොමැතිකම සහ ආර්ථික කළමනාකරණයේ දුර්වලතා හමුවේ තාරුණ්‍යය වීදි බැසීමට මෙහෙයවූ මූලික පෙළඹවීම් සමාන ස්වභාවයක් ගන්නා බව කෘතියෙන් පෙන්වා දී තිබේ.


විරෝධතාවල ජයග්‍රහණ සහ ආයතනික අර්බුදය  


කෙසේ වෙතත්, ආචාර්ය කලන්සූරිය මෙහිදී එක්තරා වැදගත් සීමාවක් ද මතු කරයි. එනම්, සමාජ මාධ්‍ය හරහා සක්‍රිය වන පස්වන බලවේගයට පැරණි පාලන ව්‍යුහයන් අභියෝගයට ලක්කිරීමට හෝ පෙරළා දැමීමට හැකි වුවද, ඉන් අනතුරුව ස්ථාපිත විය යුතු ස්ථාවර ආයතනික රාමුවක්, වගවීමක් සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමවේදයක් ස්ථාවර කරගැනීම තවමත් බරපතළ ප්‍රායෝගික අභියෝගයක්ව පවතින බවයි.  

ඩිජිටල් විරෝධතා ක්ෂණික පිබිදීමක් ඇති කළද, ප්‍රතිපත්ති සම්පාදනය සහ ආයතනික ප්‍රතිසංස්කරණ සඳහා අවශ්‍ය සාම්ප්‍රදායික දේශපාලන ක්‍රියාවලීන් මුළුමනින්ම මඟහැර යා නොහැකි බව මෙහිදී සාකච්ඡාවට බඳුන් වේ.


ඩිජිටල් අවකාශයේ සීමා සහ වෘත්තීය මාධ්‍යයේ අනාගතය


එමෙන්ම සමාජ මාධ්‍ය අවකාශය ප්‍රජාතන්ත්‍රවාදී මෙවලමක් ලෙස ක්‍රියාකරන අතරතුරම, ව්‍යාජ තොරතුරු (Disinformation), වෛරී ප්‍රකාශන සහ අන්තර්ගතයන් හැසිරවීමේ ඇල්ගොරිතම බලපෑම් හේතුවෙන් පොදු මතවාද බෙදී වෙන්වීමේ අවදානමද මෙහිදී අවධාරණය කෙරේ.

එබැවින් පස්වන බලවේගයේ වර්ධනය සාදරයෙන් පිළිගන්නා අතරම, නීතිමය හා සදාචාරාත්මක රාමුවක් තුළ ක්‍රියාත්මක වන ස්වාධීන, වෘත්තීය සහ විමර්ශනාත්මක ‘හතරවන බලවේගයක්’ නොහොත් සම්ප්‍රදායික ජනමාධ්‍ය පද්ධතියක් රටක ප්‍රජාතන්ත්‍රවාදී සෞඛ්‍යය වෙනුවෙන් තවදුරටත් අත්‍යවශ්‍ය සාධකයක් බව කතුවරයා අවධාරණය කරයි.

ආසියා-පැසිෆික් කලාපීය මාධ්‍ය ක්ෂේත්‍රයේ දශක තුනකට වැඩි අත්දැකීම් ඇති, International Media Support (IMS) ආයතනයේ කලාපීය උපදේශකවරයකු මෙන්ම පුවත්පත් කලාව පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රථම ආචාර්ය උපාධිධාරියා ද වන ආචාර්ය රංග කලන්සූරියගේ මෙම කෘතිය, ඩිජිටල් යුගයේ පුරවැසියා, මාධ්‍ය සහ රාජ්‍ය පාලනය අතර තුලනය කියවා ගැනීමට වැදගත් ශාස්ත්‍රීය හා දේශපාලනික දායකත්වයක් සපයයි.
 

WhatsApp Image 2026 09 08 at 9.22.34 PM 3

WhatsApp Image 2026 09 08 at 9.22.34 PM 4

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...