BREAKING
Top Ad
Red Alert

එතනෝල් කප්පිත්තෝ සහ බඩ ඉරිගු හොරු

T

The Leader

November 13, 2024 • 8:44 AM

 එතනෝල් කප්පිත්තෝ සහ බඩ ඉරිගු හොරු

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශත වර්ෂ ගණනාවක් පුරා ලංකාවේ හේන් ගොවිතැනෙහි වගා කරණ බෝගයක් වන බඩ ඉරිඟු වැඩි වශයෙන් වගා කරන්නේ වියළි සහ අතරමැදි
  • ශ්‍රී ලංකාවේ මුළු බඩඉරිඟු වගා බිම්වලින් සියයට 75 ක් පමණ අනුරාධපුර, මොණරාගල, අම්පාර මහනුවර සහ බදුල්ල යන දිස්ත්‍රික්වල වගා කරනවා.
  • වාර්ෂිකව හෙක්ටයාර 30000 සිට 50,000 දක්වා ප්‍රමාණයක වගා කරන බඩඉරිගු ආර්ථික වශයෙන් ඉතා වැදගත් බෝගයක් වෙනවා.
  • ඒ අනුව අධිකරණයට ඉදිරිපත් කළ මෙන්ඩිස් සමාගමේ සභාපති අර්ජුන ඇලෝසියස් වෙන් වෙන් වශයෙන් රුපියල් ලක්ෂ දහයක් වටිනා ශරීර ඇප හතරක් මත මුදා හරින ලෙස අධිකරණය නියෝග කළා.
අකුරු ප්‍රමාණය (Font Size):

දේශගුණයක් සහිත ප්‍රදේශවල.

කුකුළු කෑම ඇතුළු සත්ත්ව ආහාර නිෂ්පාදනයට මෙන්ම ත්‍රිපෝෂ වැනි ආහාර නිෂ්පාදනයට බඩ ඉරිඟු යොදාගන්නා අතර ලංකාවේ නිෂ්පාදනය ප්‍රමාණවත් නොවන නිසා බඩ ඉරිඟු ආනයනය කිරීමට ද සිදුවෙනවා.

ශ්‍රී ලංකාවේ මුළු බඩඉරිඟු වගා බිම්වලින් සියයට 75 ක් පමණ අනුරාධපුර, මොණරාගල, අම්පාර මහනුවර සහ බදුල්ල යන දිස්ත්‍රික්වල වගා කරනවා.

වාර්ෂිකව හෙක්ටයාර 30000 සිට 50,000 දක්වා ප්‍රමාණයක වගා කරන බඩඉරිගු ආර්ථික වශයෙන් ඉතා වැදගත් බෝගයක් වෙනවා.

මූලිකව  ත්‍රිපෝෂ නිෂ්පාදනය සහ සත්ව ආහාර සඳහා බඩ ඉරිගු යොදා ගන්නවා.

මේ කතාව ඊට වඩා වෙනස්.

පසුගියදා අධිකරණයෙන් සුවිශේෂ නඩු තීන්දුවක් ලබා දුන්නා.

නෙච්චියාගම පී.ඩී.ජී ඇග්‍රෝ බිස්නස් පුද්ගලික සමාගමෙන් රුපියල් පන් කෝටි විසි නව ලක්ෂයක් වටිනා කැබිලි  බඩ ඉරිඟු ලබා ගෙන එම කැබලි  බඩ ඉරිගු සඳහා ගෙවිය යුතු රුපියල් පන් කෝටි විසි නව ලක්ෂයක මුදල ලබා නොදී වංචා කර සාපරාධි විශ්වාසය කඩ කිරීමේ චෝදනාවක් හේතුවෙන් තමයි එම තීන්දුව ලබා දුන්නේ.

ඒ අනුව අධිකරණයට ඉදිරිපත් කළ මෙන්ඩිස් සමාගමේ සභාපති අර්ජුන ඇලෝසියස් වෙන් වෙන් වශයෙන් රුපියල් ලක්ෂ දහයක් වටිනා ශරීර ඇප හතරක් මත මුදා හරින ලෙස අධිකරණය නියෝග කළා.

මෙහි විශේෂත්වය වන්නේ  ඇලෝසියස් රජයට ගෙවිය යුතු බදු මුදල් ගෙවීම පැහැර හැරීමේ චෝදනාවට වරදකරු වී දැනට වැලිකඩ බන්ධනාගාරයේ සිර දඬුවම් විදිමින් සිටින අයෙකුම වීම.

මේ අනුව පැහැදිලි වන කතාව වන්නේ බඩ ඉරිඟු වලින් එතනෝල් නිෂ්පාදනය කිරීමේ මහාපරිමාණ ව්‍යාපෘතියේ දැවැන්තයෙක් ලෙස අදාල සමාගම කටයුතු කිරීම.

සෙවණගල හා හිඟුරාන යන සීනි කර්මාන්තයේ සීනි නිපැයුමේ අතුරුපලයක් ලෙස ඉතිරිවන මොලැසස් වලින් මත්පැන් කර්මාන්තය සඳහා එතනෝල් නිපදවීම සාමාන්‍ය සම්ප්‍රදායක්.

එහෙත් එහෙම ඉතිරිවන මොලැසස් වලින් එතනෝල් නිෂ්පාදනයට වඩා බඩ ඉරිඟු වලින් එතනෝල් නිපදවීමේදී ලීටරයකට රුපියල් 60 ක ලාභයක් හිමිවන බව දන්නා සමාගම් බඩ ඉරිගු වලට ඉව ඇල්ලීම ආරම්භ කොට තිබුණා.

ඒ හරහා මත්පැන් බෝතලයකින් අතිරේකව රුපියල් 15 ක ලාභයක් නිෂ්පාදකයන්ට ලැබිය හැකි වුණා.

යට කී එතනෝල් නිෂ්පාදනාගාරයේ මෙම කටයුත්ත සරුවටම සිදුකරනු ලබන අතර එම නිෂ්පාදනාගාරයේ දිනකට එතනෝල් ලීටර් 20,000 ක් පමණ නිපදවිය හැකි බව සුරාබදු දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරනවා.

එහෙත් විමතියට කරුණ වන්නේ පසුගිය ජනවාරි  මාසයේ සිට මේ දක්වා එම කර්මාන්ත ශාලාවේ නිපදවා වෙළදපොළට නිකුත් කළ මත්පැන් බෝතල් ප්‍රමාණයට අදාල එතනෝල් ධාරිතාව වන්නේ ලීටර් 68,000 ක් වීමයි.

එය මේ කර්මාන්ත ශාලාවේ දින 3 ක පමණ නිෂ්පාදනයට සමාන වෙනවා.

තත්ත්වය එසේ නම් දිනපතා නිෂ්පාදනය කරන එතුනෝල් වලින් සිදු කරන්නේ කුමක්ද?.

කෝටි ගානක බඩ ඉරිගු ගෙන, ගොවීන්ට ද පොල්ල තබා මේ ආයතනයේ සිදුකොට ඇත්තේ කුමක්ද?

සුරාබදු දෙපාර්තමේන්තු ශබ්ද කෝෂයට අනුව ඔවුන් කර ඇත්තේ නොම්බර 2 නිෂ්පාදනයයි.

නොම්බර 2 බඩු යනු මත්පැන් නිෂ්පාදනාගාර වලින් බදු වංචා කර කරනු ලබන නිෂ්පාදනයි.

සුරා බදු දෙපාර්තමේන්තුවේ ඇතමුන්ගේ සහය අනියමින් ලබා ගනිමින් මෙම නිෂ්පාදන සිදු කරනු ලබනවා.

මේ අනුව වසරකට බිළියන ගණනක් රජයට අහිමි වෙනවා.

ඒ අතර එතනෝල් නිෂ්පාදන ආයතන දෙකක් කරට කර සටනකද යෙදෙනවා.

කුකුළු කෑම ඇතුළු සත්ත්ව ආහාර නිෂ්පාදනයට මෙන්ම ත්‍රිපෝෂ වැනි ආහාර නිෂ්පාදනයට බඩ ඉරිඟු යොදාගන්නා අතර ලංකාවේ නිෂ්පාදනය ප්‍රමාණවත් නොවන නිසා බඩ ඉරිඟු ආනයනය කිරීමට සිදුව තිබෙනවා.

එතනෝල් නිෂ්පාදන ආයතනවල සටන අපට අදාල නැහැ.

නමුත් කෝටි ප්‍රකෝටි ගණන් බදු වංචා කරමින්, රජයට ලැබෙන්නට තියෙන බදු මුදල්ද පැහැර හරිමින් මේ කරන මහා මංකොල්ලය වහාම නතර කළ යුතු නොවේද?.

මුදල් විෂයබාර ගරු ජනාධිපතිතුමනි, ඒ ඔබේ අවධානයටයි..

(නොවැම්බර් 13 රෙඩ් ඇලට් එක...)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...