'පොහොට්ටුව' මන්ත්‍රී ආසන 154 ක් ලබාගන්නා බව එම පක්ෂයේ සන්නිවේදන අංශයේ ආරංචිමාර්ග සඳහන් කරයි.
ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වල නියෝජිතයන් සඳහන් කරන ආකාරයට එක්සත් ජාතික පක්ෂය අන්ත පරාජයක් ලබමින් පවතී. එජාපයේ බලකොටුවක් ලෙස සැලකෙන කොළඹ දිස්ත්‍රීක්කයේ එකඳු ආසනයක් හෝ දිනා ගැනීම අවදානම් තත්වයක පවතින අතර එසේ වුවහොත් එහි නායක රනිල් වික්‍රමසිංහට පාර්ලිමේන්තුවට පත්වීමේ අවස්ථාව අහිමිවනු ඇත.
දැනට ලැබී ඇති නොනිල ප්‍රතිපලවලට අනුව, බලපිටිය, හිරියාල, අක්මීමන ආසනවල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 70% ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කර ඇත. එම ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වල නියෝජිතයන් සඳහන් කරන ආකාරයට බලපිටිය 76%ක්, හිරියාල 76%ක්, අක්මීමන73%ක් වශයෙන් 'පොහොට්ටුව' ජයගෙන ඇත.
මැතිවරණ කොමිසම විසින් මෙතෙක් මෙම ප්‍රතිඵල නිලවශයෙන් නිකුත් කර නොමැත.
දැනට ලැබෙන ප්‍රතිපලවලට අනුව සජිත් ප්‍රේමදාස නායකත්වය දරන සමගි ජන බලවේගය දෙවන තැනටත් ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගය දකුණේ තෙවැනි තැනට පත්ව තිබේ.
පළමු නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වෙයි..
2020 මහ මැතිවරණයේ පළමු නිල ඡන්ද ප්‍රතිඵලය මේවනවිට නිකුත් වී තිබේ. ඒ ,ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලයයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 27,682
සමගි ජන බලවේගය – 5,244
ජාතික ජන බලවේගය – 3,135
එක්සත් ජාතික පක්ෂය -1,507




