The Leader News
BREAKING
ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●
Top Ad
Opinion

මතක තබාගන්න. නැවත නැවතත් කරන්න. ඒ වේදනාකාරී මාවතේ ම ඉදිරියට යන්න... (ආචාර්ය මහේෂ් හපුගොඩ)

T

The Leader Desk

July 9, 2023 • 6:52 AM

මතක තබාගන්න. නැවත නැවතත් කරන්න. ඒ වේදනාකාරී මාවතේ ම ඉදිරියට යන්න... (ආචාර්ය මහේෂ් හපුගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නිදහසෙන් පස්සේ සිදුවුණා කියන සියල්ලම එපා වෙච්ච පරම්පරාවක් ඉදිරියට ආපු ලාංකික සිද්දියට අදට වසරක්.
  • ඒක මගේ ෆැන්ටසි පරමාදර්ශ ඇතුලේ ''විප්ලවයක්'' වෙනකල් බලාන හිටිය.
  •   මම හිතුවේ 1917 රුසියන් විප්ලවයත් නොවන, 1949 චීන විප්ලවයත් නොවන, 1959 කියුබන් විප්ලවයත් නොවන වෙනස්ම මාදිලියේ ලාංකික විප්ලවයක් ගැන.      එහෙම එකක් සිද්ද උනෙත් නැහැ.
  •   හැබැයි අරගලයේ හිටපු හුඟක් අය අනුරාගික උනේ තම තමන් අරගලය ඇතුලේ විකසිත කළ අනන්‍යතාවට.
අකුරු ප්‍රමාණය (Font Size):
මගෙන් පස්සේ ඉපදිච්ච අපේක්ෂාභංග පරම්පරාවක් විසින් දියත් කළ අරගලයට මම මගේ වචන වලින් උපරිම සහයෝගය දුන්න. ඒක මගේ ෆැන්ටසි පරමාදර්ශ ඇතුලේ ''විප්ලවයක්'' වෙනකල් බලාන හිටිය. හැබැයි මම කවදාවත් විසි වෙනි සියවසේ පරණ ආකෘතියේ විප්ලවයක් සිදුවෙයි කියල හිතුවේ නැහැ.
 
මම හිතුවේ 1917 රුසියන් විප්ලවයත් නොවන, 1949 චීන විප්ලවයත් නොවන, 1959 කියුබන් විප්ලවයත් නොවන වෙනස්ම මාදිලියේ ලාංකික විප්ලවයක් ගැන. 
 
RW JC
 
එහෙම එකක් සිද්ද උනෙත් නැහැ. පරණ එක සිද්ද උනෙත් නැහැ. ඒ වෙනුවට බලය අමුතු විදියකට හුවමාරු වෙලා තියනවා. අලුත් මාස්ටර් කෙනෙක් ඇවිල්ල ඉන්නවා.
 
හැබැයි අරගලයේ හිටපු හුඟක් අය අනුරාගික උනේ තම තමන් අරගලය ඇතුලේ විකසිත කළ අනන්‍යතාවට. ලිබරල් අය ලිබරල් අනන්‍යතාවට ආශා කළා. වමේ අය වමේ අනන්‍යතාවට ආශා කළා. පක්ෂ වලින් ආපු අය පක්ෂ අනන්‍යතාවට ආශක්ත වෙලා හිටිය. ලිංගික අනන්‍යතා එක්ක ආපු අය එයාලගේ එකට අනන්‍ය උණා. අතුරුදහන් වූවන් වෙනුවෙන් ආපු අය එයාලගේ එකට. ආගමික අය ඒ පැත්තට. ෆන් එකට ආපු අය ඒ පැත්තට. චිත්‍ර අඳින්න ආපු අය ඒකට. සින්දු කියන්න ආපු අය ඒ පැත්තට. රඟපාන්න ආපු අය ඒ පැත්තට. විකල්ප බලශක්ති අය ඒ එක්ක. පරිසරවාදීන් ඒ එක්ක. සත්ව අයිතීන් එක්ක ආපු අය ඒ එක්ක. ...සහ මෙකී නොකී බොහෝ අනන්‍යතා රැගෙන ආපු අය ඒ එක්ක එයාලට හැකි පමණ කළා.
ඒ නිසා අරගලයට වෙන කවදාවත් නැති ලස්සනක් ආව.
 
 128176246 gettyimages 1241800015

හැබැයි කවුරුවත් ඒ අනන්‍යතා එක මොහොතක සම්පුර්ණයෙන් අමතක කරලා වෙනත් හැඟවුමක් (unknown signifier) වටා එකතු වෙන්න පුළුවන් පොදුවේ විප්ලවීය මොහොතක් එළඹිය හැකි බවටත්, ඒ මොහොත විසින් සියල්ල එකවර කණපිට ගැසිය හැකි බවටත්, මුල්වරට ලෝක ගෝලයේ පුංචි ඇටේක ඓතිහාසික නිමේශයක් එළඹෙන්න පුළුවන් කියල වත් පරිකල්පනය කළේ නැහැ කියල හිතෙනවා. 
 
අපි එවන් මොහොතක් ගැන අතිශය අනුරාගික වුණේ නැහැ සහ ඒ වෙනුවෙන් අපේ අනන්‍යතා අත්හරින්න සූදානම් වුණේ නැහැ කියල හිතෙනවා. එහෙම මොහොතක් උදාකරගන්න සහ පවත්වා ගෙනයන්න (sustain) ඕනි මූලික එකඟතා කිසිවක් අපි අතරේ (විවිධ දේශපාලන ප්‍රපංච අතරේ) තිබ්බේ නැහැ කියල හිතෙනවා.
sri lanka 11
 
ඒ නිසා ඒ ඓතිහාසික මොහොත අපේ ඇඟිලි අතරින් රූටා ගියා. අපි අපේ ඊගෝ එක අත්හැරලා, අනන්‍යතාවලට අනුරාගික වෙනවා වෙනුවට පොදු විප්ලවයක් වෙනුවෙන් අනුරාගික උනානම්....
 
එහෙම උනානම් මොකක් වෙයි ද කියල ඔයාල මගෙන් ඇහුවොත් මටත් එකවර දෙන්න උත්තරයක් නැහැ. හැබැයි ඒ උත්තර නැති එක තමයි වඩාත් විප්ලවීය....

මොකද උත්තරය කියන්නේ අපි විසින් හොයාගත යුතු දෙයක්. කවුරුවත් ගෙනත් දෙන දෙයක් නෙවෙයි.
 
''මතකතබා ගන්න. නැවත නැවතත් කරන්න. ඒ වේදනාකාරී මාවතේම ඉදිරියට යන්න'' (ලෙනින්).
 
''Remember. Repeat. Work Through'' (Lenin).
 
Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)
 

 

Screenshot 2023 07 07 at 12.18.55 PM


JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...