The Leader News
BREAKING
Top Ad
පුවත්

#GOHOMEGOTA : තරුණයන් සමඟ සාකච්ඡාවකට සූදානම් - අගමැති

T

The Leader Desk

April 13, 2022 • 7:35 AM

 #GOHOMEGOTA : තරුණයන් සමඟ සාකච්ඡාවකට සූදානම් - අගමැති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොළඹ ගාලු මුවදොර පිටියේ විරෝධතාවයේ යෙදී සිටින තරුණයින් සමග සාකච්ජා කිරීමට රජය සූදානම් යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසයි.
  • අග්‍රාමත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ සමාජ, ආර්ථික හා දේශපාලන හේතු මත ගාලු මුවදොරට රැස්වී දැනට විරෝධතාවයේ නිරතවන පිරිස සමග සාකච්ඡාවකට අග්‍රාමාත්‍යවරයා සූදානම් බවයි.
  • ඒ අනුව රට හමුවේ මේ මොහොතේ පවතින අභියෝගය ජයගැනීම වෙනුවෙන් විරෝධතාවයේ නිරත පිරිස දක්වන වටිනා අදහස් සාකච්ඡාවට ලක්කිරීමට අපේක්ෂිත බව ද එහි සඳහන් ය.
  • අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, විරෝධතාවයේ නිරත පිරිස සාකච්ඡාව සඳහා සූදානම් නම්, අග්‍රාමාත්‍යවරයා එම පිරිසේ නියෝජිතයන්ට ඒ සඳහා ආරාධනා කරන බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ඉවත් වන ලෙස බල කරමින් මේ වන විට අඛණ්ඩව 05වන දිනයටත් ගාලු මුවදොර පිටියේ සහ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට තරුණ තරුණියන් විරෝධතාවයේ යෙදී සිටිති.

අග්‍රාමත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ සමාජ, ආර්ථික හා දේශපාලන හේතු මත ගාලු මුවදොරට රැස්වී දැනට විරෝධතාවයේ නිරතවන පිරිස සමග සාකච්ඡාවකට අග්‍රාමාත්‍යවරයා සූදානම් බවයි.

ඒ අනුව රට හමුවේ මේ මොහොතේ පවතින අභියෝගය ජයගැනීම වෙනුවෙන් විරෝධතාවයේ නිරත පිරිස දක්වන වටිනා අදහස් සාකච්ඡාවට ලක්කිරීමට අපේක්ෂිත බව ද එහි සඳහන් ය.

අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, විරෝධතාවයේ නිරත පිරිස සාකච්ඡාව සඳහා සූදානම් නම්, අග්‍රාමාත්‍යවරයා එම පිරිසේ නියෝජිතයන්ට ඒ සඳහා ආරාධනා කරන බවයි.

දිවයින පුරා සිටින තරුණ තරුණයින්ගේ සහභාගීත්වයෙන් පසුගිය 09 වන දින එම විරෝධතාවය ආරම්භ වූ අතර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට කූඩාරම් සවිකර ගනිමින් විරෝධතාකරුවන් දිවා රෑ විරෝධතාවයේ නිරත වී සිටී.

 

 

go home gota 2022.4.11protest lk

 

The Leader TV අද වීඩියෝ 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...