The Leader News
BREAKING
Top Ad
පුවත්

#GOHOMEGOTA : 'අපිට මේ අර්බුදය විසඳන්න පුළුවන්' - රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

T

The Leader Desk

April 13, 2022 • 8:07 AM

#GOHOMEGOTA : 'අපිට මේ අර්බුදය විසඳන්න පුළුවන්' - රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ''අපිට මේ අර්බුදය විසඳන්න පුළුවන්. ඒ සඳහා ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය වේ. '' යයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.
  • හිටපු අග්‍රාමාත්‍යවරයා එබව සඳහන් කර ඇත්තේ සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමිනි.
  • රට බංකොලොත් බව නිවේදනය කිරීමක් “ශ්‍රී ලංකාවට ලබන සතියේ ඇමරිකානු ඩොලර් මිලියන 200 ක ණයක් ගෙවීමට නොහැකි වී ඇති අතර, සියලුම විදේශ ණය ආපසු ගෙවීම අත්හිටුවීමට රජය තීරණය කර ඇත.
  • මෙය රටේ බැංකු ක්ෂේත්‍රයට තවදුරටත් පීඩනයක් එල්ල කරනු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):



සියලුම විදේශ ණය ආපසු ගෙවීම අත්හිටුවීමට රජය ගත් තීරණය රට බංකොලොත් බව රජය විසින් නිවේදනය කිරීමක් යැයි ද ඔහු කියා සිටියි.

හිටපු අග්‍රාමාත්‍යවරයා එබව සඳහන් කර ඇත්තේ සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමිනි. එහි මෙසේ සඳහන් වේ.


රට බංකොලොත් බව නිවේදනය කිරීමක්


“ශ්‍රී ලංකාවට ලබන සතියේ ඇමරිකානු ඩොලර් මිලියන 200 ක ණයක් ගෙවීමට නොහැකි වී ඇති අතර, සියලුම විදේශ ණය ආපසු ගෙවීම අත්හිටුවීමට රජය තීරණය කර ඇත.

මෙය රටේ බැංකු ක්ෂේත්‍රයට තවදුරටත් පීඩනයක් එල්ල කරනු ඇත. මෙම තීරණය රට බංකොලොත් බව රජය විසින් නිවේදනය කිරීමකි.

වොෂින්ටනයට ගොස් පවතින තත්ත්වය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීමේ වගකීම දැන් නව මුදල් අමාත්‍යවරයා වෙත පැවරී ඇත.

මැයි මැද වන විට ඉන්දියානු ණය  අවසන් වනු ඇත.

විදේශ විනිමය නොමැතිකම හේතුවෙන් ජුනි මාසය වන විට පෞද්ගලික ව්‍යාපාර පවත්වාගෙන යාමට නොහැකි වනු ඇත.

රට බංකොලොත් වීමේ සම්පූර්ණ වගකීම මේ රජය භාරගත යුතුයි.

 

ඔවුන් දැන් කිසිදු කොන්දේසියකින් තොරව අනෙකුත් සියලුම දේශපාලන පක්ෂ සම්බන්ධ කර ගත යුතුය. පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී විපක්ෂය ලෙස අපි ජනතාවගෙන් සමාව අයැද සිටියා අසාර්ථක වීම ගැන.

 

''කෙසේ වෙතත් මේ මොහොතේ මැතිවරණ හෝ ව්‍යවස්ථා සංශෝධන මගින් රටේ අර්බුදය විසඳෙන්නේ නැත. ''



රජය සමඟ සාකච්ඡා කර සැලැස්මක් සකස් කළ පසු කොන්දේසි සකස් කළ හැකියි.

සෑම කෙනෙකුටම සමාන ලෙස ඇහුම්කන්  දීම අපගේ වගකීමකි.

 ලෙබනනයේ IMF ගිවිසුම ඔවුන්ගේ අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මත රඳා පැවතුනි.

මෙය ශ්‍රී ලංකාවේද සිදුවිය යුතුය.

අපි ඉන්නේ ඉතාම අසීරු තත්ත්වයක.

අපි බංකොලොත් රටක් ලෙස පරණ අවුරුද්ද අවසන්  කරනවා.

කොහොම වුණත් අපිට මේ අර්බුදය විසඳන්න පුළුවන්. ඒ සඳහා ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය වේ

 

අපට දුෂ්කර කාල පරිච්ඡේදයකට මුහුණ දීමට සිදුවනු ඇත, නමුත් අප එයට මුහුණ දිය යුතුය. මේ අර්බුදය ජයගෙන අපේ ආර්ථිකය ශක්තිමත් කරන්න අපට පුළුවන්. නමුත් මෙය කළ හැක්කේ අප එක්ව සහ සැලැස්මකට අනුව වැඩ කළහොත් පමණි.

 

අපි බංකොලොත් ජාතියක් ලෙස මේ වසර අවසන් කරනවා, නමුත් අලුත් ගමනක් නව වසර ආරම්භ කරනවා.

හැමෝම එකතු වුණොත් මේක කරන්න පුළුවන්. ඔබටත් ඔබගේ ආදරණීයයන්ටත් සුභ සිංහල හා දෙමළ අලුත් අවුරුද්දක් වේවා"

The Leader TV අද වීඩියෝ 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...