The Leader News
BREAKING
Top Ad
පුවත්

#GOHOMEGOTA : මහින්ද ඉල්ලා අස්වී නාමල් අගමැති කිරීමේ සුදානමක් !

T

The Leader Desk

April 13, 2022 • 2:35 PM

 #GOHOMEGOTA : මහින්ද ඉල්ලා අස්වී නාමල් අගමැති කිරීමේ සුදානමක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගාලු මුවදොර පිටියේ සිදුවෙමින් පවතින තරුණ අරගලය පාදක කර ගනිමින්, තරුණ දේශපාලනඥයකු වන හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ අගමැති ධුරයට පත්කිරීමේ සුදානමක් මේවනවිට ක්‍රියාත්මක වෙමින් පවතින බව
  • ගාලු මුවදොර උද්ඝෝෂණයට එක්ව සිටින ඇතැම් සමාජ මාධ්‍ය ප්‍රධානීන් සිදුකළ ප්‍රකාශ නාමල් අගමැති කරවීමේ මෙහෙයුමට යොදාගන්න ලෙස අගමැති කාර්යාලය හරහා මෙහෙයවන සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ට දැනටමත් උපදෙස් දී ඇතැයි ද වාර්තාවේ.
  • ගාලු මුවදොර සිටින සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් සමග සමීප සම්බන්ධතාවයක් ගොඩනගා ගන්නා ලෙසද අරලියගහ මන්දිරයේ මාධ්‍ය ඒකකයට උපදෙස් ලැබී ඇතැයි පැවසේ.
  • වත්මන් දේශපාලන අර්බුදය තේරුම් ගනිමින් ජනාධිපතිවරයා විසින් සිය බලතල ප්‍රකාරව අගමැතිවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය වහා විසුරුවා හරිය යුතු බවට මහ නායක හිමිවරුන් මෙවනවිටත් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

ගාලු මුවදොර උද්ඝෝෂණයට එක්ව සිටින ඇතැම් සමාජ මාධ්‍ය ප්‍රධානීන් සිදුකළ ප්‍රකාශ නාමල් අගමැති කරවීමේ මෙහෙයුමට යොදාගන්න ලෙස අගමැති කාර්යාලය හරහා මෙහෙයවන සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ට දැනටමත් උපදෙස් දී ඇතැයි ද වාර්තාවේ.

ගාලු මුවදොර සිටින සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් සමග සමීප සම්බන්ධතාවයක් ගොඩනගා ගන්නා ලෙසද අරලියගහ මන්දිරයේ මාධ්‍ය ඒකකයට උපදෙස් ලැබී ඇතැයි පැවසේ.


වත්මන් දේශපාලන අර්බුදය තේරුම් ගනිමින් ජනාධිපතිවරයා විසින් සිය බලතල ප්‍රකාරව අගමැතිවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය වහා විසුරුවා හරිය යුතු බවට මහ නායක හිමිවරුන් මෙවනවිටත් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. 'ස්වාධින මන්ත්‍රී කණ්ඩායම' ද  මේවනවිට ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට දිගින් දිගටම බලපෑම් කරමින් සිටියි.


එසේ දිගින් දිගටම එල්ලවන පීඩනය හමුවේ අගමැති මාධ්‍ය ඒකකය අද (13) පෙරවරුවේ මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියේ, කොළඹ ගාලු මුවදොර පිටියේ විරෝධතාවයේ යෙදී සිටින තරුණයින් සමග සාකච්ජා කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සුදානම් බවයි.



අරගලබිමෙන් අගමැතිට පණිවිඩයක් !



අරගලකරුවන් සමග සාකච්ජා කිරීමට සූදානම් බවට අගමැතිවරයා කළ ප්‍රකාශයට වහාම පිළිතුරු දැක්වීමට ගෝල්ෆේස් පිටියේ අරගලකරුවන් පියවර ගෙන තිබිණ.

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වහා ඉල්ලා අස්විය යුතු බවත්, නාමල්, බැසිල්, චමල්, ශෂීන්ද්‍ර ඇතුළු රාජපක්ෂ පවුල ම දේශපාලනයෙන් සමුගත යුතු බවත්  අරගලකරුවන් එමගින් අවධාරණය කර තිබේ.

අගමැතිවරයාගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් අරගලකරුවන් සමාජ මාධ්‍ය ඔස්සේ තම ඉල්ලීම් මෙසේ පෙළගැස්වීමට කටයුතු කර ඇත.

“උද්ඝෝෂකයින් සමග සාකච්ඡා කරන්න අගමැති සූදානම්” කියල කතාවක් දැක්කා.

මහින්ද රාජපක්ෂ එක්ක අපට ආයෙ සාකච්ඡා කර කර ඉන්න දෙයක් නෑ. ඉල්ලීම් සේරම මේ වෙනකොට මුළුමහත් සමාජය ම දන්නවා. ආයෙ මතක් කළොත්;

ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්විය යුතුයි.

මහින්ද රාජපක්ෂත් ඉල්ලා අස්විය යුතුයි.

නාමල්, බැසිල්, චමල්, ශෂීන්ද්‍ර ඇතුළු රාජපක්ෂ පවුල ම දේශපාලනයෙන් සමුගත යුතුයි.

ඔවුන් වටේ ඉන්න සමස්ත පවුල් ගසත් දේශපාලනයෙන් සමුගත යුතුයි.

ඊට පසු පූර්ණ පාරදෘශ්‍ය විගණනයක් කර, ඉපැයූ මාර්ගය පෙන්විය නොහැකි වත්කම් සියල්ල රාජසන්තක කළ යුතුයි.

පාර්ලිමේන්තු බහුතරයකින් නව ජනාධිපතිවරයකු පත් කරගත යුතුයි. ඔහු යටතේ ආර්ථිකය, සෞඛ්‍යය, අධ්‍යාපනය, බලශක්තිය, ප්‍රවාහනය, කෘෂිකර්මය, කර්මාන්ත ආදී සීමිත විෂයපථයන් 10කට නොවැඩි ගණනක් සහිත කැබිනට් මණ්ඩලයක් පත්විය යුතුයි.

එය පොහොට්ටුවට සීමා නොවිය යුතුයි. (භාරකාර රජයක් ලෙස)

එම කැබිනට් මණ්ඩලය වහා ම ක්‍රියාත්මක වන පරිදි ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට යා යුතුයි.

ජාත්‍යන්තරය සමග ගනුදෙනු ආරම්භ කර විශ්වසනීය ලෙස ණය කළමනාකරණය කිරීම ඇරඹිය යුතුයි.

අවම වශයෙන් 15 අවුරුදු ජාතික ප්‍රතිපත්තියක් සැකසිය යුතුයි සහ ඊට ඇත්තට ම විෂය දන්නා මිනිසුන්ගේ ආදාරයන් ලබාගත යුතුයි.

ඒ වගේ ම භාරකාර රජය එය අකුරට ම ක්‍රියාත්මක කළ යුතුයි.

විධායක ජනාධිපති  බලතල කප්පාදු කළ යුතුයි. එනම්, 20 අහොසි කර, 19ටත් එහා ගිය බලතල කප්පාදුවක් (19+) ගෙන ආ යුතුයි. එහි 19ට එහා ගිය කරුණු අතර අනිවාර්යයෙන් ම, ජනාධිපති සමාවට සීමා පැනවිය යුතුයි සහ ආණ්ඩු මාරු වූ පළියට නඩු ඉල්ලා අස්කරගැනීම වළක්වන ප්‍රතිපාදන (උදා. ස්වාධීන නීතිපති තනතුරක්) තිබිය යුතුයි.

 
 
WhatsApp Image 2022 04 13 at 7.33.54 PM
 
 

 


The Leader TV අද වීඩියෝ 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...