The Leader News
BREAKING
Top Ad
පුවත්

#GOHOMEGOTA : ජන අරගල භුමියේ කුඩාරම් ඉවත් කරන්නයි පොලිසියට බලපෑම් !

T

The Leader Desk

April 14, 2022 • 7:02 AM

#GOHOMEGOTA : ජන අරගල භුමියේ කුඩාරම් ඉවත් කරන්නයි පොලිසියට බලපෑම් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනාධිපති කාර්යාලය අසල ජන අරගල භිමියේ ඉඳිකර ඇති කුඩාරම් හා ඉඳිකිරීම් ඉවත් කිරීමට වහාම කටයුතු කරන ලෙස නාගරික සංවර්ධන
  • ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සමීපතම හිතවතකු වන නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර විසින් මෙම ඉල්ලීම කර ඇතැයි ද පැවසේ.
  • කෙසේවුවද කොළඹ නගර සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුයේ අදාල භුමිය රජයේ සතු ඉඩමක් වුවද එය නාගරික සංවර්ධන අධිකාරිය සතු ඉඩමක් නොවන බවයි.
  • විරෝධතා කළාපය "ගෝඨාගෝගම" ලෙස නම් කරමින් කුඩා ජනපදයක ආකාරයකින් මේවන විට අරගල භුමිය ක්‍රියාත්මක වෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):

අධිකාරියෙන් පොලිසිය වෙත දැනුම් දීමක් ලැබී ඇතැයි පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සමීපතම හිතවතකු වන නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර විසින් මෙම ඉල්ලීම කර ඇතැයි ද පැවසේ.

කෙසේවුවද කොළඹ නගර සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුයේ අදාල භුමිය රජයේ සතු ඉඩමක් වුවද එය නාගරික සංවර්ධන අධිකාරිය සතු ඉඩමක් නොවන බවයි.

විරෝධතා කළාපය "ගෝඨාගෝගම" ලෙස නම් කරමින් කුඩා ජනපදයක ආකාරයකින් මේවන විට අරගල භුමිය ක්‍රියාත්මක වෙයි.

විරෝධතාවයේ නිරත පිරිස කූඩාරම් සවිකර රාත්‍රිය ගත කරන අතර ඔවුන් විසින්ම ජංගම වැසිකිලිද විරෝධතා භූමියට රැගෙන විත් ඇත.

මේ අතර පසුගියදා විරෝධතාකරුවන් පැවසුවේ රජය මෙම ජංගම වැසිකිලි එම ස්ථානයෙන් ඉවත්කිරීමට කටයුතු කරන බවයි.

o 5

මේවනවිටත් කිසිදු දේශපාලන මැදිහත්වීමකින් තොරව රටේ පවතින අයහපත් තත්ත්වයට එරෙහිව අව්-වැසි නොතකා තරුණ තරුණියන් ඇතුළු දහස් සංඛ්‍යත  පිරිසක් ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරතව සිටිති.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ධුරයෙන් ඉවත් වීම සහ අගමැති මහින්ද රාජපක්ෂ ප්‍රමුක ආණ්ඩුව ඉල්ලා අස්වීම ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම වේ.

රාජපක්ෂ පවුල හා දේශපාලනඥයින් විසින් වංචාර කර ඇති රටේ ධනය යළි රටට අත්පත් කර ගැනීම ඔවුන්ගේ තවත් සටන් පාඨයකි.

රාජ්‍ය දේපළ හා මුළ්‍ය වංචාවන්ට සම්බන්ධ දේශපාලනඥයින් ඇතුලු පුද්ගලයින්ට රටින් පිටවීම වළක්වා ලීම තවත් ඉල්ලීමකි.


 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...