The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

විදුලිබල මණ්ඩලයේ කෝටි දහඅටක පාඩුවට ජනතාව වන්දි ගෙවිය යුතු ද...? | Janath perera

T

The Leader Desk

May 18, 2025 • 4:22 AM

විදුලිබල මණ්ඩලයේ කෝටි දහඅටක පාඩුවට ජනතාව වන්දි ගෙවිය යුතු ද...? | Janath perera

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රජය නුදුරේ දී ම විදුලි බිල ඉහළ නංවන බව මේ වන විට රට පුරා රැව්පිළිරුව් දෙන ආන්දෝලනාත්මක පුවතකි.
  • නමුත් තිත්ත ඇත්ත කුමක් ද...?
  • තිත්ත ඇත්ත නම් මේ වන විට 2025 මුල් කාර්තුවේ දී පමණක් විදුලිබල මණ්ඩලය කෝටි දහඅටක පාඩුවක් ලබා තිබීම ය.
  • ඒසේ පත් නොවන්නට නම් ඇති හොඳ ම සහ ප්‍රායෝගික විසඳුම කුමක් ද?
අකුරු ප්‍රමාණය (Font Size):
පළාත් පාලන මැතිවරණයට පෙර විපක්ෂය මේ පිළිබඳ ජනතාව දැනුවත් කළ ද ආණ්ඩුව පාර්ශ්වයෙන් දක්නට ලැබුණේ ඇටිකෙහෙල් කෑ උගුඩුවන් සේ සිටිනා ස්වරුපයකි. නමුත් තිත්ත ඇත්ත කුමක් ද...?

තිත්ත ඇත්ත නම් මේ වන විට 2025 මුල් කාර්තුවේ දී පමණක් විදුලිබල මණ්ඩලය කෝටි දහඅටක පාඩුවක් ලබා තිබීම ය.

එබඳු පාඩුවක් සිදුවූයේ ඇයි? එබඳු පාඩුවක් සිදු නොවන්නට නම් කළ යුත්තේ කුමක් ද? පාඩු නොවන්නට කළ යුතු වැඩපිළිවෙළින් ජනතාව තව තවත් අපහසුතාවට පත්වේ ද? ඒසේ පත් නොවන්නට නම් ඇති හොඳ ම සහ ප්‍රායෝගික විසඳුම කුමක් ද?

මේ වන විට රාජ්‍ය පාර්ශවයේ සිට ජනතාවගේ පාර්ශ්වය දක්වා කතා බහට ලක්වන්නේ සහ අවධානයට ලක්ව ඇත්තේ කී කරුණු පිළිබදව ය.

නිරන්තරයෙන් රජ්‍යයේ ආර්ථික කළමනාකරණය සිදුවිය යුත්තේ කෙසේ ද යන්න පිළිබඳව අදහස් ඉදිරිපත් කරන Janath perera මෙම කරුණ සම්බන්ධයෙන් ද සිය අදහස් ඉදිරිපත් කර ඇත. මතු පළ වන්නේ විදුලි බිල ඉහළයැම සහ ඊට විසඳුම කුමක් ද යන්න පිළිබඳව Janath perera ඉදිරිපත්කළ විග්‍රහය යි.
 
WhatsApp Image 2025 05 18 at 8.11.30 AM
2025 මුල් කාර්තුවේ (ජන 01 - මාර්තු 31) රු. බිලයන 18.47 පාඩුවක් විදුලි බල මණ්ඩලය (Board) ලෙස ලබා ඇති අතර  සමස්ත සමාගම් ජාලය (Group) ලෙස රු බිලියන 16.93 පාඩුවක් ලබා ඇතැයි වාර්තා වෙනවා.
 
මෙහිදී මණ්ඩලය (Board ) ලෙස 2024 මුල් කාර්තුවට සාපේක්ශව 121.8% ආදයම් කඩාවැටීමක් ලෙස සහ සමාගම් ජාලය ලෙස (Group) 119.2% ආදයම් අහිමි කරගැනීමක් වාර්තා වෙනවා.
ජනතාව පාවිච්චි කළ විදුලියට මුදල් ගෙව්වා
 
WhatsApp Image 2025 05 18 at 8.11.31 AMWhatsApp Image 2025 05 18 at 8.11.31 AM 1
අපි බොහෝ කාලයක් තිස්සේ ඉදං කියන දෙයක් තමා ලංවීම අනිවාර්‍ය ඉක්මන් ප්‍රතිවූහගතකිරීමට යනන්න ඔනේ කියන එක. නමුත් පැවතුණු කිසිම රජයක් මේකට අත තියන්න කැමති උණේ නෑ. දේශපාලන සහ වෘත්තිය සමිතිවල අභියෝගයට මූණදීමට අකමැති නිසා.
 
මෙම පවතින රජය රාජ්‍ය මුදල් නාස්තිය අවභාවිතාව ගැන ඉතා විශේෂ උනන්දුවක් දක්වනවා. ඉතින් මේක හොඳ අවස්ථාවක් මෙලෙස රාජ්‍ය මුදල් ජනතාවගේ බදු මුදල් නාස්තිකරන පාඩු පිට පාඩු ලබන රාජ්‍ය ආයතන හැකි ඉක්මනින් ප්‍රතිවූහගතකරන්න ඔනේ. ජනතාව විදියට අපි කවදාවත් බිල් නොගෙව හිටියේ නෑ මොකද දේශපාලඥයින්ට වගේ නෙමේ අපිට වරප්‍රසාද නෑ රු 1000ක් 2000ක් ගෙවන්න තිබ්බත් ඇවිත් කපලා යන නිසා . අපි පාවිච්චි කරපු විදුලියට මුදල් ගෙව්වා ඒ වගේම බදු ගෙවලා මේ ආයතන නඩත්තු කරන්නත් මුදල් ගෙව්වා දැන මේ ආයතන පාඩුයි ආපහු වටයකින් ඒ පාඩුව පියවන්නත් මුදල් ගෙවන්න වෙනවා.
මේ කාරණය ගැන IMF අවසන් සමාලෝචනයේදීත් මතු වෙච්ච කරුණක් උණා දේශපාලන වුවමනාවන්ට විදුලි බිල අඩු කිරීම නිසා වියදමට සාපේක්ෂව මිලක් මණ්ඩලේට ලැබෙන්නෑ . මේ හේතුව නිසා මණ්ඩලය පාඩු ලබනවා මේකට උඩින් පවතින අකාරයක්ෂමතා මේ පාඩු තවත් වැඩි කරනවා.

දේශපාලන වාසි සහ ඡන්ද බලාගෙන සිදු කරන මිල පහළ දැමීම් නතර කළ යුතුයි
WhatsApp Image 2025 05 18 at 8.11.31 AM 2WhatsApp Image 2025 05 18 at 8.11.31 AM 3WhatsApp Image 2025 05 18 at 8.11.32 AMWhatsApp Image 2025 05 18 at 8.11.32 AM 1WhatsApp Image 2025 05 18 at 8.11.33 AM
අදටත් තාමත් අපිට හැකි වෙලා නෑ Digital meteringවලට යන්න හැම මාසෙම කෙනෙක් එන්න ඔනේ ගෙවල් ගානේ බිල දෙන්න. ඒ වගේ ම නව සම්බන්ධතාවයක් ගන්න එක පහසු නෑ තාම මේ ආයතන ඩිජිටල්කරණය හරිම මන්දගාමීව වෙන්නේ. ඒ වගේම මේ ආයතන ඇතුළෙ ඉන්න සේවකයින් සංඛ්‍යාව කාර්යක්ෂ්ම නෑ. සමහර වැඩවලට තනතුරුවල පුරප්පාඩු එමට සමහර අංශවල අතිරික්තයක්. මේ සේරම එකතු වෙලා තමා මේ බිලියන ගණන් පාඩුවලට පාර කියන්නේ.
 
ඉතින් මේ පාඩුව පියවගන්න මණ්ඩලය මොකද කරන්නේ? එයාලා යෝජනා කරනවා 18.3% මිල වැඩි කිරීමක්. නමුත් තවම උපයෝගීතා කොමිසමෙන් අවසර ලැබිලා නෑ. එකවර 15%යකටත් වඩා මිල ඉහළ දැමීම මගින් වෙළදපළට, භාණ්ඩ හා සේවාවලට එකවර දරාගැනීමට නොහැකියි. මේ නිසා භාණ්ඩ හා සේවා මිල ඉහළ යන්න පුළුවන්. මේ මිල ඉහළ දැමීම කඩින් කඩ සිදු කරානම් මේ තත්ත්වය උදාවෙන්නෑ.
ඒ වගේම දේශපාලන වාසි හා ඡන්ද බලාගෙන සිදු කරන මිල පහළ දැමීම් හා විදුලි බිලට කරන අතපෙවීම් දැන්වත් නවත්තන්න ඔනේ. දැන්වත් අපි තේරුම් ගන්න ඔනේ මේ රාජ්‍ය ආයතන අස්සේ තියන පාඩුව දූෂණ වංචා විතරක් ම නොවන බව. මොකද නව රජයේ මූලික කාර්යයභාර්යය විදියට මේ දූෂණ වංචා නැවැත්වීමට ප්‍රමුඛතාවය දුන්නා. ඔවුන් බලය පත්වීමට පෙර පැවසූ පරිදී මේ ආයතන ඇතුළෙ තියන දූෂණ වංචා කොමිස් ගැනීම් අපි හිතනවා දැන් වෙන්නේ නෑ කියලා ඒවාට අවශ්‍ය නිසි පියවර අරන් ඇති කියලා හිතනවා . එහෙනං මේ පාඩු කොහොමද වෙන්නේ?

විදුලි බිල අඩු වීම රටක් ආර්ථිකයට අත්‍යාවශ්‍ය කාරණයක්
 
බලශක්ති ඇමති අද හෙටම කළ නොහැකි යැයි කියූ විදුලි බිල අඩු වූණේ කොහොමද?
මූලික වශයෙන් වියදමට සාපෙක්ෂව විකුණුම් මිල නොමැති වීමට ප්‍රධාන සාධකයක්, ඒ වගේ ම ආයතන අභ්‍යන්තරයේ ඇති අකාර්යක්ෂමතාව තවත් ප්‍රධාන සාධකයක් වෙනවා. මේක විදුලි බලමණ්ඩලයට සීමා වෙච්ච අර්බුදයක් නෙමේ. හැම රාජ්‍ය ව්‍යාපාරයක් ඇතුළෙ ම තියන දෙයක්. රජයට ව්‍යාපාරයක් ලාබ පරමාර්ථයෙන් කරන් යන්න බෑ. මොකද මේ ආයතනවල මූල්‍ය වගකීම සහ වගවීම දරන්න එහි ලාබ හා පාඩු උරා ගන්නේ මහා භාණ්ඩාගාරය නිසා ඒ කියන්නේ මේ ආයතන ඇතුළෙ තියෙන්නෙ රටේ මහජනයාගේ සල්ලි.

මගේ සල්ලි දාලා කරන බිස්නස් එකක් ගොඩදාගන්න මට අතිවිශාල අවශ්‍යතාවයක් තියනවා මොකද ඒක පාඩු උනොත් පාඩුව සිද්ධ වෙන්නේ මට නිසා . නමුත් මේ ආයතනවල තීන්දු තීරණ ගන්න අයට මේ මුදල් අයිති නෑ. එයාලට ආයතනය පාඩු උනත් ලාබ උනත් පඩිය ලැබනෙවා; දීමනා වරප්‍රසාද ටික ලැබනෙවා. ඉතින් මේ ආයතන පාඩු උනත් ලාබ උනත් එයාලට ගානක් නෑ.
 
ගොඩක් දෙනෙක් තේරුම් නොගන්න කාරණය තමා ඕක හොද මිනිස්සු ආව පළියට පාලන තීන්දු තීරණ ගත්ත පළියට ආයතනයක් ලාබ කරන්න බෑ කියන සාමාන්‍ය දැනීම ලබාගත යුතු ම දෙයක්. විදුලි බිල අඩු වෙන එක රටක් ආර්ථිකයට අත්‍යාවශ්‍ය කාරණයක් මොකද ඒ රටේ නිෂ්පාදන වියදම අඩු වෙන නිසා එමගින් ස්ථාවර බඩු මිලක් සහ උද්දමනයක් පවත්වාගෙන යන්න පුළුවන්. නිතර නිතර උඩ පහළ යන බලශක්ති මිල තියන රට හෙට වෙළද පොළට මොකක්ද වෙන්නේ කියන එක කිසිකෙනෙක් දන්නෑ.
විදුලි ගාස්තු අඩු කිරීමේ පැණි වරකාව රස විඳීමට පෙර..
 
කළ යුත්තේ කුමක් ද...?

මේක අතිශය බරපතළ කාරණයක් මේ අපි කතාකරන්නේ අපේ රටේ බලශක්තිය ගැන ඒක අර්බුදකාරී අවිනිශ්චිත තත්ත්වයක නම් තියෙන්නේ රට සංවර්ධනය කරනවා කියන්නේ තවත් එක ටොම් පචයක් විතරම යි. මොකද ඒවගේ රටකට කිසිම ආයෝජකයෙක් තමන්ගේ සල්ලි ආයෝජනයක කරන්න කැමති වෙන්නැ. කිසිම සමාගමක් තමන්නේ කර්මාන්තශාලා ඒ රටට ගෙන එනවා තියා හිතන්නෙවත් නෑ.

ඉතින් සේරමට කලියෙන් මේ බලශක්ති අර්බුදය විසදාගන්න ඔනේ හැකි ඉක්මනින් විදුලිබලණ්ඩලය ප්‍රතිවූහගත කරන්න ඔනේ! මිල සම්බන්ධ රජයේ මැදිහත් වී ඇඟිලි ගැසීමෙන් තොරව ස්වාධීන මිල ක්‍රමයක් ඉදිරියට ගෙන යායුතුයි නැත්තං ඉදිරියටත් වෙන්නේ මේ පාඩුවල වැරැද්ද වදුරොන්ගේ රිලවුන්ගේ පිටින් අරින් තමයි.

janath(වචන | Janath perera)
Assistant Manager (Communication) - Advocata Institute

janath@advocata.org


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

විදුලිබල මණ්ඩලයේ කෝටි දහඅටක පාඩුවට ජනතාව වන්දි ගෙවිය යුතු ද...? | Janath perera | The Leader