The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

රුසියානු යුද්ධයේ ශ්‍රී ලංකා කඳුලු කතාව - දෙවෙනි කොටස | Saroj Pathirana

T

The Leader Desk

November 9, 2025 • 3:46 PM

රුසියානු යුද්ධයේ ශ්‍රී ලංකා කඳුලු කතාව - දෙවෙනි කොටස | Saroj Pathirana

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "සර් මගෙ මහත්තයා 2024/11/11 රුසියානු හමුදා සේවයට ... හමුදා කඳවුරේ දි තමයි බැඳිල තියෙන්නෙ.
  • මම මුලින් උපුටා ගත්ත පණිවුඩය එවපු කාන්තාවගේ ස්වාමිපුරුෂයා රුසියානු හමුදාවට බැඳිලා තියෙන්නේ ගිය අවුරුද්දේ නොවැම්බර් මාසේ.
  • මාස ගාණක් ඒ ගැන ලංකාවේ ලොකු ආන්දෝලනයක් ඇතිවුණා.
  •   (සටහන | සරෝජ් පතිරණ) බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක sarojpathi@gmail.com (Saroj Pathirana ෆේස්බුක් පිටුවෙන්...) 2025 නොවැම්බර් 08 සබැඳි ලිපිය : රුසියාවේ යුද්ධය නිසා දුක් විඳින ලංකාවේ අම්මාවරු | Saroj Pathirana  
අකුරු ප්‍රමාණය (Font Size):

එයාගෙ නම ... Dog tag ..... එයා අවසානයේ මාත් එක්ක කථා කළේ ... කියන යුක්රේන නගරයක ඉඳන්. එයත් ආබාධිත වෙලා. කකුල් දෙකම අයිස් වලට අහුවෙල ස්නායු වැඩ කරන්නෙ නෑ යටි පතුල් වල කොටසක. වන්දි දෙනව කීවට හමු වෙලා නෑ. පඩියත් හරියට දීල නෑ. දැන් මාස තුනක් වෙනව කතා කළේ නෑ. හැම තැනටම ලිව්ව. කිසිම පිලිතුරක් නෑ. අනේ සර් මට අවුරුදු ... ක දරුවෙක් ඉන්නවා. එයත් එක්ක මන් තනිවෙල. මගෙ මැසෙජ් යනව. නමුත් එයාට යන්නෙ නෑ. එයාටත් හරි කරදර. හරියට කෑම දෙන්නෙ නෑ දැන් ඉන්න තැන. අනේ සර් මට එයා ගැන තොරතුරක් හොයල දෙන්න පුළුවන් ද. අපේ දුක කියන්න කෙනෙක් නෑ සර්. කාගෙන්වත් පිහිටක් නෑ.ඔබතුමාට බොහෝ පිං සර්. මම ..."

මේ මට අද පැය කිහිපයකට කලින් ලැබුණ ඊමේල් එකක්.

රුසියාවේ හමුදාවට බැඳිල අතුරුදහන් වෙච්ච ලංකාවේ සෙබළු ගැන කාලයක් තිස්සේ මට ලැබුණ මේ වගේ ඊමේල්, වට්ස්ඇප් පණිවුඩ, ටෙලිෆෝන් කෝල් සිය ගණනක්. මීට කලිනුත් ලිවුවා වගේ,කොළඹ රුසියානු තානාපති කාර්යාලය ඒ සමහරු ගැන මට තොරතුරු සොයල දුන්න. ලැබුණ තොරතුරු මම ඒ පවුල්වලට දැනුම් දුන්න.

ඒත් අතුරුදහන් වෙලා ඉන්න ගොඩක් දෙනෙක් ගැන මට කිසිම තොරතුරක් සොයාගන්න ලැබුණේ නෑ.

තානාපති කාර්යාලය කියන්නේ ලංකාවේ පුරවැසියන් ගැන හොයල බලන එක තමන්ගේ වැඩක් නෙවෙයි, ලංකාවේ ආණ්ඩුවේ වගකීමක් කියල.

ඒත් හරිම කණගාටුයි ලංකාවේ කලින් තිබුණ ආණ්ඩුව වත්, ජාජබ ආණ්ඩුව වත්, මේ මිනිස්සු ගැන හොයල බැලුවේ නෑ.  

හොයල බලනවා වෙනුවට රනිල් වික්‍රමසිංහ ගේ රාජපක්ෂ ආණ්ඩුවේ සමහර ලොකු ලොක්කෝ නම් මේ මිනිස්සු රුසියාවට විකුණලා මඩිය තර කර ගත්ත.

cfght57567y
මේ මිනිස්සුන්ට අත්වෙච්ච ඉරණම ගැන ආණ්ඩුව කිසිම තැකීමක් නොකිරීම එක පැත්තකින් හරිම ඛේදවාචකයක්.

අනිත් පැත්තෙන් රුසියානු හමුදාවට බැඳුණ මේ මිනිස්සුන් ගේ වගකීම් විරහිත හැසිරීම.

මම මුලින් උපුටා ගත්ත පණිවුඩය එවපු කාන්තාවගේ ස්වාමිපුරුෂයා රුසියානු හමුදාවට බැඳිලා තියෙන්නේ ගිය අවුරුද්දේ නොවැම්බර් මාසේ. ඒ වෙනකොට රුසියානු හමුදාවට බැඳුන ලංකාවේ සෙබළු සිය ගණනක් මිය ගිහින් තවත් සිය ගණනක් තුවාල ලබල. ඒ වගේම තවත් සිය ගාණක් පැනල ආව.

ඒ වෙනකොට මේ සේරම දේවල් ලංකාවේ ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුනා. රුසියානු හමුදාවේ හිටපු සමහර සෙබළු පවා තමන්ගේ අත්දැකීම සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාගෙන තිබුණ. මාස ගාණක් ඒ ගැන ලංකාවේ ලොකු ආන්දෝලනයක් ඇතිවුණා. ඊට පස්සේ ලංකාවෙන් තවත් සෙබළු බඳවා ගන්නේ නැහැ රුසියාවත් නිවේදනය කළා.

මේ මනුස්සය ගිහින් තියෙන්නේ ඒ සේරම දැනගෙන.

මුලින්ම ලංකාවේ සෙබළු රුසියානු හමුදාවට සම්බන්ධ කිරීම සිද්ද වුණේ බොරු කියල අරගෙන ගිහින් කරපු මිනිස් ජාවාරමකින් වුණත් මේ කාන්තාවගේ සැමියා රවට්ටලා අරගෙන ගිහින් කියල කාටවත් කියන්න බෑ.

cfhye565yt
ඇයි ඉතින් හැමදේම දැනගෙන මහා භයානක යුද්ධෙකට ගිහින් මෙහෙම දිවි නහ ගන්නේ?

ඇයි මිනිස්සු තමන් විතරක් නෙවෙයි තමන්ගේ දරු පවුලත් මේ විදියට අමාරුවේ දාන්නේ?

අනික ආණ්ඩුවටත්, කාලයක් මේ මිනිස්සුන්ට "රණවිරුවෝ" කිය, කියා වන්දනා කරපු සමාජයටත් මේ මිනිස්සු ගැන කිසිම සානුකම්පිත හැඟීමක් නැත්නම් මම කොහොමද තනි පුද්ගලයෙක් විදියට මේ ප්‍රශ්නවලට උත්තර දෙන්නේ? ලංකාවේ සමාජයට වඩා Levan Dzhagaryan රුසියානු තානාපතිතුමා මේ අය ගැන ඉතාම සානුකම්පිත හැඟීමකින් කටයුතු කරනවා.  


මුලිනුත් කිවුව වගේ නීත්‍යානුකූලව ගියත්, නීති විරෝධීව රටින් පිටවුණත් ඕනෑම රටක ඉන්න ශ්‍රී ලාංකික පුරවැසියන් ගැන ලංකාවේ ආණඩුවට වගකීමක් තියෙනව. ඒ වගේම දැන, දැනම මරු කටට පනින්නේ නැතුව ඉන්න මේ මිනිස්සුත් වග බලා ගන්න ඕනේ.

අනුන්ගේ යුද්ධයක දිවි පුදන ශ්‍රී ලාංකිකයින් ගේ මේ ඛේදවාචකය නිමාවෙන්නේ කවදද?

ඒ වගේම මිනිස් ජාවාරමක් ගැන රනිල් ආණ්ඩුවේ ලොක්කන්ට විරුද්ධව එල්ල වුණ චෝදනා ගැන පරීක්ෂණයත් මේ දවස්වල පොලිසිය කරන ගොඩක් "මෙහෙයුම්" වගේ media show එකක් විතරද?  

Saroj Pathirana(සටහන | සරෝජ් පතිරණ)
බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක

sarojpathi@gmail.com


(Saroj Pathirana ෆේස්බුක් පිටුවෙන්...)
2025 නොවැම්බර් 08




සබැඳි ලිපිය :

රුසියාවේ යුද්ධය නිසා දුක් විඳින ලංකාවේ අම්මාවරු | Saroj Pathirana

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...