The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ඉරාන නාවිකයින් බේරා ගැනීම: ජනපති අනුරට දෙස්, විදෙස් පැසසුම්! | Saroj Pathirana

T

The Leader Desk

March 7, 2026 • 2:42 PM

ඉරාන නාවිකයින් බේරා ගැනීම: ජනපති අනුරට දෙස්, විදෙස් පැසසුම්! | Saroj Pathirana

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බින්යමින් නෙතනියාහු කියන යුද උන්මත්තකයෝ දෙන්නෙක් මුළු ලෝකයම යුද ගිනිදැල්වලින් වහගනිද්දී,
  • ඒ ප්‍රහාරයෙන් ඉරාන නාවිකයින් 80ක්වත් මරුමුවට පත්වුණා.
  • ප්‍රහාරයෙන් දිවි ගලවාගත් නාවිකයින් 32 දෙනෙක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් බේරාගෙන කරාපිටිය රෝහලට ඇතුළත් කළා.
  • අමෙරිකාවෙන් බලපෑම් මේ අතර විශේෂ වාර්තාවක් පළ කරමින් රොයිටර් පුවත් සේවය කියන්නේ, ඉරාන නැවු දෙකෙන් බේරාගත් ඉරාන නාවිකයින් පිරිස යළි ඉරානයට පිටත්කරන්න එපා කියල ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට බලපෑම් කරමින් ඉන්න බව.
අකුරු ප්‍රමාණය (Font Size):

ශ්‍රී ලංකාව අසල ඉන්දීය සාගරයේ කොටු වෙලා හිටපු 200 කට අධික ඉරාන ජාතික නාවිකයින් බේරා ගන්න ගත්ත තීරණය ගැන ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක දෙස්, විදෙස් ප්‍රශංසාවට ලක්වෙමින් ඉන්නවා.

f44ff
ජාත්‍යන්තර නීතිය, මානව හිමිකම් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය තුට්ටුවකට මායිම් නොකරමින් වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස් මදුරෝ පැහැරගෙන ගිහින්, ඉරානයේ ආධ්‍යාත්මික නායකයා ඇතුළු සමස්ථ නායකත්වය බෝම්බ දාල ඝාතනය කරලා, ඊලඟට කියුබාවටත් වැඩේ දෙනවා කියල පාරම් බාමින් ට්‍රම්ප් උමතුවෙන් හැසිරෙන වෙලාවක ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ගත් මේ පියවර දිරිමත් සහ ප්‍රතිපත්ති ගරුක තීරණයක් විදියට විශේල්ෂකයින්ගේ සහ සමාජ මාධ්‍යවල අගය කිරීමට ලක්වෙලා තියෙන බව තුර්කියේ TRT World පුවත් ආයතනය වාර්තා කරනවා.  

trt

IRIS Bushehr නෞකාවේ සිටි ඉරාන නාවිකයින් පිරිස බේරාගෙන කොළඹට ගෙනවිත්, නෞකාව ත්‍රිකුණාමලයට අරගෙන යන්න ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ මාලිමාව ආණ්ඩුව තීරණය කළේ, අමෙරිකානු සබ්මැරීනයක් ශ්‍රී ලංකාව අසල ජාත්‍යන්තර මුහුදේදී ඉරානයේ IRIS Dena යුද නෞකාව ගිල්වා දැමුවාට පස්සේ. ඒ ප්‍රහාරයෙන් ඉරාන නාවිකයින් 80ක්වත් මරුමුවට පත්වුණා. ප්‍රහාරයෙන් දිවි ගලවාගත් නාවිකයින් 32 දෙනෙක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් බේරාගෙන කරාපිටිය රෝහලට ඇතුළත් කළා.

අමෙරිකාවෙන් බලපෑම්

මේ අතර විශේෂ වාර්තාවක් පළ කරමින් රොයිටර් පුවත් සේවය කියන්නේ, ඉරාන නැවු දෙකෙන් බේරාගත් ඉරාන නාවිකයින් පිරිස යළි ඉරානයට පිටත්කරන්න එපා කියල ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට බලපෑම් කරමින් ඉන්න බව. ඒ වගේම මේ ඉරාන ජාතිකයින් පිරිස සතුරු පාර්ශවයට සම්බන්ධ කරගැනීමේ හැකියාව ගැන ඉන්දියාවේ ඉන්න ඊශ්‍රායල තානාපතිවරයා කොළඹ ඇමෙරිකානු තානපාති කාර්යාලයේ නිලධාරියෙකුගෙන් විමසීමක් කළ බවත් රොයිටර් වාර්තාවේ දැක්වෙනවා.  

මුළු ලෝකයම ඉරානයට පිටුපාද්දී ඉරාන නාවිකයින් බේරා ගැනීමට ඉදිරිපත් වීම ගැන අදහස් දක්වමින් දේශපාලන විශ්ලේෂකයෙක් වන Carl Zha ශ්‍රී ලංකාව විග්‍රහ කරලා තිබුණේ "ඉන්දීය සාගරයේ සැබෑ භාරකරු" හැටියට.

dfgee
මේ අතර IRIS Dena නෞකාව ගිල්වා දැමීම ගැන ලිපියක් පළකරමින් අල් ජසීරා පුවත් සේවය ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි දැඩි ලෙස විවේචනය කරලා  තිබුණා. මෙතෙක් කලක් ඉන්දීය සාගරයේ භාරකරු ලෙසින් පෙනී සිටි ඉන්දීය අගමැතිවරයාට අඩුම තරමින් තමන්ගේ නිවසට ආපු අමුත්තාවත් බේරාගන්න බැරි වුන බව අල් ජසීරා පවසනවා. IRIS Dena ඇමෙරිකානු ප්‍රහාරයට ලක්වුණේ ඉන්දියාවේ ආරාධනයෙන් ඉන්දියාවේ සති දෙකක නාවික අභ්‍යාස වැඩසහනකට සහභාගි වෙලා ආපසු යමින් සිටියදී.

BBC ආයතනය, ගාඩියන්, Telegraph, ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පත් ඇතුළු බොහෝ ජාත්‍යන්තර ජනමාධ්‍ය ශ්‍රී ලංකා ආණ්ඩුවේ ක්‍රියාව වාර්තා කරලා තිබුණ. ඒ වගේම ඉරාන නෞකාවට පහර දීමෙන් පස්සේ ඇමෙරිකාව නාවිකයින් බේරා ගැනීමට ඉදිරිපත් නොවීම නීත්‍යානුකූල ද කියල Independent පුවත්පත ප්‍රශ්න කරනවා.

etert
කොහොමත් කොයි තරම් පුංචි රටක් වුණත් ලංකාව අනිවාර්යයෙන්ම සතියකට දෙකකට සැරයක් ජාත්‍යන්තර පුවත් අතරට එනවා. ඒක මම කාලාන්තරයක් තිස්සේ දැකපු දෙයක්. ඒ news එක හොඳ දෙයක් වෙන්නත් පුළුවන්, දිත්වා කුණාටුව හෝ පාස්කු ප්‍රහාරය වගේ ඛේදනීය පුවතක් වෙන්නත් පුළුවන්.

ඒ නිසා විදේශිකයින් සිය ගණනකගේ දිවි බේරාගැනීමේ මානුෂීය මෙහෙයුමක් ගැන ලංකාව ජාත්‍යන්තර ප්‍රසාදයට ලක්වීම ගැන හදවතින්ම සතුටුයි.

මේ සිද්ධියේදී සාමාන්‍යයෙන් ලංකාවේ අහන්න, දකින්න නොලැබෙන දේකුත් දකින්න ලැබීමත් සතුටක්; මේ දවස්වල මාලිමා ආණ්ඩුවේ දැඩි විවේචකයෙක් වෙලා ඉන්න චම්පික රණවකත්, නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාත් ජනාධිපති අනුර ගේ පියවර අගය කරලා තිබුණ. ඇත්තෙන්ම ඒකත් ලංකාවේ දේශපාලනයේ පැහැදිලි වෙනසක්.
මානුෂිකත්වය පෙරදැරිව ඉරාන නාවිකයන්ට අදාළව රජය ගනු ලැබූ තීරණය අගය කරන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයත් සඳහන් කරලා තිබුණ.

"රටක් වශයෙන් අප එහි දී ප්‍රදර්ශනය කර ඇත්තේ මානුෂිකත්වය පෙරටු කරගත් ශිෂ්ට සම්පන්න රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියා පිළිවෙතක්," බවත් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති, හිටපු කතානායක කරු ජයසූරිය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙනවා.

Saroj Pathirana(සටහන | සරෝජ් පතිරණ)
බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක
sarojpathi@gmail.com



(Saroj Pathirana ෆේස්බුක් පිටුවෙන්...)
2026 මාර්තු 06

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...