The Leader News
BREAKING
ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●
Top Ad
විශේෂාංග

ප්ලාස්ටික් කැබලි කෝටි ගණනක් ලංකාවේ මුහුදට හෙළු නෞකාව ගැන සැඟවුණු තොරතුරු සොයා ගිය හැටි | Saroj Pathirana

T

The Leader Desk

July 24, 2025 • 6:31 AM

ප්ලාස්ටික් කැබලි කෝටි ගණනක් ලංකාවේ මුහුදට හෙළු නෞකාව ගැන සැඟවුණු තොරතුරු සොයා ගිය හැටි | Saroj Pathirana

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලංකාවේ මුහුදු තීරයේදී ගිණිබත් වුණ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සමුද්‍ර ජීවීන්ට, පරිසරයට, ධීවරයින්ට සහ සමස්තයක් වශයෙන් සමාජයට වුණ හානිය කිසිම වන්දි මුදලකින් - කොයි තරම් විශාල වුණත් - මනින්න බැහැ.
  • මේකට සම්බන්ධ හැම රාජ්‍ය ආයතනයකටම - නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු - තොරතුරු දැනගැනීමේ ඉල්ලුම්පත් යොමු කළා.
  •   රනිල් වික්‍රමසිංහ පාලනය ලොකු උනන්දුවක් දැක්වුවේ නැතත්, මේ ව්‍යසනයට අදාල දූෂණ චෝදනාව ගැන සොයන්න මාලිමාවේ ආණ්ඩුව ලොකු උනන්දුවක් දක්වන බවක් තමයි මුලින් දකින්න තිබුණේ.
  • ඒ ගැන අලුත් විමර්ශනයක් ආරම්භ කරන බව එවකට කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් මා එක්ක කීවේ ගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසේ.
අකුරු ප්‍රමාණය (Font Size):


විශේෂයෙන්ම ඒක තමයි එතෙක්, මෙතෙක් ලෝකයේ නෞකාවකින් සාගරයට සිදු කෙරුණ දැවැන්තම ප්ලාස්ටික් ව්‍යසනය. X-Press Pearl නැවෙන් ලංකාවේ මුහුදට හෙළපු ප්ලාස්ටික් කැබලිති (nurdles) ප්‍රමාණය කෝටි ගණනක්.

ඒත් ඒ හානියේ මූල්‍යමය අලාභය හෝ පාරිසරික විනාශය හෝ ගැන පූර්ණ පරීක්ෂණයක් කරන්න ලංකාවේ පාලකයින් අපේ රටේ විද්‍යාඥයින්ට අවසර දුන්නේ නැහැ. විනාශය වුණේ ගෝටා ගේ පාලනය කාලේ. වන්දිය ගැන කටයුතු (නො)කළේ රනිල්ගේ පාලනය කාලේ.

 

518248147 10161211672432155 7855774030441783922 n
ඇත්තටම මේ තරම් මහා ව්‍යසනයක් ගැන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ඔහුගේ කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ, එවක නීතිපති සංජේ රාජරත්නම්, නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් - මේ හැම දෙනාම ඒ තරම් ඇල්මැරුණු ආකල්පයකින් වැඩ කළේ ඇයිද කියන එක අදටත් අබිරහසක්.

ඔය අතරේ තමයි, ලංකාවේ ආණ්ඩුව ඒ ගැන තැකීමක් කරන්නේ නැත්නම් අපිවත් සොයමු කියල මගේ සමීප මිතුරියක් සහ පාරිසරික මාධ්‍යවේදිනියක් වන ලියානා හොසිය (Leana Hosea) මට යෝජනා කළේ. ඒ ගිය අවුරුද්දේ මැද හරියේ. ඒ දවස්වල මම හිටියේ මොස්කව් වල.

522983694 10161212130952155 2061232363709119933 n

ලියානා පරිසරවේදිනියක් වගේම ශ්‍රී ලාංකික සම්භවයක් තියන බෞද්ධ කාන්තාවක්. ඇය ලෝකේ පුරාම පරිසර ගැටළු ගැන ගොඩක් වාර්තා කරලා තියෙනව.

519499766 10161211668932155 4899303282044858385 n
ඉතින් ලියානා සම-නිර්මාතෘවරියක වන Watershed Investigations ආයතනයත් ලෝකයේ සාගර ආරක්ෂා කිරීම වෙනුවෙන්ම කැපවුණ පුලිට්සර් සෙන්ටර් එකේ Ocean Reporting Network (ORN) එකත් මේ වැඩේට බොහොම උනන්දුවෙන් සම්බන්ධ වුණා.

ORN එකේ Fellowship එකක් අරගෙන මම ලංකාවට ඇවිත් ප්‍රධාන වශයෙන්ම වංචා, දූෂණ චෝදනාව සහ අධිකරණ කටයුතු ගැන සොයා බැලුව. මේකට සම්බන්ධ හැම රාජ්‍ය ආයතනයකටම - නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු - තොරතුරු දැනගැනීමේ ඉල්ලුම්පත් යොමු කළා. ඒ අතරේ ලියානා විද්‍යාත්මක කරුණු ගවේෂණය ආරම්භ කළා.

 

520823527 10161211593807155 2041621157203935192 n
රනිල් වික්‍රමසිංහ පාලනය ලොකු උනන්දුවක් දැක්වුවේ නැතත්, මේ ව්‍යසනයට අදාල දූෂණ චෝදනාව ගැන සොයන්න මාලිමාවේ ආණ්ඩුව ලොකු උනන්දුවක් දක්වන බවක් තමයි මුලින් දකින්න තිබුණේ. කොටින්ම විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරු විදියට අනුර කුමාර දිසානායක සහ විජිත හේරත් දෙන්නම ඒ ගැන කිහිප වරක්ම පාර්ලිමේන්තුවේ හඬ නගල තිබුණ.

ඒ ගැන අලුත් විමර්ශනයක් ආරම්භ කරන බව එවකට කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් මා එක්ක කීවේ ගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසේ. විශේෂයෙන්ම මේ ව්‍යසනය වුණේ ඔහුගේ දිස්ත්‍රික්කයේ.  (Sri Lanka to probe ‘corruption’ in handling of 2021 cargo ship disaster)

නමුත් කාලයත් එක්කම ඒ ගැන ජාජබ ආණ්ඩුවේ උනන්දුවත් හීන් සීරුවේ නැතිවෙලා ගියා.  

 

516811960 10161211589592155 3547529097810681082 n
කොටින්ම මේ දූෂණ චෝදනාව ගැන හොයන්න පරිසර ඇමතිතුමා පසුගිය ජුනි මාසෙ අලුත් කමිටුවක් පත්කරනව කියල අපේ මිත්‍ර රවීන්ද්‍ර කාරියවසම් බීබීසී යට කිවුව. ඒ කමිටුවටත් වෙච්ච දෙයක් නෑ.

ඒ අතරේ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ විභාගවෙමින් තිබුණ. නෞකා හිමියන්ට විරුද්ධව තවත් අපරාධ නඩුවක් පහල උසාවියක විභාග වෙනව. ඒ නඩුවේ විත්තිකරුවෙක් වන නෞකාවේ කපිතාන් Vitaly Tyutkalo ට තවමත් ලංකාවෙන් පිටවෙන්න අවසර නැහැ.

521638740 10161211584332155 4387743936317335432 n

මම හැකි හැම දවසකම අධිකරණ විභාගයටත් සම්බන්ධ වෙමින් එතෙක් හෙළි වෙලා නොතිබුණ කරුණු ගවේෂණය කරන්න පටන් ගත්ත. Pulitzer Centre  එකේ Ocean Reporting Network එකෙනුත් Watershed Investigation ආයතනයෙනුත් ලැබුණ අනුග්‍රහය මේ වැඩේට අපිට ලොකු හයියක් වුණා.

මම දාපු ගොඩක් තොරතුරු දැනගැනීමේ (RTI) ඉල්ලුම්පත්‍රවලට නිසි පිළිතුරක් ලැබුණේ නැහැ. විශේෂයෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවත්, පොලිසියත් සෘජු පිළිතුරක් දීම වෙනුවට වචන හරඹයක යෙදෙමින් හිටපු හැඩක් තමයි පේන්න තිබුණෙ.

ලංකාවේ අධිකරණ ක්‍රියාදාමය විමසමින්, ඊට අදාළ හැකි සෑම ලේඛනයක්ම එකතු කරන අතරේම මම පුලිට්සර් සෙන්ටර් එකේ ටීම් එකත් එක්ක දූෂණ චෝදනාව ගැන ලෝකේ පුරා ඩේටාබේස් පීර, පීර තොරතුරු හෙවුව. ඒ චෝදනාවේ අග, මුල තවමත් හොයාගන්න බැරි වුණත් අපි තවමත් ඒ ගවේෂණය අත්හැරලා නැහැ.

 

520951762 10161211629062155 6902525191546654948 n

ඒ අතරේ ලියානා ලංකාවෙත්, බ්‍රිතාන්‍යයෙත් විද්‍යාඥයින් එක්ක කතාකරමින් මේකේ විද්‍යාත්මක පැත්ත හොයාබලන්න පටන් ගත්ත. මම දිගටම ලංකාවේ ඉන්න අතරේ බ්‍රිතාන්‍ය විද්‍යාඥයෙකුත් එක්ක ලියානා ගිය අවුරුද්දේ නොවැම්බර් මාසේ ලංකාවට ආව. අපි මීගමුව කලපුවෙ මුහුදු මඩත්, මීගමුවෙන් අල්ලපු මාළුන්ගේ අක්මාවේ සාම්පලුත් එකතුකරගත්ත. මහාචාර්ය මෙත්තිකා විතානගේ එක්ක ජයවර්ධනපුර විශ්වවිද්‍යාලෙ ශිෂ්‍ය, ශිෂ්‍යාවන් පිරිසකුත් අපිත් එක්ක එකතුවුනා.

මාළුන්ගේ අක්මා සාම්පල ලන්ඩන් ගෙනියන්න පුළුවන් විදියට සකස් කරලා දුන්නේ වයඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චමිලා ජයසිංහ. පරීක්ෂණ සඳහා කල් තියාගන්න පුළුවන් විදියට වයඹ සරසවියේදී මාළුන්ගේ අක්මා සාම්පල සකස් කළේ freeze-drying කියන ක්‍රමවේදයට.  

 

521239045 10161212133072155 6059893761491183618 nසරත් ඉද්දමල්ගොඩ පියතුමා
මැන්චෙස්ටර් නගරයේ මෙට්‍රොපොලිටන් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් ඒ සාම්පල ගැන පරීක්ෂණ කරන අතරේ මේ අවුරුද්දේ මැයි මාසේ ලියානා, වැඩසටන නිෂ්පාදක ඇලෙක්ස් ලාස්ට් (Alex Last) එක්ක ආයෙත් ලංකාවට ආවේ, අපේ සොයා ගැනීම් ගැන බීබීසී ගුවන් විදුලි විශේෂාංගයක් කරන්න. ඒ වෙලාවේ මීගමුවේදී අපි සරත් ඉද්දමල්ගොඩ පියතුමා සහ ධීවරයිනුත් මුණ ගැසුනා. 

520440497 10161212127797155 3234795122808390669 n
බීබීසී ලෝක සේවයේ Assignment වැඩසටහනට සම්පාදනය කරපු මේ ගුවන්විදුලි විශේෂාංගය (Sri Lanka: The X-Press Pearl disaster) අපේ උත්සාහයේ එක ප්‍රතිඵලයක්. මේ ප්ලාස්ටික් නර්ඩ්ල්ස් මුහුදෙ තියන තාක් කල් තදින් විෂ උරාගන්නව කියන එක අපේ ගවේෂණයේ ප්‍රධාන සොයා ගැනීමක්. ඒ plastic nurdles බොහොමයක් අපේ මුහුදට ආවෙ එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් බව රහසක් නෙවෙයි. මාළු බිත්තර එහෙමත් නැත්නම් රස කෑමක් කියල හිතාගෙන මාළු මේ ප්ලාස්ටික් බෝල ගිලින්න බොහෝ දුරට ඉඩ තියෙනව. ඒ ප්ලාස්ටික් සමුද්‍ර ජීවීන්ට අහිතකර විතරක් නෙවෙයි, ඒකෙන් කියවෙන්නෙ එහෙම ප්ලාස්ටික් ගිලපු මාළු කෑම ශරීර සෞඛ්‍යයට හිතකර නැහැ කියන එක.

 

521654060 10161211586167155 6063717209779125801 n
අපේ ගවේෂණය ගැන තවත් වාර්තා කිහිපයක් මේ වනවිටත් සකස්වෙමින් තියෙනවා.  

ඒ අතරේ ශ්‍රේෂ්ඨාධිකරණය හෙට (ජුලි 24) මූලික අයිතිවාසිකම් පෙත්සම්වල තීන්දුව ප්‍රකාශයට පත් කරනවා. පදවියෙන් විශ්‍රාම ගන්නා අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දුගේ අවසාන නඩු තීන්දුවත් ඒකයි. ඒ තීන්දුව කවරක් වුවත්, එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනයත් එක්ක මතුවුණ තවත් පැතිකඩ සහ ආන්දෝලන ගණනාවක් ගැන තව බොහෝ දේ සොයා බලන්න ඉතිරිවෙලා තියෙනව. විශේෂයෙන්ම වන්දි නඩුව කඩාකප්පල් කරන්න අල්ලස් ගත්ත කියන ආන්දෝලනය ගැන මූලික අයිතිවාසිකම් පෙත්සමේ ලොකු අවධානයක් යොමුවුණේ නැහැ.

 

520213163 10161211654737155 3718591118427139608 n
ඒ වගේම  ශ්‍රේෂ්ඨාධිකරණය FR petition එක ගැන තීන්දුව දුන්න කියන්නේ එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනය ගැන අධිකරණ ක්‍රියාවලිය එතනින් අවසන් කියන එක නෙවෙයි - මට මතකයි ඒ ගැන යසන්ත කෝදාගොඩ විනිශ්චයකාර තුමත් ප්‍රසිද්ධ අධිකරණයේ නීතිපති ගෙන් විමසීමක් කළා; සිංගප්පූරුවේ නඩු විභාගය තවමත් ආරම්භ වෙලාවත් නැහැ. බ්‍රිතාන්‍ය අධිකරණයේ තවත් නඩුවක් තියෙනවා. ඒ වගේම තමයි, තමන්ට සාධාරණය ඉටු වුණේ නැහැ කියල හිතනවා නම් වින්දිතයින්ට අවශ්‍ය නම් ආයෙත් අධිකරණය ඉදිරියට යාමේ හැකියාවත් මේ නඩු තීන්දුව නිසා අහිමිවෙන්නේ නැහැ.

 

519359625 10161211634592155 911060931810181144 n

Saroj Pathirana
(සටහන | සරෝජ් පතිරණ)
බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක

sarojpathi@gmail.com


(Saroj Pathirana ෆේස්බුක් පිටුවෙන්...)
2025 ජුලි 23

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ප්ලාස්ටික් කැබලි කෝටි ගණනක් ලංකාවේ මුහුදට හෙළු නෞකාව ගැන සැඟවුණු තොරතුරු සොයා ගිය හැටි | Saroj Pathirana | The Leader