The Leader News
BREAKING
Top Ad
පුවත්

ඇමති සමන්ත ගෙන් රු. මිලියන 100ක වන්දියක් ඉල්ලා කීර්ති ගෙන් එන්තරවාසියක්

T

The Leader Desk

January 26, 2025 • 8:57 AM

ඇමති සමන්ත ගෙන් රු. මිලියන 100ක වන්දියක් ඉල්ලා කීර්ති ගෙන් එන්තරවාසියක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වැවිලි කර්මාන්ත අමාත්‍ය සමන්ත විද්‍යාරත්න විසින් හිටපු ආණ්ඩුකාරවර රජිත් කීර්ති තෙන්නකෝන් හට ‘අපහාසාත්මක, වැරදි සහ නොමඟයවන සුළු උපහාසාත්මක’ ප්‍රකාශ 15 ක් පමණ සිදු කිරීම සම්බන්ධයෙන් රුපියල් මිලියන 100 ක වන්දියක් ගෙවන ලෙස ඉල්ලා නීතිඥවරුන් විසින් එන්තරවාසියක් යොමු කර ඇත.
  •   කීර්ති තෙන්නකෝන් හට සිදු කළ හානිය රුපියල් මිලියන 100 ක් ලෙස ඇස්තමේන්තු කරන බවත්, එම කතාවේ සහ ලිපියේ එම අපහාසාත්මක අන්තර්ගතයේ කථිකයා/කර්තෘට ගෙවිය යුතු මුදල ගෙවීමට ඔබ පෞද්ගලිකව බැඳී සිටින බව’ ත් දැක්වේ.
  • ලිපිය ලැබී දින 14ක් ඇතුළත එම රුපියල් මිලියන 100 ක් ඉල්ලා සිටින බව ත්, එම මුදල ගෙවීමට අසමත් වන්නේ නම්, එම මුදල අයකර ගැනීමටත්, එයට අමතරව පොලී සහ නඩු වියදම් ලබා ගැනීමට නීතිමය පියවර ගන්නා බවත් එන්තරවාසියේ දැක්වේ.
අකුරු ප්‍රමාණය (Font Size):
 
2024 ජනවාරි 9 වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ පැවැත්වූ පුවත්පත් සාකච්ඡාවක දී "අන්නාසිගලට ඇත්තටම මොකද වෙන්නේ?" යන මාතෘකාව යටතේ සමන්ත විද්‍යාරත්න විසින් කීර්ති තෙන්නකෝන්ට ‘නම සඳහන් කරමින්, අපහාසාත්මක, උපහාසාත්මක ප්‍රකාශ රැසක් සිදු කරමින්, නීති විරෝධී රාජ්‍ය ඉඩම් කොල්ලකෑම් සහ තවත් දූෂිත ක්‍රියාවන් කිහිපයකට සම්බන්ධ බවට අපහාස කර ඇතැයි එන්තරවාසියේ දැක්වේ.  


ඇමති සමන්තගේ ප්‍රකාශයෙන් තෙන්නකෝන් සම්බන්ධයෙන් ‘පහත් මතයක් ඇති කිරීමට කටයුතු කර ඇතැයි ද, ඇමතිවරයාගේ ප්‍රකාශයේ ‘අන්තර්ගතය අසත්‍ය වන අතර, එය තම සේවාදායකයාට අපහාසාත්මක’ වන බව එච්.ඩී.සී.ඩී.හතුරුසිංහ නීතිඥ විසින් මහියංගනය, රදීමාලියද්දේ සමන්ත විද්‍යාරත්න ගේ ලිපිනයට යොමු කර ඇති එන්තරවාසියේ දැක්වේ.

කීර්ති තෙන්නකෝන් ගේ යැයි දැක්වෙන හැදුම්පතක් පිළිබඳ විස්තර, රක්ෂිත වනාන්තරයක් බලහත්කාරයෙන් අල්ලා ගැනීම, ජාවාරම්කරුවෙකු බව නැවත නැවත ප්‍රකාශ කිරීම, අනවසර ඉදිකිරීම් සිදු කිරීම, කැලෑ කැපීම, ඉඩම් අල්ලා විකුණා ඇති බව, රජයේ අඹ පැල මුදලට විකිණීම ආදී වශයෙන් චෝදනා හා අසත්‍ය ප්‍රකාශ 15 ක් පුවත්පත් සාකච්ඡාවේ දී ඇමති විද්‍යාරත්න විසින් කීර්ති තෙන්නකෝන් වෙත එල්ල කර තිබුණි.  

එන්තරවාසියේ තවදුරටත් දැක්වෙන්නේ කීර්ති තෙන්නකෝන් වෙත එල්ල කළ ‘චෝදනා වැරදි සහ අසත්‍ය බවත්, ඔහු අපකීර්තියට පත් කිරීමේ අරමුණින් සහ රාජ්‍ය ආයතනයක හිටපු නිලධාරියෙකුගේ නොකැළැල්, ගෞරවනීය චරිතය විනාශ කිරීමට, සමච්චලයට ලක් කිරීමට සහ අවමන් කිරීමට චේතනාන්විතව’ අරමුණු කර ඇති බවයි.

තව ද, ‘හිටපු රාජ්‍ය නිලධාරියෙකු ද, වර්තමානයේ සමාජයේ මත සාදන්නෙකු ලෙස ද කටයුතු කරන කීර්ති තෙන්නකෝන් හට සමන්ත විද්‍යාරත්නගේ ප්‍රකාශ මගින් බරපතල හානියක්, හොඳ නමට සහ කීර්ති නාමයට, චරිතයට සහ ගෞරවයට හානි සිදුවී ඇති බව’ දැක්වේ.  

කීර්ති තෙන්නකෝන් හට සිදු කළ හානිය රුපියල් මිලියන 100 ක් ලෙස ඇස්තමේන්තු කරන බවත්, එම කතාවේ සහ ලිපියේ එම අපහාසාත්මක අන්තර්ගතයේ කථිකයා/කර්තෘට ගෙවිය යුතු මුදල ගෙවීමට ඔබ පෞද්ගලිකව බැඳී සිටින බව’ ත් දැක්වේ. ලිපිය ලැබී දින 14ක් ඇතුළත එම රුපියල් මිලියන 100 ක් ඉල්ලා සිටින බව ත්, එම මුදල ගෙවීමට අසමත් වන්නේ නම්, එම මුදල අයකර ගැනීමටත්, එයට අමතරව පොලී සහ නඩු වියදම් ලබා ගැනීමට නීතිමය පියවර ගන්නා බවත් එන්තරවාසියේ දැක්වේ.

එම එන්තරවාසිය මතු පළවේ.
Ranjith keerthis LOD with Attachment පළමු පිටු 4 page 0001Ranjith keerthis LOD with Attachment පළමු පිටු 4 page 0002Ranjith keerthis LOD with Attachment පළමු පිටු 4 page 0003Ranjith keerthis LOD with Attachment පළමු පිටු 4 page 0004

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...