The Leader News
BREAKING
Top Ad
පුවත්

වසර 109කට පසු දෙදෙනෙක් බෙදාගත් ඔලිම්පික් රන් පදක්කම

T

The Leader Desk

August 2, 2021 • 5:46 AM

වසර 109කට පසු දෙදෙනෙක් බෙදාගත් ඔලිම්පික් රන් පදක්කම

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ ටෝකියෝ ඔලිම්පික් උළෙලේ පිරිමි උස පැනීමේ ඉසව්වේ අවසන් තරගයේදි වැඩිම උසක් සාර්ථක කරගන්නා ලද ක්‍රීඩකයින් දෙදෙනාම පනිනා ලද උස ප්‍රමාණය සමාන වීමත් සමගයි.
  • මෙලෙස රන් පදක්කම මෙදාගන්නා ලද ක්‍රීඩකයින් දෙදෙනාවන්නේ කටාර් රාජ්‍යයේ ක්‍රීඩක මුටාස් එසා බාර්ෂීම් සහ ඉතාලියේ ජියන්මාර්කෝ තම්බෙරී යන දෙදෙනායි.
  • මෙම තරගකරුවන් දෙදෙනාම අවසන් තරගයේදි මීටර් 2.19 සිට මීටර් 2.37 දක්වා වූ උස පැනීම් පළමු වාරයේදිම සාර්ථක කරගත් නමුත් මීටර් 2.39 ක උස තරණය කිරීම ඔවුන් දෙදෙනාටම අපහසු වුණා.
  • හැබැයි එයට ඔබ දෙදෙනාම එකග විය යුතුයි යන්නයි.
අකුරු ප්‍රමාණය (Font Size):
 
ඒ ටෝකියෝ ඔලිම්පික් උළෙලේ පිරිමි උස පැනීමේ ඉසව්වේ අවසන් තරගයේදි වැඩිම උසක් සාර්ථක කරගන්නා ලද ක්‍රීඩකයින් දෙදෙනාම පනිනා ලද උස ප්‍රමාණය සමාන වීමත් සමගයි.
 
මෙලෙස රන් පදක්කම මෙදාගන්නා ලද ක්‍රීඩකයින් දෙදෙනාවන්නේ කටාර් රාජ්‍යයේ ක්‍රීඩක මුටාස් එසා බාර්ෂීම් සහ ඉතාලියේ ජියන්මාර්කෝ තම්බෙරී යන දෙදෙනායි.
 
මෙම තරගකරුවන් දෙදෙනාම අවසන් තරගයේදි මීටර් 2.19 සිට මීටර් 2.37 දක්වා වූ උස පැනීම් පළමු වාරයේදිම සාර්ථක කරගත් නමුත් මීටර් 2.39 ක උස තරණය කිරීම ඔවුන් දෙදෙනාටම අපහසු වුණා.
 
එහිදි තවත් උසක් පැන දක්ෂයා තෝරාගැනීමට අවස්ථාව තිබුනත් ඒ වන විට ඉතාලි ක්‍රීඩක තම්බෙරීගේ පාදයේ යම් ආබාධයක් හටගෙන තිබුණා.
 
රන් පදක්කම හිමිවන ක්‍රීඩකයා තේරිමට තවත් උසක් තරණය කරන්නේදැයි තරග විනිසුරු ඔවුන් දෙදෙනාගෙන් විමසු අවස්ථාවේදි කටාර් ක්‍රීඩක මුටාස් එසා විනිසුරුගෙන් විමසා සිටියේ ” අපිට රන් පදක්කම් දෙකක් ගන්න බැරිද?” යන්නයි.
 
එයට පිළිතුරු දෙමින් විනිසුරු පැවසුවේ ” ඔව් පුළුවන්. හැබැයි එයට ඔබ දෙදෙනාම එකග විය යුතුයි යන්නයි.
 
එහිදි මුටාස් එසා තම්බෙරී හට සුහදව අතට අතදෙමින් දෙදෙනා අතර රන් පදක්කම බෙදා ගැනීමට එකගත්වය පල කළ අතර තම්බෙරීද ඉහවහා ගිය සතුටකින් ඊට මනාපය පල කළා.
 
1912 දී පැවති ස්ටොක්හෝම් ඔලිම්පික් උළෙලට පසුව මලල ක්‍රීඩා ඉසව්වකදි රන් පදක්කමක් බෙදා ගත් පළමු අවස්ථාව මෙයයි.
 
බොහෝ දෙනෙක් ක්‍රීඩාව තුළ සිය පෞද්ගලික ජයග්‍රාහණය පමණක් බලාපොරොත්තු වන පසුබිමක මෙම සිදුවීම තුළ මනුෂ්‍යත්වය, සහෝදරත්වය සහ මිත්‍රත්වය පිළිඹිබුවන බවට මේ වන විට ලොව පුරා කතාබහට ලක්වෙමින් තිබෙනවා.
 
freepressjournal 2021 08 6af25dc9 2a57 4821 9dee 734a80c3b51c E7tL5QxWEAEYUgHGold medalist Mutaz Essa Barshim (L) of Team Qatar and silver medalist Gianmarco Tamberi of Team Italy celebrate on the track following the Men's High Jump Final during the Tokyo 2020 Olympic Games at the Olympic Stadium in Tokyo on August 1, 2021. (Photo by Christian Petersen / POOL / AFP)Top High Jumpers Decide to SHARE Gold in Instant Classic 1024x576 
 
(news19.lk - අසේල සමරවික්‍රම)
  

THE LEADER TV 
 
ජනාධිපති ලේකම් රටම අවධානමේ දායි !
 
 
ජනපති, මිනිපිරිය බලන්න ඇමරිකාවට! 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...