The Leader News
BREAKING
අල්ලස් කොමිසමේ අලුත් ගමනට භාණ්ඩාගාරයෙන් තිරිංග වැටෙයිද?●ඩොලර් අර්බුදයට විසඳුම්: ආයෝජකයන්ට නව බදු සහනයක්●ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●
Top Ad
ක්‍රීඩා

බ්‍රිතාන්‍ය ඔලිම්පික් පදක්කමක් වසර 124කට පසුව නැවත ප්‍රංශයට පවරා දෙයි

T

The Leader Desk

June 19, 2024 • 7:49 AM

බ්‍රිතාන්‍ය ඔලිම්පික් පදක්කමක් වසර 124කට පසුව නැවත ප්‍රංශයට පවරා දෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 1900 වසරේ පැවති ප්‍රංශයේ ප්‍රථම ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී මහා බ්‍රිතාන්‍යයට පිරිනැමුනු රිදී පදක්කමක් නැවත ප්‍රංශය ට පවරා දී තිබෙනවා.
  • බ්‍රිතාන්‍ය පුරවැසි ලොයිඩ් හිල්ඩබ්‍රෑන්ඩ් (Lloyd Hildebrand) මීට වසර 124කට පෙර පැරිස් නුවර පැවති ප්‍රංශයේ පළමු ඔලිම්පික් ක්‍රිඩා උළෙලේදී කි‌ලෝමීටර් 25 පිරිමි පාපැදි තරගයේ දෙවැනි ස්ථානය හිමිකර ගෙන තිබෙනවා.
  • එහෙත් නව පර්යේෂණයකින් අනාවරණය වී තිබෙන්නේ හිල්ඩබ්‍රෑන්ඩ් උපත ලබා හැදී වැඩුනේ ප්‍රංශයේ බව සහ 1900 පැරිස් ඔලිම්පික් උළෙලට පෙර හා පසුව ඔහු තරග කළේ ප්‍රංශ ක්‍රීඩා සමාජයකට බව යැයි ජගත් ඔලිම්පික් කමිටුව (IOC) පවසනවා.
  • අද මෙන් නොව එදා, ජාතික ඔලිම්පික් කමිටු (NOCs) 1900 පැරිස් ඔලිම්පික් උළෙල සඳහා ක්‍රීඩකයන් තේරීමේ ක්‍රියාවලියට සම්බන්ධ වී නැහැ.
අකුරු ප්‍රමාණය (Font Size):


මේසේ මේ පදක්කමේ අයිතිය ප්‍රංශය ට පවරා ඇත්තේ එම පදක්කම දිනූ පාපැදි ක්‍රීඩකයා පිළිබඳ අලුත් තොරතුරු අනාවරණය වීමෙන් පසුව.

බ්‍රිතාන්‍ය පුරවැසි ලොයිඩ් හිල්ඩබ්‍රෑන්ඩ් (Lloyd Hildebrand) මීට වසර 124කට පෙර පැරිස් නුවර පැවති ප්‍රංශයේ පළමු ඔලිම්පික් ක්‍රිඩා උළෙලේදී කි‌ලෝමීටර් 25 පිරිමි පාපැදි තරගයේ දෙවැනි ස්ථානය හිමිකර ගෙන තිබෙනවා.

Henri Rudeaux et Lloyd Hildebrand recordmens du monde des 50 miles en septembre 1894 2ලොයිඩ් හිල්ඩබ්‍රෑන්ඩ් පැරිස් නුවර පැවති ප්‍රංශයේ පළමු ඔලිම්පික් ක්‍රිඩා උළෙලේදී කි‌ලෝමීටර් 25 පිරිමි පාපැදි තරගයේ දෙවැනි ස්ථානය හිමිකර ගෙන තිබෙනවා.
එහෙත් නව පර්යේෂණයකින් අනාවරණය වී තිබෙන්නේ හිල්ඩබ්‍රෑන්ඩ් උපත ලබා හැදී වැඩුනේ ප්‍රංශයේ බව සහ 1900 පැරිස් ඔලිම්පික් උළෙලට පෙර හා පසුව ඔහු තරග කළේ ප්‍රංශ ක්‍රීඩා සමාජයකට බව යැයි ජගත් ඔලිම්පික් කමිටුව (IOC) පවසනවා.

මේ පදක්කම හිමි රට එංගලන්තයේ සිට ප්‍රංශය ට මාරු කිරීම පිණිස IOC විධායක මණ්ඩලය එකඟ වී තිබෙනවා.

අද මෙන් නොව එදා, ජාතික ඔලිම්පික් කමිටු (NOCs) 1900 පැරිස් ඔලිම්පික් උළෙල සඳහා ක්‍රීඩකයන් තේරීමේ ක්‍රියාවලියට සම්බන්ධ වී නැහැ.

 

IOCඔලිම්පික් ක්‍රීඩා උළෙලට ඇතුළත් වීමේ ගාස්තුවක් ගෙවා ඔවුන් සාමාන්‍යයෙන් තරග කරන ස්ථානයේ ජතික සම්මේලනය විසින් තහවුරු කළ බලපත්‍රයේ අංකය යැවීම පමණ යි.
ඒ වෙනුවට ක්‍රීඩකයින් කළේ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ඇතුළත් වීමේ ගාස්තුවක් ගෙවා ඔවුන් සාමාන්‍යයෙන් තරග කරන ස්ථානයේ ජතික සම්මේලනය විසින් තහවුරු කළ බලපත්‍රයේ අංකය යැවීම පමණ යි.

පදක්කම සඳහා තිබෙන තත්ත්වයේ වෙනසක් සිදුකිරීම පිළිබඳව දැන සිටි බවත් මෙවැනි වාතාවරණයන්හිදී මීට පෙර තමන් ද ප්‍රයෝජන ලබා ඇති බවත් එංගලන්ත කණ්ඩායම ප්‍රකාශ කරනවා.

“අපි පැරිසියේදී පදක්කම නැවත දිනා ගැනීමට උත්සාහ කරනවා” යනුවෙන් එංගලන්ත ඔලිම්පික් කණ්ඩායම පවසනවා.



සටහන :

warnan Gunasekara
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...