The Leader News
BREAKING
අල්ලස් කොමිසමේ අලුත් ගමනට භාණ්ඩාගාරයෙන් තිරිංග වැටෙයිද?●ඩොලර් අර්බුදයට විසඳුම්: ආයෝජකයන්ට නව බදු සහනයක්●ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●
Top Ad
ක්‍රීඩා

14 හැවිරිදි සූර්යවන්ශිගෙන් අවුරුදු 19න් පහළ වේගවත්ම ODI ශතකයක්

T

The Leader Desk

July 7, 2025 • 11:05 AM

14 හැවිරිදි සූර්යවන්ශිගෙන් අවුරුදු 19න් පහළ වේගවත්ම ODI ශතකයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන්දියාවේ 14 හැවිරිදි පිතිකරු වයිභාව් සූර්යවන්ශි ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ වේගවත්ම යොවුන් ශතකය වාර්තා කර තිබෙනවා. ඔහුට මේ සඳහා අවශ්‍ය වූයේ පන්දු 52ක් පමණයි.
  • මෙය ඔහුගේ පළමු අවුරුදු 19න් පහළ ජාත්‍යන්තර එක්දින ශතකයයි.
  •   මේ වසරේ ඉන්දියා ප්‍රිමිය ලීගයේ දැක්වූ අතිවිශිෂ්ට දස්කම් හේතුවෙන් සූර්යවන්ශිව ඉන්දියා අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමට කැඳවා තිබුණා.
  • ඔහුගේ මේ ආක්‍රමණශීලී පිතිහරඹය මත ඉන්දියා කණ්ඩායම එංගලන්තය ට එරෙහිව පැවති සිවු වැනි තරගයේ කඩුලු 9කට 363ක දැවැන්ත මුළු ලකුණු සංඛ්‍යාවක් සටහන් කළා.
අකුරු ප්‍රමාණය (Font Size):

සූර්යවන්ශි මේ දක්ෂතාව ප්‍රදර්ශනය කළේ එංගලන්තය ට එරෙහිව වුස්ට හි සෙනසුරාදා පැවති වයස අවුරුදු 19න් පහළ ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගයේ පන්දු 78කින් ලකුණු 143ක් රැස් කළ ඉනිමේ. මෙය ඔහුගේ පළමු අවුරුදු 19න් පහළ ජාත්‍යන්තර එක්දින ශතකයයි.

 

මේ වසරේ ඉන්දියා ප්‍රිමිය ලීගයේ දැක්වූ අතිවිශිෂ්ට දස්කම් හේතුවෙන් සූර්යවන්ශිව ඉන්දියා අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමට කැඳවා තිබුණා.

ඔහුගේ මේ ආක්‍රමණශීලී පිතිහරඹය මත ඉන්දියා කණ්ඩායම එංගලන්තය ට එරෙහිව පැවති සිවු වැනි තරගයේ කඩුලු 9කට 363ක දැවැන්ත මුළු ලකුණු සංඛ්‍යාවක් සටහන් කළා.

මීට පෙර පැවති තරග තුනේදී ලකුණු 48, 45 හා 86ක් ලබා ගත් මේ ආරම්භක පිතිකරුවා සිවු වැනි තරගයේදී හතරේ පහර 13ක් සහ හයේ පහර 10ක් එල්ල කළේ විහාන් මල්හොට්රා (129) සමග දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 219ක සබඳතාවක් ද බෙදා ගනිමින්. සූර්යවන්ශිගේ ලකුණු 143ක ඉනිමේ ආක්‍රමණික වේගය 183ක් වී තිබුණා.  

NORTHAMPTON, ENGLAND - JUNE 30: Vaibhav Suryavanshi of India hits through the offside during the 2nd ODI match between England U19's and India U19's at The County Ground on June 30, 2025 in Northampton, England. (Photo by Michael Steele/Getty Images)

 

ඉන්දියා ප්‍රිමිය ලීගයට ප්‍රථම වරට පිවිසි ළාබාලතම ක්‍රීඩකයා වන සූර්යවන්ශි, පිරිමි විස්සයි20 ක්‍රිකට් ක්‍රීඩාවේ ද ළාබාලතම ශතකලාභියා බවට පත්වූයේ රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම වෙනුවෙන් පන්දු 35කින් ශතකයක් වාර්තා කරමින්. එය අයි.පී.එල්. ඉතිහාසයේ දෙවැනියට වේගවත්ම ශතකයයි.

සූර්යවන්ශි බිඳ දැමුවේ පාකිස්තානයේ කම්රාන් ගුලාම් තබා තිබූ වේගවත්ම යොවුන් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් වාර්තාවයි. ගුලාම් 2013 වසරේදී එම වාර්තාව පිහිටුවා තිබුනේ ද එංගලන්තය ට එරෙහිව පන්දු 53කින්.

ඉන්දියානුවෙකුගේ වේගවත්ම ශතකය වන පන්දු 69ක ශතකය උගන්ඩාව ට එරෙහිව ලබා ගෙන තිබෙන්නේ රාජ් අන්ගාඩ් බාවා. එය වාර්තා වී තිබෙන්නේ 2022 වසරේ පැවති අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ.

 

indias vaibhav suryavanshi in action v2

සූර්යවන්ශි ශතකය ලබා ගත්තේ වයස අවුරුදු 14යි දවස් 100ක්ව තිබියදී. ‌මේ අනුව වයස අතින් ඔහු බංග්ලාදේශයේ නජ්මුල් හොසේන් ෂැන්ටෝ අභිබවා ගොස් සිටිනවා. ෂැන්ටෝ ශතකය වාර්තා කළේ වයස අවුරුදු 14යි දින 241ක්ව සිටියදී.

මෙය නැගී එන මේ පිතිකරුවාගේ ක්‍රීඩා දිවියේ නොනවතින දියුණුවේ තවත් දිගුවක්. එය ආරම්භ වූයේ ගුජරාට් ටයිටන්ස් පිලට එරෙහිව රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම වෙනුවෙන් පන්දු 35කින් පමණක් ශතකයක් වාර්තා කරමින් අයි.පී.එල්. තරග බිමේ ශතකයක් ලබා ගත් එදා මෙදා තුර ළාබාලතම පිතිකරුවා බවට පත්වූ අවස්ථාවේ.

vibhav
පසුගිය වසරේ ඔස්ට්‍රේලියා අවුරුදු 19න් පහළ කණ්ඩායමට එරෙහිව යොවුන් ටෙස්ට් තරගවල දෙවැනියට වේගවත්ම ශතකය වාර්තා කිරීමට ද සූර්යවන්ශි සමත් වුණා. එහිදී ඔහු ශතකයට පිවිසියේ පන්දු 58කින්. ඒ අනුව ඔහු දැන් 2005 වසරේදී පන්දු 56කින් ශතකයක් වාර්තා කළ හිටපු එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක මොයීන් අලි ට පිටුපසින් සිටිනවා.

වයිභාව් සූර්යවන්ශි ට තිබෙන කුසලතාව හා අධිෂ්ඨානය ට අනුව අනාගතයේදී ඔහු තවත් වාර්තා ගණනාවක් බිඳ දමමින් ක්‍රිකට් ක්‍රීඩාවේ ඉතිහාසය දිගටම නැවත ලියමින් සිටිනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කරනවා.

රිය අනතුරකින් මිය ගිය පෘතුගාල-ලිවපූල් ක්‍රීඩක ඩිඔගෝ ජෝටා වෙනුවෙන් පාපන්දු  ලොව වැලපෙයි(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...