The Leader News
BREAKING
අල්ලස් කොමිසමේ අලුත් ගමනට භාණ්ඩාගාරයෙන් තිරිංග වැටෙයිද?●ඩොලර් අර්බුදයට විසඳුම්: ආයෝජකයන්ට නව බදු සහනයක්●ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●
Top Ad
ක්‍රීඩා

ඕවර 14.2කින් ලකුණු 244ක් හඹා යමින් බල්ගේරියාවෙන් නව T20 වාර්තාවක්

T

The Leader Desk

July 14, 2025 • 3:56 PM

ඕවර 14.2කින් ලකුණු 244ක් හඹා යමින් බල්ගේරියාවෙන් නව T20 වාර්තාවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බල්ගේරියාව ඕවර 14යි පන්දු 2ක් ඇතුළත ලකුණු 244ක් හඹා යමින් නව T20 වාර්තාවක් පිහිටුවා තිබෙනවා.
  • | බල්ගේරියා කණ්ඩායම පළමුව පන්දුවට පහර දුන් ගිබ්රාල්ටා කණ්ඩායම ෆිලිප් රයික්ස්ගේ පන්දු 33කින් ලකුණු 73 හා නායක ලේන් ලැටින්ගේ පන්දු 28කින් ලකුණු 51 මත කඩුලු 7ක් දැවී ලකුණු 243ක් වාර්තා කළා.
  • මේ දැවැන්ත මුළු ලකුණු සංඛ්‍යාව රැක ගැනීම ඉතාම පහසු වනු ඇතැයි ගිබ්රාල්ටාව සිතුවද ඔවුන්ට වැරදුනු බව ඉක්මනින්ම තහවුරු වුනේ බල්ගේරියානු ආරම්භක පිතිකරුවන් වන ඉසා සරූ හා නායක රිස්ටෝ ලකොව් ඕවර  4.2ක් තුළ ලකුණු 62ක් රැස් කිරීම නිසා.
  • අනතුරුව සරූ හා මිලාන් ගොගෙව් එක්ව හයේ පහර හතරක් හය වැනි ඕවරයේදී එල්ල කළේ ‘පවර් ප්ලේ’ මුළු ලකුණු ප්‍රමාණය කඩුලු 1 ට ලකුණු 89 ට ගෙන එමින්.
අකුරු ප්‍රමාණය (Font Size):


බල්ගේරියාවේ සොෆියා අගනුවර ආරම්භ වූ ගිබ්රාල්ටාව හා තුර්කිය ද සහභාගි වන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ගිබ්රාල්ටාව ට එරෙහි තරගයේදීයි බල්ගේරියාව මේ ලකුණු හඹා යාමේ නව වාර්තාව බිහිකළේ.

bsgsdg| බල්ගේරියා කණ්ඩායම
පළමුව පන්දුවට පහර දුන් ගිබ්රාල්ටා කණ්ඩායම ෆිලිප් රයික්ස්ගේ පන්දු 33කින් ලකුණු 73 හා නායක ලේන් ලැටින්ගේ පන්දු 28කින් ලකුණු 51 මත කඩුලු 7ක් දැවී ලකුණු 243ක් වාර්තා කළා.

මේ දැවැන්ත මුළු ලකුණු සංඛ්‍යාව රැක ගැනීම ඉතාම පහසු වනු ඇතැයි ගිබ්රාල්ටාව සිතුවද ඔවුන්ට වැරදුනු බව ඉක්මනින්ම තහවුරු වුනේ බල්ගේරියානු ආරම්භක පිතිකරුවන් වන ඉසා සරූ හා නායක රිස්ටෝ ලකොව් ඕවර  4.2ක් තුළ ලකුණු 62ක් රැස් කිරීම නිසා.

අනතුරුව සරූ හා මිලාන් ගොගෙව් එක්ව හයේ පහර හතරක් හය වැනි ඕවරයේදී එල්ල කළේ ‘පවර් ප්ලේ’ මුළු ලකුණු ප්‍රමාණය කඩුලු 1 ට ලකුණු 89 ට ගෙන එමින්. සරූ පන්දු 24කින් ලකුණු 69ක් ලබා ගෙන දැවී යාමෙන් පසුවත් ආක්‍රමණශීලී පිතිහරඹය නතර නොවුනේ 7 වැනි ඕවරයේ සිට 11 වැනි ඕවරය දක්වා අවම වශයෙන් එක් හයේ පහරක් බැගින් වාර්තා වූ බැවින්.

ගොගෙව් පන්දු 27කින් ලකුණු 69ක් ලබා ගෙන දැවී යන විට බල්ගේරියාව ඕවර  12කින් ලකුණු 194ක් කඩුලු 2ක් දැවී රැස්කර ගෙන තිබුණා. ඉන්පසු කඩුලු රකින පිතිකරු මනාන් බෂිර් එකදිගට හයේ පහර 4ක් එල්ල කළා. ඊළඟ ඕවරයේදී තවත් හයේ පහර 3ක් එල්ල වෙමින් මුළු ලකුණු සංඛ්‍යාව කඩුලු 3 ට 243 දක්වා පැමිණිය ද, බෂිර් පන්දු 21කින් ලකුණු 70ක් ලබා ගෙන දැවී ගියා. අවසානයේ තවත් එක ලකුණක් ලබා ගෙන බල්ගේරියාව ඕවර  14.2කින් ජයග්‍රහණය කරා ගියා.

ඕවරයකට ලකුණු 17.02ක් බැගින් වන මේ වික්‍රමය දැන් සමස්ත පිරිමි විස්සයි20 ක්‍රීඩාවේ ලකුණු 200 හෝ ඊට වැඩි වේගවත්ම සාර්ථක හඹා යාම බවට පත්ව තිබෙනවා. මේ හඹා යාමේදී බල්ගේරියාව ඉතිරි කරගත් පන්දු 34 ලකුණු 200ක් හෝ ඊට වැඩි හඹා යාමකදී කණ්ඩායමක් ඉතිරි කරගත් වැඩිම පන්දු ප්‍රමාණය වනවා.

මේ මුළු තරගයේදී පිත්තෙන් පමණක් පන්දු 209කදී ලකුණු 465ක් සටහන් වූයේ 222.48ක ප්‍රහාරාත්මක වේගයකින්. මෙය පිරිමි T20 ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ වාර්තාවක්. පිරිමි විස්සයි20 ක්‍රීඩාවේ තරග තුනකදී පමණයි මීට වඩා වැඩි පිතිකරණ ප්‍රහාර වේගයක් වාර්තා වී තිබෙන්නේ. එහෙත් ඒ සියල්ලේදීම රැස්කර ගෙන තිබුනේ ලකුණු 150ක් හෝ ඊට අඩු ප්‍රමාණයක්.

ලකුණු 200 හෝ ඊට වැඩි සාර්ථක හඹා යාම්වල වැඩිම ලකුණු ලබා ගැනීමේ වේගය

* බල්ගේරියාව මුළු ලකුණු 244/4 - ඕවර  14.2 - ලකුණු ලබා ගැනීමේ වේගය 17.02 - ගිබ්රාල්ටාව ට එරෙහිව සොෆයා හිදී (2025)

* ස‌ර්බියාව 200/1 – 14.1 – 14.11 - ස්ලොවේනියාව ට එරෙහිව බෙල්ග්‍රේඩ් හිදී (2025)

* පන්ජාබ් කිංග්ස් 262/2 – 18.4 – 14.03 - කොල්කටා නයිට් රයිඩර්ස් ට එරෙහිව ඊඩ්න් ගාඩ්න්ස් හිදී (2024)

* සරේ 222/1 – 16 – 13.87 - මිඩ්ල්සෙක්ස් ට එරෙහිව ද ඕවල් හිදී (2018)

* දකුණු අප්‍රිකාව 259/4 – 18.5 – 13.75 - බටහිර ඉන්දීය‌ කොදෙව් පිලට එරෙහිව සෙන්චූරියන් හිදී (2023)

* රාජස්තාන් රෝයල්ස් 212/2 – 15.5 – 13.38 - ගුජරාට් ටයිටන්ස් ට එරෙහිව ජායිපූර් හිදී (2025)

* මිඩ්ල්සෙක්ස් 227/4 – 17 – 13.35 - සමර්සෙට් ට එරෙහිව ටෝන්ටන් හිදී (2019)

* සන්රයිසර්ස් හයිදරාබාද් 247/2 – 18.3 – 13.35 - පන්ජාබ් කිංග්ස් ට එරෙහිව හයිදරාබාද් හිදී (2025)

* ග්ලැඩිඒටර්ස් 243/2 – 18.2 – 13.25 - සල්මි ට එරෙහිව රාවල්පින්ඩ් හිදී (2023)

* මිඩ්ල්සෙක්ස් 254/3 – 19.2 – 13.13 - සරේ ට එරෙහිව ද ඕවල් හිදී (2023)

* ඔස්ට්‍රේලියාව 245/5 – 18.5 – 13.00 - නවසිලන්තය ට එරෙහිව ඔක්ලන්ඩ් හිදී (2018)


warnan Gunasekara(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...