අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් ලබන 22 වන දා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (13) නියෝග කළේය.
කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත ගිය කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන එහි ප්‍රතිකාර ලබමින් සිටින සැකකාර හිමිනම නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කළේ ය.
එසේම වෛද්‍ය නිර්දේශ මත සැකකාර හිමිනම කොළඹ ජාතික රෝහල වෙත මාරු කිරීමට පියවර ගන්නා ලෙස ද මහේස්ත්‍රාත්වරයා කළ නියෝග කර සිටියේය.
සැකකාර හිමිනම නිරීක්ෂණය කර සුදුසු නියෝගයක් ලබා දෙන ලෙස බන්ධනාගාර දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ මෝසමක් ගොනු කරමින් ඉල්ලීම කළ අතර නිට්ටඹුව පොලීසියේ ස්ථානාධිපතිවරයා ද අධිකරණයට කැඳවන ලදි.
බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික හිංසනයකට ලක් කළ බවට චෝදනා ලැබ සිටින අනුරාධපුර අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි කොළඹ නවලෝක රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී මැයි 08 වැනිදා රාත්‍රියේදී අත්අඩංගුවට ගනු ලැබු ලැබිය.




