The Leader News
BREAKING
Top Ad
පුවත්

වීසා 17 න් දෙන්න පුළුවන් එකක් පමණයි

T

The Leader Desk

August 5, 2024 • 4:13 AM

වීසා 17 න් දෙන්න පුළුවන් එකක් පමණයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මහජන ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් වියානි ගුණතිලක
  • දින 30 ක් පමණක් වලංගු ගුවන් තොටුපළ පැමිණි පසු නිකුත් කරන වීසා පමණක් නිකුත් කිරීමේ හැකියාව ඇති බවත් තහනමට ලක්වූ නව වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය තුළ වීසා වර්ග 17 ක් නිකුත් කළ බවත් අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කළේය.
  • මාස 6 ක, වසර දෙකක, වසර තුනක ලෙස එම වීසා වර්ග 17 ක් නිකුත් කළ බවත් දුරකථන සමාගමක් පවසන ආකාරයට එම වීසා නිකුත් කිරීමේ යෝජනාවක් නොතිබුණු බවත් ඔහු පැවසීය.
  • රටක වීසා නිකුත් කිරීම නතර කළ නොහැකි ක්‍රියාවලියක් බැවින් කිසියම් හෝ ක්‍රමවේදයකට එය ක්‍රියාත්මක කළ යුතු බව කී වියානි ගුණතිලක පැවසුවේ අදාල දුරකථන සමාගම සමඟ හෝ කටයුතු කිරීමට සිදුවන බවත්ය.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙරට වීසා නිකුත් කිරීම පිළිබඳව උද්ගතව ඇති ගැටලුකාරී තත්වය හේතුවෙන් ගුවන් තොටුපළ පැමිණි පසු නිකුත් කරන වීසා (On Arrival Visa) පමණක් නිකුත් කිරීමේ හැකියාව ඇති බවත් අධිකරණ තීන්දුව අධ්‍යනය කර අද දිනයේ (05) ඉදිරිපියවර ගැනීමට නියමිතව ඇති බවත් මහජන ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් වියානි ගුණතිලක පැවසීය.

ශ්‍රී ලංකාවේ වීසා නිකුත් කිරීම විදේශ සමාගම් හරහා ක්‍රියත්මක කිරීම බල රහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් පැනවීමත් සමඟ වීසා නිකුත් කිරීමේ හැකියාවක් නොමැති බවත් වීසා නිකුත් කිරීමේ පැරණි ක්‍රමයක් නොමැති බවත් ඔහු කීය.

දින 30 ක් පමණක් වලංගු ගුවන් තොටුපළ පැමිණි පසු නිකුත් කරන වීසා පමණක් නිකුත් කිරීමේ හැකියාව ඇති බවත් තහනමට ලක්වූ නව වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය තුළ වීසා වර්ග 17 ක් නිකුත් කළ බවත් අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කළේය.

මාස 6 ක, වසර දෙකක, වසර තුනක ලෙස එම වීසා වර්ග 17 ක් නිකුත් කළ බවත් දුරකථන සමාගමක් පවසන ආකාරයට එම වීසා නිකුත් කිරීමේ යෝජනාවක් නොතිබුණු බවත් ඔහු පැවසීය.

රටක වීසා නිකුත් කිරීම නතර කළ නොහැකි ක්‍රියාවලියක් බැවින් කිසියම් හෝ ක්‍රමවේදයකට එය ක්‍රියාත්මක කළ යුතු බව කී වියානි ගුණතිලක පැවසුවේ අදාල දුරකථන සමාගම සමඟ හෝ කටයුතු කිරීමට සිදුවන බවත්ය.

(lankadeepa.lk - යොහාන් භාසුර)


සබැඳි පුවත් :

වීසා නිකුත් කිරීම කොටඋඩ !

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...