The Leader News
BREAKING
Top Ad
පුවත්

පළාත් සභා ඡන්ද ලං වෙද්දී 18+ ඡන්ද අද්දා ගැනීමේ සැලසුම් එලි වෙයි

T

The Leader Desk

October 28, 2021 • 2:40 PM

පළාත් සභා ඡන්ද ලං වෙද්දී 18+ ඡන්ද අද්දා ගැනීමේ සැලසුම් එලි වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත බලාත්මක කිරීම නිසා වයස අවුරුදු 18 සම්පූර්ණ වූ තැනැත්තන්ට කඩිනමින් ඡන්දය ප්‍රකාශ
  •   තරුණ තරුණියන්ගේ ඡන්ද බලය ස්ථාවර කිරීම මැතිවරණ කොමිෂන් සභාවේ එක් ඉලක්කයක් වූ අතර ඒ අනුව තරුණ තරුණියන්ට එම අයිතිය ලැබී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් ජී.
  •   ඒ සම්බන්ධයෙන් මෙරට තරුණ තරුණියන් දැනුම්වත් කරන බව පැවසූ සභාපතිවරයා වැඩි දුරටත් පෙන්වා දී ඇත්තේ  වයස අවුරුදු 18 සම්පූර්ණ වූ ගමන්ම යම් තරුණ තරුණියකට තම ගමේ ග්‍රාමනිලධාරි මගින් ඡන්දය සඳහා ඉල්ලුම් කළ හැකි බවයි.
  • පුංචිහේවා වැඩි දුරටත් සඳහන් කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

කිරීමේ අවස්ථාව හිමිව ඇතැයි බලධාරීහු පවසති.

 
තරුණ තරුණියන්ගේ ඡන්ද බලය ස්ථාවර කිරීම මැතිවරණ කොමිෂන් සභාවේ එක් ඉලක්කයක් වූ අතර ඒ අනුව තරුණ තරුණියන්ට එම අයිතිය ලැබී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් ජී. පුංචිහේවා පවසන්නේ.
 
තරුණ තරුණියන්ට ඡන්දය ලබා දීම සඳහා වැඩි ඉඩක් ලබා දීමටත් ඔවුන් රටේ පාලන තන්ත්‍රයට හවුල් කර ගැනීමට මේ ඔස්සේ හැකියාව ලැබෙන බව ඔහු සදහන් කර ඇත්තේ ඔක්තෝබර් 26 වැනිදා රාජගිරිය පිහිටි මැතිවරණ කොමිෂන් සභාවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
 
1980 අංක 44 දරන ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ පනත අනුව මීට පෙර ඡන්ද හිමියන් ලියාපදිංචි කළේ  එක් එක් වර්ෂයේ ජුනි මස පළමු දිනට වයස 18 සම්පූර්ණ කළ තැනැත්තන්ට බැවින් එම දිනට පසු උපන්දිනය ඇති තරුණ පිරිස් සඳහා ඡන්ද අයිතිය හිමිවන්නේ ඉදිරි වර්ෂයේ මැයි 31 දිනට පසු යෙදෙන මැතිවරණයේදීය.
 
විවිධ තරුණ සංවිධාන මේ සම්බන්ධයෙන් ඉල්ලීම් කළ බව සඳහන් කළ සභාපතිවරයා වැඩි දුරටත් පවසා ඇත්තේ  මැතිවරණ කොමිෂන් සභාව ඒ  සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ අතර  2021 පෙබරවාරි මාසයේ මේ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කළ බවයි.
 
ඒ අනුව එම තත්වය මගහරවා ගෙන තරුණ තරුණියන් වැඩි පිරිසකට ඡන්ද අවස්ථාව ලබා දීම පිණිස මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර 2021 අංක 22 දරන ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත පසුගිය ඔක්තොම්බර් මස 13 සිට බලාත්මක වූ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් ජී. පුංචිහේවා සදහන් කරයි.
 
ඒ සම්බන්ධයෙන් මෙරට තරුණ තරුණියන් දැනුම්වත් කරන බව පැවසූ සභාපතිවරයා වැඩි දුරටත් පෙන්වා දී ඇත්තේ  වයස අවුරුදු 18 සම්පූර්ණ වූ ගමන්ම යම් තරුණ තරුණියකට තම ගමේ ග්‍රාමනිලධාරි මගින් ඡන්දය සඳහා ඉල්ලුම් කළ හැකි බවයි.
 
ඡන්ද හිමි නාම ලේඛනයට අමතරව මාස තුනෙන් තුනට පරිපූරක නාම ලේඛනයක් සකස් කරන බවත් ප්‍රථමයෙන්ම තරුණ තරුණියන්ට තම නම එම නාම ලේඛනයට ඇතුළත් කළ හැකි බවත් ඔහු සඳහන් කර ඇත. 
 
තවද 2022 වසරේ සිට ඡන්ද හිමියන් ගණන් ගැනීමේ දිනය පෙබරවාරි 01 දා ලෙස වෙනස් වන බවද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් ජී. පුංචිහේවා වැඩි දුරටත් සඳහන් කර තිබේ.
 
 

THE LEADER TV 
 
ඥාණසාරගේ එක රටක් එක නීතියක්.! | මොණරවිලගේ ලියමන
 
 
 
හාමුදුරුවෝ කරන්නේ කාගේ කොන්ත්‍රාත් එකක්ද ? 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...