The Leader News
BREAKING
Top Ad
පුවත්

ත්‍රස්ත පොලිසිය හිරකරගෙන සිටි මුස්ලිම් කවියාට 18 මාසයකට පසු නඩු

T

The Leader Desk

November 16, 2021 • 11:55 AM

ත්‍රස්ත පොලිසිය හිරකරගෙන සිටි මුස්ලිම් කවියාට 18 මාසයකට පසු නඩු

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කාව්‍ය සංග්‍රහයක් ලියා පලකිරීම නිසා ත්‍රස්ත නීති යොදාගෙන අත් අඩංගුවට ගෙන දහ අට මාසයක් තිස්සේ රඳවා තබාගැනීමෙන් පසු සිරගත කරන ලද
  • අහ්නාෆ් ජසීම්ට එරෙහිව නඩුව නොවැම්බර් 15 වැනි සදුදා පුත්තලම මහා අධිකරණයේදී විභාග කර තිබේ.
  •   නීතිඥවරයා වැඩි දුරටත් පෙන්වා දී ඇත්තේ ත්‍රස්ත මර්දන කොට්ඨාශය අදාළ වගකිව යුතු පාර්ශ්ව සමග එකතු වී අධිචෝදනා ගොනු කර ඇත්තේ සැකකරු ලෙස නම් කර සිටින  අහ්නාෆ්ටවත්, ඔහුගේ නීතිඥවරයා ලෙස කටයුතු කරන තමාටවත් දැනුම් දීමෙන් තොරව බවයි.
  • ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයට මුල සිටම අවශ්‍ය වූයේ අහ්නාෆ් නිරපරාදේ සිරගත කිරීමට බවත්, ඔවුන් ඒ වෙනුවෙන් කළ හැකි සියල්ල කරමින් සිටින බවත් නීතිඥ විල්සන් ජයසේකර  JDS වෙබ් අඩවිය සමග වැඩි දුරටත් පවසා තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ගුරුවරයකු හා කවියකු වන අහ්නාෆ් ජසීම්ට එරෙහිව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත උපයෝගී කරගෙන අධිචෝදනා ගොනු කොට තිබේ.

ඒ  නීතිපති දෙපාර්තමේන්තුවත්, ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයත් එකතුවෙනි.

අහ්නාෆ් ජසීම්ට එරෙහිව නඩුව නොවැම්බර් 15 වැනි සදුදා පුත්තලම මහා අධිකරණයේදී විභාග කර තිබේ.

 

මන්නාරමුදු අහ්නාෆ් නමින් දෙමළ පාඨක ප්‍රජාව අතර ප්‍රකට තරුණ කවියකු වන අහ්නාෆ් ජසීම් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ සංජය විල්සන් ජයසේකර JDS වෙබ් අඩවිය සමග පවසා‌ ඇත්තේ, සිය සේවාදායකයාට එරෙහිව ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය චෝදනා ගොනුකර තිබෙන්නේ කුමන්ත්‍රණකාරිව බවයි.

 

නීතිඥවරයා වැඩි දුරටත් පෙන්වා දී ඇත්තේ ත්‍රස්ත මර්දන කොට්ඨාශය අදාළ වගකිව යුතු පාර්ශ්ව සමග එකතු වී අධිචෝදනා ගොනු කර ඇත්තේ සැකකරු ලෙස නම් කර සිටින  අහ්නාෆ්ටවත්, ඔහුගේ නීතිඥවරයා ලෙස කටයුතු කරන තමාටවත් දැනුම් දීමෙන් තොරව බවයි.

ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයට මුල සිටම අවශ්‍ය වූයේ අහ්නාෆ් නිරපරාදේ සිරගත කිරීමට බවත්, ඔවුන් ඒ වෙනුවෙන් කළ හැකි සියල්ල කරමින් සිටින බවත් නීතිඥ විල්සන් ජයසේකර  JDS වෙබ් අඩවිය සමග වැඩි දුරටත් පවසා තිබේ.

දෙසැම්බර් 15 දාට නියමිත ඊළඟ නඩු වාරයේදී නඩුව විභාග කෙරෙන දින වකවානු සහ කවියාට ඇප ලබාදීම සම්බන්ධ නීතිපති මතයත් ප්‍රකාශ කෙරෙනු ඇතැයි නීතිඥවරයා පවසයි.

 

අහ්නාෆ් ජසීම් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය (CTID) විසින් අත් අඩංගුවට ගන්නා ලද්දේ 2017 දී ලියා පලකළ නවරසම් (நவரசம்) පද්‍ය සංග්‍රහය ගැන සහ සිය ශිෂ්‍යයන් ‘අන්තවාදී මතවාදවල’ අනුගාමිකයන් බවට පත් කිරීමේ අභිලාෂයෙන් ඔවුන් ‘අන්තවාදී’ කරුණුවලට නිරාවරණය කළ බවට චෝදනා කරමිනි.

 

2020 මැයි 16 දා අත් අඩංගුවට ගෙන වසරකට වැඩි කාලයක් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය මගින් රඳවාගෙන සිටි  ඔහු  රිමාන්ඩ් කර තිබුණේ අවුරුද්දකටත් වැඩි කලකට පසු අධිකරණයට ගෙන ඒමෙන් පසුවය.



සබැඳි පුවත් :


හිරේ දැමූ අහ්නාෆ් ජසීම් කවියාට අවුරුද්දකට පසු නීතිඥයන් හමුවීමේ වරම

මුස්ලිම් කවියාගේ නඩුවට උත්තර දෙන්න නීතිපති උසාවියේ නෑ

රිමාන්ඩ් කර සිටින අහ්නාෆ් ජසීම්ට සමාන පහසුකම් දීමට උසාවි නියෝගයක්

අහ්නාෆ් නිදහස් කරන ලෙස ඉල්ලීමට යුරෝපා ආණ්ඩු එක්වේ  

කවි පොතට හිරේ දැමූ කවියා නිදහස් කරගන්නට ජාත්‍යන්තර සංවිධාන සමූහයක් එක්වෙයි

මුස්ලිම් කවියාට විරුද්ධ චෝදනා ඔප්පු කරගන්න බැරිව CTID උපාමාරුවක

මුස්ලිම් තරුණ කවියකු රඳවාගැනීම ගැන TID ලොක්කාට ප්‍රශ්න

සිර කළ මුස්ලිම් කවියකු වෙනුවෙන් මානව හිමිකම් කොමිසමට ඉල්ලීමක්

 

 

THE LEADER TV
 
 
ලැංවේජ් ඔෆ් දැක්කොත් සිල් නොදැක්කොත් බැසිල් ! | මොණරවිලගේ ලියමන
 

 
 
මෛත්‍රීගෙන් බැසිල්ට කිස් කන ටොක්කක් !

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...