The Leader News
BREAKING
Top Ad
පුවත්

20 න් තොරතුරු කොමිසමට බලපෑම් ඇතිවේදැයි සැකයක් !

T

The Leader Desk

September 29, 2021 • 5:30 AM

20 න් තොරතුරු කොමිසමට බලපෑම් ඇතිවේදැයි සැකයක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගෝලීය තොරතුරු දැනගැනීමේ අයිතියේ ඇගයීම් ලේඛනය අනුව ලකුණු 150න් 131ක් ලබා ශ්‍රී ලංකාව සිව්වන ස්ථානයේ පසුවෙමින් පැවතුනද, මේ වන විට ශ්‍රී
  •   එම සංවිධානය එසේ සැක මතුකර ඇත්තේ, තොරතුරු දැනගැනීම සඳහා විශ්වීය ප්‍රවේශයක් සහතික කිරීමේ දිනය යෙදී ඇති ඊයේ දින (28) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
  • සංජීව සහ මාධ්‍යවේදිනි ජයනි අබේසේකර විසින් මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කර ඇත.
  •         “මහජනයාගේ ආයතන වන රාජ්‍ය ආයතනයන්ගේ තොරතුරු මහජනයාට විවෘත කිරීමට ඉල්ලීමක් ලැබෙන තෙක් සිටිය යුතු නැති බව අපේ විශ්වාසයයි.
අකුරු ප්‍රමාණය (Font Size):
ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතියේ අනාගතය පිළිබඳ අවිනිශ්චිත හා අභියෝගාත්මක තත්ත්වයක් මතු වෙමින් පවතින බවට ‘අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ’ සැක මතුකරයි.
 
එම සංවිධානය එසේ සැක මතුකර ඇත්තේ, තොරතුරු දැනගැනීම සඳහා විශ්වීය ප්‍රවේශයක් සහතික කිරීමේ දිනය යෙදී ඇති ඊයේ දින (28) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
  
එම සංවිධානයේ කැඳවුම්කාර මණ්ඩලය වෙනුවෙන් නීතිඥ දුලාන් දසනායක, මාධ්‍යවේදී කේ. සංජීව සහ මාධ්‍යවේදිනි ජයනි අබේසේකර විසින් මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කර ඇත.
  
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නව රජය බලයට පත් වූ පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන ආ 20 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් බොහෝ ප්‍රජාතන්ත්‍රවාදී හා පුරවැසි අයිතීන් වෙනුවෙන් වූ නීති ප්‍රතිසංස්කරණ යටපත් කරනු ලැබූවද, තොරතුරු අයිතියට හා එය ක්‍රියාත්මක කිරීම සඳහා පවතින යාන්ත්‍රණයට අත නොතැබීම සම්බන්ධයෙන් තමන් රජයට රජයට ස්තූතිවන්ත වන බව එම සංවිධානය අවධාරණය කරයි.
  
එහෙත් 20 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් පුරවැසි ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක අනිවාර්යයෙන්ම ස්වාධීනව පැවැතිය යුතු ප්‍රජාතන්ත්‍රවාදය හා පුරවැසි අයිතීන් වෙනුවෙන් ස්ථාපිත ස්වාධීන කොමිෂන් සභාවන්හි ස්වාධීනත්වය බරපතළ අනතුරුදායක තත්ත්වයකට හෙළනු ලැබූ ඇති බව ඔවුන් පෙන්වා දෙති. 
 
 
පවතින තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවේ කාල සීමාව අවසන් වීම හේතු කොට ගෙන එයට නව සාමාජිකයන් පත් කිරීමේ බලය 20 වන සංශෝධනය මගින් සම්පූර්ණයෙන් ජනාධිපතිවරයාට ලැබෙන බැවින් තොරතුරු අයිතියේ පැවැත්ම සම්බන්ධයෙන් ද බරපතළ බලපෑමක් එල්ල
වනු ඇතැයි සැක ඇති කරන බව එම නිවේදනයේ වැඩිදුරටත් පෙන්වා දේ.
  
 
“මෙම තත්ත්වය තුළ අප ජනාධිපතිවරයාට හා රජයට අවධාරණය කරන්නේ තොරතුරු දැන ගැනීමේ අයිතියේ ප්‍රධාන නිරීක්ෂකයා මෙන්ම එම අයිතිය බලාත්මක කිරීමේ ප්‍රධාන ආයතනය වන කොමිෂන් සභාව සඳහා ස්වාධීන සහ පුරවැසි අයිතීන් වෙනුවෙන් කටයුතු කිරීමේ ඉතිහාසයක් සහිත දූෂණ චෝදනා නොමැති පුද්ගලයන් කොමසාරිස්වරුන් ලෙස පත් කිරීමට කටයුතු කරන ලෙසයි.”
 
එමෙන්ම ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත ජාත්‍යන්තර වශයෙන් ඉහළ පිළිගැනීමකට ලක්ව ක්‍රියාත්මක වුවද රාජ්‍ය අධිකාරීන් තුළ තොරතුරු පුරවැසියාට විවෘත කිරීමේ සංස්කෘතියක් ගොඩ නගා ගැනීමට තවමත් අපොහොසත් වී ඇති බව 'අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ' සංවිධානය පෙන්වා දේ.
  
media JoR large  
 
“මහජනයාගේ ආයතන වන රාජ්‍ය ආයතනයන්ගේ තොරතුරු මහජනයාට විවෘත කිරීමට ඉල්ලීමක් ලැබෙන තෙක් සිටිය යුතු නැති බව අපේ විශ්වාසයයි. එම නිසා අප රජයට බල කර සිටින්නේ තොරතුරු පුරවැසියාට විවෘත කිරීමේ සංස්කෘතියක් රාජ්‍ය අධිකාරීන් තුළ ඇති කිරීමට මැදිහත් වන ලෙසයි.”
 
 
නව පන්නයේ බාධාවක් !
 
 
මේ වන විටත් ආන්දෝලනයට ලක් වී ඇති ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත විනාශ කිරීමේ සිදුවීම පුරවැසියාට හිමි තොරතුරු අයිතියට සිදු කරන තාක්ෂණය පදනම් කරගත් නව පන්නයේ බාධාවක් බවත් එම නිවේදනයේ වැඩිදුරටත් පෙන්වා දේ.
  
පුරවැසියාට මූලික අයිතියක් ලෙස හිමි වී ඇති තොරතුරු දැනගැනීමේ අයිතිය සුරක්ෂිත කිරීම රජයේ අත්හළ නොහැකි වගකීමක් බැවින් මෙම දත්ත විනාශ කිරීමේ සිදු වීම සුළු කොට නොතැකිය යුතු බවත් ඒ සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් සිදු කරන ලෙසත් රාජ්‍ය අධිකාරීන්ගේ දත්ත සුරක්ෂිත කිරීම සඳහා වහා පියවර ගන්නා ලෙසත් තමන් රජයට බල කර සිටින බව එම නිවේදනය ඔස්සේ අවධාරණය කර ඇත. 
 
පුරවැසියාගේ තොරතුරු අයිතිය තහවුරු කිරීම වෙනුවෙන් මෙම විමර්ශන, තම සංවිධානය අවධානයෙන් නිරීක්ෂණය කරන බව ඔවුහු රජයට දන්වා සිටිති. 
 
 
 
 
THE LEADER TV 
 
ජනතාව ගහලා එලවන දිනය වැඩි ඈතක නෑ 
 
 
 
ඩලස්ට උඩින් මාධ්‍ය හසුරවන කෙරුමෙක් ! 
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

20 න් තොරතුරු කොමිසමට බලපෑම් ඇතිවේදැයි සැකයක් ! | The Leader