The Leader News
BREAKING
ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●
Top Ad
ක්‍රීඩා

ලෝක කුසලාන පන්දු යවන්නන්ට මාංචු දැමීමට මාන බලන පොලිස්කාරයා

T

The Leader Desk

June 5, 2024 • 11:36 AM

ලෝක කුසලාන පන්දු යවන්නන්ට මාංචු දැමීමට මාන බලන පොලිස්කාරයා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොටියා - The Tiger - යනුවෙන් නම පටබැඳුනු නේපාලයේ 24 හැවිරිදි පොලිස්කාරයෙකු වන ඩිපෙන්ද්‍රා සිං එරී (Dipendra Singh Airee)
  • පසුගිය සැප්තැම්බරයේදී මොන්ගෝලියාව ට එරෙහිව නේපාලය ලබා ගත් ලකුණු 273ක දැවැන්ත ජයග්‍රහණය මෙතෙක් පවත්වා තිබෙන සියළුම විස්සයි20 තරගවල වාර්තා වූ වැඩිම ලකුණු පරතරය යි.
  • ඒ ජයග්‍රහණයේ ඩිපෙන්ද්‍රාගේ විස්මයජනක කාර්යයට පන්දු 9කින් පමණක් ලබා ගත් වේගවත්ම T20 අර්ධ ශතකය ද ඇතුළත් වුනා.
  •   ඒ ජයග්‍රහණයේ ඩිපෙන්ද්‍රාගේ විස්මයජනක කාර්යයට පන්දු 9කින් පමණක් ලබා ගත් වේගවත්ම T20 අර්ධ ශතකය ද ඇතුළත් වුනා.
අකුරු ප්‍රමාණය (Font Size):

තමන් සතු වාර්තා බිඳ දැමීමේ පිතිහරඹ දක්ෂතාවන් මගින් තම රට විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ඉදිරියට ගෙන යාමට අපේක්ෂා කරනවා.

පසුගිය සැප්තැම්බරයේදී මොන්ගෝලියාව ට එරෙහිව නේපාලය ලබා ගත් ලකුණු 273ක දැවැන්ත ජයග්‍රහණය මෙතෙක් පවත්වා තිබෙන සියළුම විස්සයි20 තරගවල වාර්තා වූ වැඩිම ලකුණු පරතරය යි. ඒ ජයග්‍රහණයේ ඩිපෙන්ද්‍රාගේ විස්මයජනක කාර්යයට පන්දු 9කින් පමණක් ලබා ගත් වේගවත්ම T20 අර්ධ ශතකය ද ඇතුළත් වුනා.

 

KANDY, SRI LANKA - SEPTEMBER 4:  Dipendra Singh Airee of Nepal bats during the Asia Cup Group A match between India and Nepal at Pallekele International Cricket Stadium on September 4, 2023 in Kandy, Sri Lanka. (Photo by Surjeet Yadav/Getty Images)ඒ ජයග්‍රහණයේ ඩිපෙන්ද්‍රාගේ විස්මයජනක කාර්යයට පන්දු 9කින් පමණක් ලබා ගත් වේගවත්ම T20 අර්ධ ශතකය ද ඇතුළත් වුනා.

2023 ආසියානු ක්‍රීඩා උළෙලේදී මේ පිතිකරුවා මොන්ගෝලියානු කණ්ඩායමට එරෙහිව මුහුණ දුන් පළමු පන්දු හය ට ම හයේ පහරක් බැගින් එල්ල කරමින් මීට පෙර තිබූ පන්දු 12ක වේගවත්ම අර්ධ ශතක වාර්තාව මකා දැමීමට සමත් වුනා. අවසානයේ ඔහුගේ පන්දු 10කින් ලකුණු 52ක නොදැවුනු ඉනිමට හයේ පහර 8ක් ඇතුළත්ව තිබුනා. ඔහු විසින් බිඳ දමනු ලැබුවේ 2007 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී ඉන්දියාවේ යුව්රාජ් සිං එංගලන්තය ට එරෙහිව පන්දු 12කින් රැස් කළ වේගවත්ම අර්ධ ශතක වාර්තාව. 

අනතුරුව අප්‍රේල් මාසයේ කටාර් දේශයට එරෙහිව ඩිපෙන්ද්‍රා, විස්සයි20 ජාත්‍යන්තර තරගයක එක් ඔ්වරයකදී හයේ පහර 6ක් එල්ල කළ තෙවැනි පිතිකරුවා බවට පත්වුනා.

 



සුවිශේෂ පන්දු රකින්නකු ලෙස ද මේ ක්‍රීඩකයා ඔහුගේ දක්ෂතාවන් ප්‍රදර්ශනය කර තිබෙන්නේ දර්ශනීය අයුරින් උඩ පන්දු රැක ගනිමින් හා පිතිකරුවන් දුවද්දී දැවී යාමට හසුකර ගනිමින්. මෙවර ලෝක කුසලාන තරගාවලියේදී තමාගේ හිමාල කඳු රට ට ආඩම්බරයක් ගෙන ඒමට මේ ක්‍රීඩකයා බලාපොරොත්තු වනවා.

“නේපාල් කණ්ඩායම ජයග්‍රහණය කරවන්න මට කළ හැකි සියළු දේ මම කරනවා” යනුවෙන් ඩිපෙන්ද්‍රා සිං පවසනවා. “ඔවුන් මට කතා කරන්නේ ‘කොටියා’ කියලයි. එයින් මාව තවත් පොලඹවනවා. එයින් මගේ සියයට 110ක ක්‍රීඩාවක් කරන්න මා තුළ අවශ්‍යතාවක් ඇති කරනවා.”

නේපාලය 2024 T20 ලෝක කුසලාන තරගාවලියට පැමිණ සිටින්නේ ජගත් ක්‍රිකට් කවුන්සලයේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල අංක 17 ස්ථානයේ පසුවෙමින්. නමුත් සියල්ල වෙනස් කිරීමේ‌ හැකියාව ඩිපෙන්ද්‍රා ට තිබෙන බව නේපාලයේ ප්‍රධාන තේරීම් නිලධාරී ඩිපෙන්ද්‍රා චෝදරි (Dipendra Chaudhary) ප්‍රකාශ කරනවා.

 

dipendra singh airee 1“ඔවුන් මට කතා කරන්නේ ‘කොටියා’ කියලයි. එයින් මාව තවත් පොලඹවනවා. එයින් මගේ සියයට 110ක ක්‍රීඩාවක් කරන්න මා තුළ අවශ්‍යතාවක් ඇති කරනවා.”
“ඔහුගේ පිට-දඟ පන්දු යැවීම ඒ ආකාරයේ තිබෙන හොඳම පන්දු යැවීමක්. ඔහුගේ ශරීර සෞඛ්‍යය, ක්‍රීඩා ප්‍රතිපත්ති හා කණ්ඩායම් ජීවය කැපී පෙනෙනවා. අපි කවදා හරි ආපසු හැරී බලන විට, ඩිපෙන්ද්‍රා සිං නේපාල් ඉතිහාසයේ හොඳම ක්‍රීඩකයෙක් ලෙස සලකනු පෙනේවි” චෝදරි කියනවා. “ඔහුට ලොකු සහජ කුසලතාවක් තියෙනවා. වෙහෙස වී වැඩ කරනවා. ඔහු, ඔහුගේ ක්‍රීඩා දිවිය ඇරඹුවේ මඳ වේග පන්දු යවන්නෙක් විදියට. පිතිකරුවෙක් හා දැන් තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන ක්‍රීඩකයෙක් බවට ඔහු පත්වුනේ ඉන්පසුව යි.”

ලෝක කුසලාන තරගාවලියට යාමට හැකිවීම ගැන ඩිපෙන්ද්‍රා ට තිබෙන්නේ අප්‍රමාණ සතුටක්. පසුගිය ලෝක කුසලාන තරගාවලිය ඔහු නරඹා තිබෙන්නේ නේපාලයේ වෙළද පොලක සවිකර තිබූ දැවැන්ත රූපවාහිනී තිරයකින්.

“අපි සුදුසුකම් ලැබුවම මම මගේ හද පත්ලෙන්ම ඇඬුවා” ඔහු කියනවා.

dip nepalඉතාමත් නිරහංකාර පුද්ගලයෙකු වන ඩිපෙන්ද්‍රා සිං එරී කතා කරන්නේ හරිම අඩුවෙන්.

 

නිහතමානී සහ මාධ්‍ය ඉදිරියේ පෙනී සිටීමට ලජ්ජාවක් දක්වන පුද්ගලයෙකු වන ඩිපෙන්ද්‍රා ප්‍රථම වතාවට ක්‍රීඩා කළේ 2016 වයස අවුරුදු 19න් පහල ලෝක කුසලාන තරගාවලියේ. ළබාල වියේ පටන් ම ඔහු නේපාල් ක්‍රිකට් ක්‍රමවේදයේ අවධානයට ලක්වුනා.

ඉතාමත් නිරහංකාර පුද්ගලයෙකු වන ඩිපෙන්ද්‍රා සිං එරී කතා කරන්නේ හරිම අඩුවෙන්. ඔහු වැඩි හරියක් කාලය ගත කරන්නේ ක්‍රීඩා පිටියේ. මේ පොලිස්කාරයාට තිබෙන්නේ ස්වභාවයෙන්ම පිහිටි කුලෑටි හැසිරීමක්.

 

warnan Gunasekara

සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ලෝක කුසලාන පන්දු යවන්නන්ට මාංචු දැමීමට මාන බලන පොලිස්කාරයා | The Leader