The Leader News
BREAKING
ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●
Top Ad
ක්‍රීඩා

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම බෲනායි තරග සංචාරයක

T

The Leader Desk

June 5, 2024 • 2:19 PM

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම බෲනායි තරග සංචාරයක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලබන වසරේ පැවැත්වීමට නියමිත දකුණු ආසියානු (සාෆ්) පාපන්දු ශූරතාවලියට සූදානම් වීමක් වශයෙන් ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම
  • බෲනායි හි ජූනි 8 සහ 11 යන දිනවල පැවැත්වෙන මේ FIFA තරග දෙකට සහභාගි වීම පිණිස 23 දෙනෙකුගෙන් සමන්විත ජාතික පාපන්දු කණ්ඩායම දැන් දිවයිනෙන් පිටත්ව ගොස් සිටිනවා.
  •   ශ්‍රී ලංකාව ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීමේ දැන් පසුවන්නේ 204 ස්ථානයේ.
  • මේ වසරේ දෙසැම්බර් මාසය අවසන් වන විට ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම 199 වැනි ස්ථානය දක්වා ඉහළට ගෙන එන බවට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් ප්‍රකාශ කර තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

බෲනායි කණ්ඩායම සමග ජාත්‍යන්තර මිත්‍ර තරග දෙකකට සහභාගි වනවා.

බෲනායි හි ජූනි 8 සහ 11 යන දිනවල පැවැත්වෙන මේ FIFA තරග දෙකට සහභාගි වීම පිණිස 23 දෙනෙකුගෙන් සමන්විත ජාතික පාපන්දු කණ්ඩායම දැන් දිවයිනෙන් පිටත්ව ගොස් සිටිනවා.

ශ්‍රී ලංකාව මේ තරග දෙක ම ජයග්‍රහණය කිරීමට සමත් වුවහොත්, ඔවුන් ජූලි/අගොස්තුවල සිදු කෙරෙන ලෝක ශ්‍රේණිගත කිරීම්වලදී ස්ථාන දෙකකින් ඉහළට පිවිසෙනවා.

 

umarශ්‍රී ලංකාව ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීමේ දැන් පසුවන්නේ 204 ස්ථානයේ. මේ වසරේ දෙසැම්බර් මාසය අවසන් වන විට ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම 199 වැනි ස්ථානය දක්වා ඉහළට ගෙන එන බවට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් ප්‍රකාශ කර තිබෙනවා. මේ උත්සාහයේ ඔහු සාර්ථක වුවහොත්, ශ්‍රී ලංකාව ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ අංක 200 ට ඉහළ ස්ථානයකට පිවිසෙනු ඇත්තේ වසර 7කට පසුව.

සුජාන් පෙරේරාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රධාන පුහුණුකරු ඇන්ඩෲ මොරිසන් යටතේ ධනාත්මක චිත්ත ධෛර්යයකින් සහ හොඳ සූදානමකින් පසුවන බවට වාර්තා වනවා.

විදේශීය ලීග් තරගාවලියන්ට ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයන් තිදෙනෙක් එම තරගවලදී තුවාල ලබා සිටින බැවින් බෲනායි තරගවලට සහභාගි වන්නේ නැහැ. Jason Thayaparan, Jack Hingert හා Claudio Kammerknecht එම ක්‍රීඩකයින්. සැප්තැම්බරයේදී එළඹෙන මීළඟ ශ්‍රේණිගත කිරීමේ තරග වෙනුවෙන් මේ ක්‍රීඩකයින් සූදානම්ව සිටිනු ඇතැයි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය පවසනවා.

බෲනායි හි පැවැත්වෙන තරග දෙක ම ආරම්භ වන්නේ ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 5.45 ට.

zsujan

ශ්‍රී ලංකා සංචිතය: සුජාන් පෙරේරා (නායක), වොරන්ද පෙරේරා, හර්ෂ ප්‍රනාන්දු, මොහමඩ් හස්මීර්, චලන චමීර, භාරත් සුරේෂ්, ජූඩ් සූපන්, රාහුල් සුරේෂ්, රිෆ්ඛාන් මොහමඩ්, ඔලිව කෙලාට්, වසීම් රසීක්, අනුජන් රාජේන්ද්‍රම්, අධාවන් රාජමෝහන්, වේඩ් ඩෙක, ඩිලන් ද සිල්වා, මොහමඩ් අමාන්, සකයාරඩ්ජි ස්ටීවන්, කවීශ් ප්‍රනාන්දු, ලියොන් පෙරේරා, මොහමඩ් මුර්සිත්, අසිකුර් රහුමාන්, ෂෙනාල් සන්දෙශ්, මොහමඩ් ආකිබ්. ප්‍රධාන පුහුණුකරු - ඇන්ඩෲ මොරිසන්.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...