The Leader News
BREAKING
ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●
Top Ad
ක්‍රීඩා

ඔලිම්පික් පාපන්දු තරගවලට පහර දීමේ සැලැස්මක් ව්‍යර්ථ කිරීමට ප්‍රංශය සමත් වෙයි

T

The Leader Desk

June 6, 2024 • 10:17 AM

ඔලිම්පික් පාපන්දු තරගවලට පහර දීමේ සැලැස්මක් ව්‍යර්ථ කිරීමට ප්‍රංශය සමත් වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පාපන්දු තරගවලට පහර දීමේ සැලසුමක් ප්‍රංශ ආරක්ෂක බලධාරීන් විසින් ව්‍යර්ථ කර තිබෙනවා.
  •   ප්‍රංශ අභ්‍යන්තර කටයුතු ඇමති Gerald Darmanin ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පාපන්දු තරග කිහිපයක් පැවැත්වෙන Geoffroy-Guichard ක්‍රීඩාංගණය ඉලක්ක කරගෙන ප්‍රහාරයක් එල්ල කිරීමට මේ පුද්ගලයා සැලසුම් කරමින් සිටි බව මූලික පරීක්ෂණවලින් හෙළි වී තිබෙනවා.
  • ප්‍රහාරය සැලසුම් කර තිබෙන්නේ නරඹන්නන් හා පොලිස් හමුදාවන් ඉලක්ක කරගෙන බව ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කරනවා.
  • පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙන්නේ, ඔලිම්පික් තරගවලට ප්‍රහාරයක් එල්ල කර, දිවි පිදූ වීරයෙක් ලෙස මිය යාමට මේ පුද්ගලයාට අවශ්‍යව තිබූ බව.
අකුරු ප්‍රමාණය (Font Size):


ප්‍රහාරය සැලසුම් කරමින් සිටි චෙච්නියාවේ 18 හැවිරිදි පුද්ගලයෙක් අභ්‍යන්තර ආරක්ෂක අංශය විසින් අත්අඩංගුවට ගත් බව ප්‍රංශ අභ්‍යන්තර කටයුතු ඇමති Gerald Darmanin පවසනවා.

ප්‍රංශයේ දකුණු පළාතේ නගරයක් වන Saint-Etienne හි පැවැත්වීමට නියමිත ඔලිම්පික් පාපන්දු තරගවලට ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා සැලසුම් කිරීමේ චෝදනාව මත මේ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

ප්‍රංශ අභ්‍යන්තර කටයුතු ඇමති Gerald Darmanin

ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පාපන්දු තරග කිහිපයක් පැවැත්වෙන Geoffroy-Guichard ක්‍රීඩාංගණය ඉලක්ක කරගෙන ප්‍රහාරයක් එල්ල කිරීමට මේ පුද්ගලයා සැලසුම් කරමින් සිටි බව මූලික පරීක්ෂණවලින් හෙළි වී තිබෙනවා. ප්‍රහාරය සැලසුම් කර තිබෙන්නේ නරඹන්නන් හා පොලිස් හමුදාවන් ඉලක්ක කරගෙන බව ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කරනවා. පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙන්නේ, ඔලිම්පික් තරගවලට ප්‍රහාරයක් එල්ල කර, දිවි පිදූ වීරයෙක් ලෙස මිය යාමට මේ පුද්ගලයාට අවශ්‍යව තිබූ බව.


ඉස්ලාමීය ප්‍රාන්ත කල්ලියේ (IS) ජිහාඩ් මතවාදය වෙනුවෙන් ප්‍රචණ්ඩ ක්‍රියාවක් සිදු කිරීමට සැලසුම් කිරීමේ චෝදනාව මත මේ පුද්ගලයාට නඩු පවරන බව ප්‍රංශය කියනවා.

 

2023 09 14Geoffroy-Guichard ක්‍රීඩාංගණය ඉලක්ක කරගෙන ප්‍රහාරයක් එල්ල කිරීමට මේ පුද්ගලයා සැලසුම් කරමින් සිටි බව මූලික පරීක්ෂණවලින් හෙළි වී තිබෙනවා. 

ජූලි 26 සිට අගෝස්තු 11 දක්වා දිවෙන පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පාපන්දු තරග ප්‍රංශය හරහා නගර කිහිපයකම පැවැත්වෙන අතර අවසාන මහා තරගය පැවැත්වීමට නියමිතව තිබෙන්නේ පැරිසියේ Stade de France ක්‍රීඩාංගණයේ.

මිලියන ගණන් ආගන්තුකයින් රට ට ආකර්ෂණය කර ගැනෙන පැරිස් ඔලිම්පික් හා පැරාලිම්පික් ක්‍රීඩා උළෙල වෙනුවෙන් ප්‍රංශය සිටින්නේ ඉහළ ම තලයේ ආරක්ෂක සුපරීක්ෂාවකින් යුතුව.

 

4391731 889962197ආගන්තුකයින් රට ට ආකර්ෂණය කර ගැනෙන පැරිස් ඔලිම්පික් හා පැරාලිම්පික් ක්‍රීඩා උළෙල වෙනුවෙන් ප්‍රංශය සිටින්නේ ඉහළ ම තලයේ ආරක්ෂක සුපරීක්ෂාවකින් යුතුව

ඔලිම්පික් පාපන්දු තරගාවලිය අරබයා විශේෂිත ආරක්ෂක තර්ජනයක් පිළිබදව අභ්‍යන්තර කටයුතු ඇමතිවරයා සඳහන් නොකළ ද, ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායම්, ප්‍රචණ්ඩ වාතාවරණයක් ඇති කරන සමාජ ක්‍රියාකාරීන්, අධි දක්ෂිණාංශික කල්ලි හා රුසියාවේ හෝ වෙනත් විරුද්ධවාදීන්ගේ සයිබ ප්‍රහාර ඇතුළු ප්‍රබල තර්ජන බොහොමයක් තිබෙන බව ඔහු පෙන්වා දෙනවා.

ලෝක නායකයන් 100කට වැඩි දෙනෙකුගේ සහභාගිත්වයෙන් සෙන් ගංගාවේ පෑවැත්වීමට නියමිත අසාමාන්‍ය ඔලිම්පික් සමාරම්භක උත්සවය වෙනුවෙන් වන විශේෂ ආරක්ෂක සෝදිසිය දැන් තිබෙන්නේ ඉතාමත් ඉහළ අඩියක. ගං ඉවුරේ සිට අතිවිශාල ජනකායක් බලා සිටියදී ඔලිම්පික් ක්‍රීඩකයින් රැගත් බෝට්ටු සෙන් නදියේ කිලෝ මීටර් හයක දුරක් පෙළපාලියේ යාම මේ සමාරම්භක උළෙලට පෙර නොවූ විරූ විශේෂත්වයක් එක්කර තිබෙනවා.


ආරක්ෂක තර්ජනය දැරිය නොහැකි තරම් ප්‍රබල තත්ත්වයකට පත්වුවහොත් ජූලි 26 වැනිදා සෙන් ගංගාවේ පැවැත්වීමට සැලසුම් කර තිබෙන ඔලිම්පික් සමාරම්භක උළෙල රටේ ජාතික ක්‍රීඩාංගණයට ගෙන යන බව ප්‍රංශ ජනාධිපතිවරයා අප්‍රේල් මාසයේදී ප්‍රකාශ කළා.

 

zen riverගං ඉවුරේ සිට අතිවිශාල ජනකායක් බලා සිටියදී ඔලිම්පික් ක්‍රීඩකයින් රැගත් බෝට්ටු සෙන් නදියේ කිලෝ මීටර් හයක දුරක් පෙළපාලියේ යාම


සටහන :

warnan Gunasekara
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...